Sunday, August 4, 2024

කවරෙක් නම් මේ ශාසනයෙහි උතුම් වන්නේ වේද ?

මේ ශාසනය තුල පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යාමාන වෙයි. ඒ සතර දෙනා නම්,

1. //නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය//

තමාගේ හිත පිනිස නොපිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

2. //පරහිතාය පටිපන්නො නො අත්තහිතාය//

අනුන්ගේ හිත පිනිස පිලිපදින, තමාගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

3. //අත්තහිතාය පටිපන්නො නො පරහිතාය//

තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

4. //අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච//

තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස පිලිපදින පුද්ගලයා.

මෙසේ වූ සතරක් පුද්ගලයින් අතුරෙන් බුදුරජාණන් වහන්සේ වඩාත් ගරුකොට සලකන්නේ තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිළිපන් පුද්ගලයායි. ඒ කුමක් නිසා ද යත්, එකී පුද්ගලයා ශාසන අභිවෘද්ධිය පිනිස පිළිපන් හෙයිනි.

භාග්‍යවතුන් වහන්සේ විසින්, තමාගේ යහපත පිනිස පමණක් පිලිපදින, අනුන්ගේ යහපත පිලිනොපදින පුද්ගලයා කෙ⁣රෙහි පොදුවේ දක්වන අනුකම්පාව දක්වන නමුත් විශේෂ සැලකීමක් නොමැත. එනමුත් එකී පුද්ගලයා තමාගේ හිත පිනිස පිලි නොපදින පුද්ගලයන්ට වඩා උසස් බව ද දේශනා කර තිබේ.

එහිදී බුදුරජාණන් වහන්සේ අග්‍රම පුද්ගලයා ලෙස තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිලිපදින පුද්ගලයා දැක්වීමට හේතුව විමසා සිටිමු.

ඡවාලාත සූත්‍රය තුල මෙසේ දැක්වේ.

//තත්‍ර, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.

සෙය්‍යථාපි, භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩො  තත්ථ  අග්ගමක්ඛායති; එවමෙවං ඛො, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.//

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.

මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ. (ජයන්ති පරිවර්තනය)

එහි අටුවාව මෙසේය.

//යො පන සයං දසන්නං කථාවත්ථූනං ලාභී, පරම්පි තෙහි ඔවදති, අයං අත්තහිතාය චෙව පරහිතාය ච පටිපන්නො නාම සාරිපුත්තමොග්ගල්ලානමහාකස්සපාදයො අසීතිමහාථෙරා විය, එවරූපං භික්ඛුං පුච්ඡති. කස්මා? මය්හං සාසනස්ස වුඩ්ඪිපක්ඛෙ ඨිතොති.//

යමෙක් වනාහී තමා දස කථා වස්තු ලාභියකු වෙයි ද, අනුන්ට ද ඒවායින් අවවාද කරයි, මෙතෙමේ තමාගේ හිත පිනිස ද අනුන්ගේ හිත පිනිස ද පිලිපන්නා වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහාකාශ්‍යප ආදී අසූ මහා තෙරුන් වහන්සේලා මෙනි. එබඳු භික්ෂුව ගැන විමසයි. කවරක් හෙයින් ද? මාගේ ශාසනයෙහි වෘද්ධි පක්ෂයේ සිටියේය යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වඩාත් ගරුකොට සලකන්නේ ශාසනයෙහි වෘද්ධිය පිනිස කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලා පිලිබඳවයි. 

තමාගේ නිවන පමණක් සිතනා භික්ෂූන් වහන්සේලාට වෙනසකින් තොරව අනුග්‍රහ කරන නමුත, උන්වහන්සේලාගේ නිවනට උපකාර වන්නේ තමා ද නිවන් දැක අනුන්ගේ නිවනට ද උපකාර වන භික්ෂූන් වහන්සේලා වන බැවින්, එහිලා එබඳු භික්ෂූන් වහන්සේලාට ස්වභාවයෙන්ම ගෞරවය හිමි වන්නේමය.

එබැවින් උත්තම පුද්ගලයකු වන කැමැත්තහු විසින් තමාගේත් අනුන්ගේත් නිවන පිනිස පිලිපැදිය යුතුය. උසස් වන්නේ එයයි.




බුද්ධ දේශනාව සහ අත්තනෝමත.

සර්වඥ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව තමන් වහන්සේ අවබෝධ කල ධර්මයෙන් ඉතා ස්වල්ප කොටසක් නිවන පිණිස දේශනා කල සේක. නිවනට උපකාර නොවන ඇති බහුතරය දේශනා නොකළ සේක.

ඒ බුදුරජාණන්වහන්සේ දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන ක්‍රම හතර මූලික කරගෙන ධර්ම විනය, දේශනා කර, පනවා වදාළ සේක. ඒ ඔස්සේ සිතා විමසා දුකින් එතෙර වන ලෙස මග පෙන්වූ සේක. සසරට මග නොපෙන්වූ සේක.

බුදුරජාණන්වහන්සේ විසින් තමන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයන්ට කටයුතු කල යුතු අකාරය විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා ඇත. එහි ප්‍රධාන අනුශාසනාව නම්,

//සො ‘ඉදං දුක්‌ඛ’න්‌ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛසමුදයො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යොනිසො මනසි කරොති. තස්‌ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්‌ති – සක්‌කායදිට්‌ඨි, විචිකිච්‌ඡා, සීලබ්‌බතපරාමාසො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, ආසවා දස්‌සනා පහාතබ්‌බා.//

යන ආකාරයට සබ්බාසව සූත්‍රය තුල දේශනා කල පරිදි චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කිරීමයි.

එසේ දේශනා කර තිබියදී යම් යම් පුද්ගලයින් හා යම් යම් පිරිස් විසින් ධර්මය පිළිබඳව තමාට හිතෙන දේ පවසනු දක්නට ලැබේ. සැබැවින්ම එය නිසි පරිදි තෙරුවන් සරණ නොගිය පුද්ගලයන්ගේ ස්වභාවයකි. නිසි පරිදි සරණ ගියේ නම්,

//සත්‌ථා මෙ, භන්‌තෙ, භගවා, සාවකොහමස්‌මි// යනාදී වශයෙන් ශාස්තෘන් වහන්සේම ගරුකොට කටයුතු කරන සේක.

එසේම, 

//භගවංමූලකා නො, භන්‌තෙ, ධම්‌මා, භගවංනෙත්‌තිකා, භගවංපටිසරණා. සාධු වත, භන්‌තෙ, භගවන්‌තඤ්‌ඤෙව පටිභාතු එතස්‌ස භාසිතස්‌ස අත්‌ථො; භගවතො සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’’ති//

යනාදී ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ පිහිට පිළිසරණ කොට කටයුතු කරන්නේය.

එබැවින් බුද්ධ දේශනාව පිලිබඳ යම් ගැටලුවක් ඇති අවස්ථාවක දී, එකී ගැටලුව පිලිබඳ අර්ථ විමසිය යුත්තේ බුදුරජාණන්වහන්සේ මූලික කොට ගෙන මිසෙක කුමන හෝ ආකාරයක පුද්ගලයෙක් හෝ පුද්ගල පිරිසක් දරන මතය අනුව නොවේය. 

එවැනි තැන්වල දී කටයුතු කල යුතු ආකාරය සතර මහාපදේස තුලදේ බුදුරජාණන්වහන්සේ මනාව පෙන්වා වදාළ සේක. ඒ සතර මහා පදේස පහත සේ දත යුතුය.

//ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘සම්‌මුඛා මෙතං, ආවුසො, භගවතො සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ- 

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සඞ්‌ඝො විහරති සථෙරො සපාමොක්‌ඛො. තස්‌ස මෙ සඞ්‌ඝස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ- 

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සම්‌බහුලා ථෙරා භික්‌ඛූ විහරන්‌ති බහුස්‌සුතා ආගතාගමා ධම්‌මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති. -පෙ-

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ එකො ථෙරො භික්‌ඛු විහරති බහුස්‌සුතො ආගතාගමො ධම්‌මධරො විනයධරො මාතිකාධරො. තස්‌ස මෙ ථෙරස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති//

බුදුරජාණන්වහන්සේගෙන් අසාගත්තේ යැයි කීවද, සංඝයාගෙන් අසාගත්තේ යැයි කීවද, බොහෝ තෙරුන්ගෙන් අසා ගත්තේ යැයි කීවද, එක් තෙරුන් වහන්සේ නමකගෙන් අසා ගත්තේ යැයි කීවද, ඒ ධර්ම විනය සම්බන්ධ කාරණාව පිළිබඳව සතුටු ද නොවී, ප්‍රතික්ෂේප ද නොකර, එකී කාරණා මැනවින් හදාරා, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනය හා සංසන්දනය කල යුතුය.

එබැවින් 

//සංසාරය අනන්තය, ඒ නිසා බුදුරජාණන්වහන්සේ සියල්ල දන්නේ නැත. අවශ්‍ය නම් විමසා දැනගන්නේය// ආදී වශයෙන් හෝ 

// අනන්තයක් රහිත යැයි මුලින්ම පහල වූ නාමරූප ධර්ම ඇතැයි ගතහොත්,

ප්රත්ය බැහැර කරමින් අහේතුකවාදී වීමට සිදුවේ.

කර්මය බැහැර කරමින් අකිරියාවාදි වීමට සිදුවේ.

ඔහුට චතුරාර්ය සත්ය ප්රතික්ෂේප කිරීමට සිදුවේ.

ඔහුට පටිච්චසමුප්පාද දේශනාවම ප්රතික්ෂේප කිරීමට සිදුවේ.

ඔහුට අනන්තර ප්රත්ය ඇතුලත් පට්ඨාන දේශනාව ද ප්රතික්ෂේප කිරීමට සිදුවේ.//

යනාදී වශයෙන් හෝ මතයක් ආ කල්හි, පළමුව එකී මත විමසා දරා ගෙන, සූත්‍රයෙහි බහා විනයෙහි සසඳා අර්ථ විමසිය යුතුය. 

ඉදින් ධර්ම විනය හා සැසඳේ නම් පිළිගත යුතය. නොමැත්තේ නම් ප්‍රතික්ෂේප කල යුතුය.

එහිදී සුත්‌තං, සුත්‌තානුලොමං, ආචරියවාදො, අත්‌තනොමති යන මේ සතර දත යුතුය. 

එහි,

1. සුත්‌තං නාම තිස්‌සො සඞ්‌ගීතියො ආරුළ්‌හානි තීණි පිටකානි. 

          සූත්‍රය යනු සංගායනාවට නැංවූ ත්‍රිපිටකයයි.

2. සුත්‌තානුලොමං නාම මහාපදෙසා, යං ‘‘අනුලොමකප්‌පිය’’න්‌ති වුච්‌චති.

          සුත්තානුලෝමය නම් “අනුලෝම දේ කැප වන්නේය” යනාදී සතර මහා පදේසයයි.

3. ආචරියවාදො නාම අට්‌ඨකථා. 

          ආචරිය වාදය නම් අට්ඨකථාවයි.

4. අත්‌තනොමති නාම නයග්‌ගාහෙන අනුබුද්‌ධියා අත්‌තනො පටිභානං. 

          අත්තනෝමතය නම් න්‍යාය අනුව ගත් තමාගේ වැටහීමයි.

එහි සූත්‍රය බැහැර කල නොහැකිය. එය බැහැර කිරීමෙන් ශාස්තෘන් වහන්සේම බැහැර කළා වේ. අනුලෝම කප්පිය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අචාර්ය වාදය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අත්තනෝමතය ද එසේය. එය සියල්ලට වඩා දුර්වලය.

ඉදින් සාකච්චාවක් පවතින්නේ නම්, පෙල සමග ගලපා තීරණ ගත යුතුය. අත්තනෝමතය අනුව නොගත යුතුය. සාකච්චා කල යුත්තේ එසේය. 

ඉදින් අත්තනෝමතයෙන් තර්ක කරන්නේ නම්, එයට පෙල අටුවා සාධක පෙන්වා සිටිය යුතුය. නොමැත්තේ නම් එය පාණ්ඩිත්‍ය සාකච්චාවක් නොවන්නේය. පාණ්ඩිත්‍ය නොවන සාකච්චා කුමටද? එය හිස් වූවක් මය.




සර්වඥතා ඤාණය සහ අනන්ත වීම.

ප්‍රඥාවන්තයින්ට පමණක් විශය වනවා යැයි කියන නිසා පාලිය විතරක් දැම්මා. සිංහල විස්තර අන්තිමට.

කතමං තථාගතස්‌ස සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං? 

සබ්‌බං සඞ්‌ඛතමසඞ්‌ඛතං අනවසෙසං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං 

අතීතං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. අනාගතං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. පච්‌චුප්‌පන්‌නං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

චක්‌ඛු චෙව රූපා ච, එවං තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. සොතඤ්‌චෙව සද්‌දා ච…පෙ.… ඝානඤ්‌චෙව ගන්‌ධා ච… ජිව්‌හා චෙව රසා ච… කායො චෙව ඵොට්‌ඨබ්‌බා ච… මනො චෙව ධම්‌මා ච, එවං තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා රූපස්‌ස අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා වෙදනාය…පෙ.… යාවතා සඤ්‌ඤාය…පෙ.… යාවතා සඞ්‌ඛාරානං…පෙ.… යාවතා විඤ්‌ඤාණස්‌ස …පෙ.… යාවතා චක්‌ඛුස්‌ස…පෙ.… ජරාමරණස්‌ස අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අභිඤ්‌ඤාය අභිඤ්‌ඤට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා පරිඤ්‌ඤාය පරිඤ්‌ඤට්‌ඨං…පෙ.… යාවතා පහානස්‌ස [පහානාය (ස්‍යා.)] පහානට්‌ඨං…පෙ.… යාවතා භාවනාය භාවනට්‌ඨං…පෙ.… යාවතා සච්‌ඡිකිරියාය සච්‌ඡිකිරියට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඛන්‌ධානං ඛන්‌ධට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා ධාතූනං ධාතුට්‌ඨං…පෙ.… යාවතා ආයතනානං ආයතනට්‌ඨං…පෙ.… යාවතා සඞ්‌ඛතානං සඞ්‌ඛතට්‌ඨං…පෙ.… යාවතා අසඞ්‌ඛතස්‌ස අසඞ්‌ඛතට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා කුසලෙ ධම්‌මෙ, සබ්‌බං [සබ්‌බෙ (අට්‌ඨකථා)] ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා අකුසලෙ ධම්‌මෙ…පෙ.… යාවතා අබ්‍යාකතෙ ධම්‌මෙ… යාවතා කාමාවචරෙ ධම්‌මෙ… යාවතා රූපාවචරෙ ධම්‌මෙ… යාවතා අරූපාවචරෙ ධම්‌මෙ… යාවතා අපරියාපන්‌නෙ ධම්‌මෙ, සබ්‌බං [සබ්‌බෙ (අට්‌ඨකථා)] ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සමුදයස්‌ස සමුදයට්‌ඨං…පෙ.… යාවතා නිරොධස්‌ස නිරොධට්‌ඨං…පෙ.… යාවතා මග්‌ගස්‌ස මග්‌ගට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අත්‌ථපටිසම්‌භිදාය අත්‌ථපටිසම්‌භිදට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා ධම්‌මපටිසම්‌භිදාය ධම්‌මපටිසම්‌භිදට්‌ඨං…පෙ.… යාවතා නිරුත්‌තිපටිසම්‌භිදාය නිරුත්‌තිපටිසම්‌භිදට්‌ඨං…පෙ.… යාවතා පටිභානපටිසම්‌භිදාය පටිභානපටිසම්‌භිදට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඉන්‌ද්‍රියපරොපරියත්‌තඤාණං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සත්‌තානං ආසයානුසයෙ ඤාණං…පෙ.… යාවතා යමකපාටිහීරෙ ඤාණං…පෙ.… යාවතා මහාකරුණාසමාපත්‌තියා ඤාණං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය දිට්‌ඨං සුතං මුතං විඤ්‌ඤාතං පත්‌තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

න තස්‌ස අද්‌දිට්‌ඨමිධත්‌ථි කිඤ්‌චි, අථො අවිඤ්‌ඤාතමජානිතබ්‌බං.

සබ්‌බං අභිඤ්‌ඤාසි යදත්‌ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්‌තචක්‌ඛූති [මහානි. 156; චූළනි. මොඝරාජමාණවපුච්‌ඡානිද්‌දෙස 85].

සමන්‌තචක්‌ඛූති කෙනට්‌ඨෙන සමන්‌තචක්‌ඛු? චුද්‌දස බුද්‌ධඤාණානි. දුක්‌ඛෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං බුද්‌ධඤාණං, අත්‌ථපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, ධම්‌මපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, නිරුත්‌තිපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, පටිභානපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, ඉන්‌ද්‍රියපරොපරියත්‌තෙ ඤාණං බුද්‌ධඤාණං, සත්‌තානං ආසයානුසයෙ ඤාණං බුද්‌ධඤාණං, යමකපාටිහීරෙ ඤාණං බුද්‌ධඤාණං, මහාකරුණාසමාපත්‌තියා ඤාණං බුද්‌ධඤාණං, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං බුද්‌ධඤාණං, අනාවරණඤාණං බුද්‌ධඤාණං – ඉමානි චුද්‌දස බුද්‌ධඤාණානි. ඉමෙසං චුද්‌දසන්‌නං බුද්‌ධඤාණානං අට්‌ඨ ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි.

යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨො, සබ්‌බො ඤාතො; අඤ්‌ඤාතො දුක්‌ඛට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨො, සබ්‌බො ඤාතො, සබ්‌බො දිට්‌ඨො, සබ්‌බො විදිතො, සබ්‌බො සච්‌ඡිකතො, සබ්‌බො ඵස්‌සිතො පඤ්‌ඤාය; අඵස්‌සිතො පඤ්‌ඤාය දුක්‌ඛට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සමුදයස්‌ස සමුදයට්‌ඨො…පෙ.… යාවතා නිරොධස්‌ස නිරොධට්‌ඨො… යාවතා මග්‌ගස්‌ස මග්‌ගට්‌ඨො…පෙ.… යාවතා අත්‌ථපටිසම්‌භිදාය අත්‌ථපටිසම්‌භිදට්‌ඨො… යාවතා ධම්‌මපටිසම්‌භිදාය ධම්‌මපටිසම්‌භිදට්‌ඨො… යාවතා නිරුත්‌තිපටිසම්‌භිදාය නිරුත්‌තිපටිසම්‌භිදට්‌ඨො… යාවතා පටිභානපටිසම්‌භිදාය පටිභානපටිසම්‌භිදට්‌ඨො, සබ්‌බො ඤාතො, සබ්‌බො දිට්‌ඨො, සබ්‌බො විදිතො, සබ්‌බො සච්‌ඡිකතො, සබ්‌බො ඵස්‌සිතො පඤ්‌ඤාය; අඵස්‌සිතො පඤ්‌ඤාය පටිභානපටිසම්‌භිදට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඉන්‌ද්‍රියපරොපරියත්‌තඤාණං…පෙ.… යාවතා සත්‌තානං ආසයානුසයෙ ඤාණං… යාවතා යමකපාටිහීරෙ ඤාණං… යාවතා මහාකරුණාසමාපත්‌තියා ඤාණං; සබ්‌බ ඤාතං, සබ්‌බං දිට්‌ඨං, සබ්‌බං විදිතං, සබ්‌බං සච්‌ඡිකතං, සබ්‌බං ඵස්‌සිතං පඤ්‌ඤාය; අඵස්‌සිතං පඤ්‌ඤාය මහාකරුණාසමාපත්‌තියා ඤාණං නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය දිට්‌ඨං සුතං මුතං විඤ්‌ඤාතං පත්‌තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්‌බං ඤාතං, සබ්‌බං දිට්‌ඨං, සබ්‌බං විදිතං, සබ්‌බං සච්‌ඡිකතං, සබ්‌බං ඵස්‌සිතං පඤ්‌ඤාය; අඵස්‌සිතං පඤ්‌ඤාය නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

න තස්‌ස අද්‌දිට්‌ඨමිධත්‌ථි කිඤ්‌චි, අථො අවිඤ්‌ඤාතමජානිතබ්‌බං;

සබ්‌බං අභිඤ්‌ඤාසි යදත්‌ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්‌තචක්‌ඛූති.

සබ්‌බඤ්‌ඤුතඤාණනිද්‌දෙසො තෙසත්‌තතිමො. (පටිසම්භිදාමග්ගප්‍රකරණය)

.........................................................................

මේකේ පටන් ගන්න තැනම මේ පාඨය තියෙනවා. 

//කතමං තථාගතස්‌ස සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං? 

සබ්‌බං සඞ්‌ඛතමසඞ්‌ඛතං අනවසෙසං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං//

අනවසේසං කියන්නේ ශේෂ නැතිව. ඉතිරි නැතිව. 

සබ්බං කියන්නේ සියල්ල. මොකක්ද? සියල්ල.

සඞ්‌ඛතමසඞ්‌ඛතං කියන්නේ සංඛත අසංඛත.

ජානාති කියන්නේ දන්නවා කියන එක.

එතකොට මේකේ තේරුම වෙන්නේ,

ඉතිරි නැතිව සංඛත අසංඛත සියල්ල දන්නවා කියන එක. 

මෙහෙම දේශනා කලේ ප්‍රඥාවන්තයින් අතර අගතැන් පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. 

ඒ කියන්නේ මොක අනන්ත උනත් ඤාණයත් ඒ තරමටම අනන්තයි. එතකොට අනන්තය බුදු රජාණන්වහන්සේ ළඟ ශුන්‍යයි.

ඒ නිසා පෘතජ්ජන මෝඩයෝ පිල් බෙදිලා මරාගන්නේ නැතිව, බුද්ධ වචනය හරියට ඉගෙන ගනිව්.





අනිච්ච යනු කුමක්ද?

අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙස අර්ථ දැක්වීම සාවද්‍ය බව පවසමින්, ත්‍රිපිටක බුද්ධ වචනයට නව අර්ථකථන ඉදිරිපත් කිරීම සමාජගත වී බොහෝ කාලයක් ගතවී තිබේ. ඒ කාලය තුල අනිච්ච සහ අනිත්‍ය යන පද හා ඒවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිලිබඳ බොහෝ ලිපි ලියවී තිබෙන නමුත්, එකී අර්ථ ප්‍රකාශන ධර්ම විකෘති වලට බලපෑම් කිරීමට තරම් සාර්ථකව ඉදිරිපත් නොවීය. ඒ හේතුවෙන් ධර්ම විකෘතීන් නිදහසේ සමාජය තුල විසිරී පැතිරී ගියේය.

ඒ පිළිබඳව නැවතත් අධ්‍යයනය කිරීමේදී වැටහී ගිය කාරණාවක් වන්නේ අනිච්ච අර්ථ විකෘතිය සිදුව ඇත්තේ හුදු ලෞකික අර්ථයෙන් පමණක් දුක්ඛ ආර්ය සත්‍යය දෙස බැලීම නිසාවෙන් බවයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳව පරමාර්ථ වශයෙන් විමසීමට හැකියාව නොමැතිව, තම තමන්ගේ පටු ලෞකික අදහස් අනුව ධර්මය විමසීමට යාම හේතුවෙන් ආර්ය සත්‍ය පිලිබඳ ගාම්භීර අර්ථ ගිලිහී ගොස් තිබේ.

තවදුරටත් සරලව පවසනවා නම් දුක්ඛ ආර්ය සත්‍යය යනු දුක්ඛ වේදනාව පිලිබඳ විග්‍රහයක් ලෙස එකී ධර්ම විකෘතික පිරිස් හඳුන්වා දී තිබේ. සැබවින්ම එය එසේ වටහාගත හැක්කක් නොවන බව ඉඳුරාම වටහා ගත යුතුය.

අනිච්ච අර්ථ විකෘති කල ඇතැමෙක් පවසන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන බවයි. ඒ පිළිබඳව වහරක මතධාරියකු පවසා සිටියේ පහත පරිදිය.

..........................................................

//සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි.//

..........................................................

අනිච්ච යනු සමුදය යැයි පැවසීමට හේතු කොටගෙන ඇත්තේ අනිච්චසඤ්ඤා සහ සමාධිභාවනා සූත්‍ර අර්ථ වරදවා වටහා ගැනීමයි. ඒ සූත්‍ර මෙසේයි.

..........................................................

//‘‘අනිච්‌චසඤ්‌ඤා, භික්‌ඛවෙ, භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති’’.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ කස්‌සකො මහානඞ්‌ගලෙන කසන්‌තො සබ්‌බානි මූලසන්‌තානකානි සම්‌පදාලෙන්‌තො කසති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, පබ්‌බජලායකො පබ්‌බජං ලායිත්‌වා අග්‌ගෙ ගහෙත්‌වා ඔධුනාති නිද්‌ධුනාති නිච්‌ඡොටෙති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, අම්‌බපිණ්‌ඩියා වණ්‌ටච්‌ඡින්‌නාය යානි තත්‌ථ අම්‌බානි වණ්‌ටපටිබන්‌ධානි සබ්‌බානි තානි තදන්‌වයානි භවන්‌ති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, කූටාගාරස්‌ස යා කාචි ගොපානසියො සබ්‌බා තා කූටඞ්‌ගමා කූටනින්‌නා කූටසමොසරණා, කූටං තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි මූලගන්‌ධා කාළානුසාරිගන්‌ධො තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි සාරගන්‌ධා, ලොහිතචන්‌දනං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි පුප්‌ඵගන්‌ධා, වස්‌සිකං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි කුඩ්‌ඩරාජානො, සබ්‌බෙතෙ රඤ්‌ඤො චක්‌කවත්‌තිස්‌ස අනුයන්‌තා භවන්‌ති, රාජා තෙසං චක්‌කවත්‌ති අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යා කාචි තාරකරූපානං පභා, සබ්‌බා තා චන්‌දිමප්‌පභාය කලං නාග්‌ඝන්‌ති සොළසිං, චන්‌දප්‌පභා තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ විද්‌ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්‌චො නතං අබ්‌භුස්‌සක්‌කමානො, සබ්‌බං ආකාසගතං තමගතං අභිවිහච්‌ච භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති. (අනිච්චසඤ්ඤාසූත්‍රය) //

// ‘‘චතස්‌සො ඉමා, භික්‌ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්‌සො? අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු විවිච්‌චෙව කාමෙහි… චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු ආලොකසඤ්‌ඤං මනසි කරොති, දිවාසඤ්‌ඤං අධිට්‌ඨාති – යථා දිවා තථා රත්‌තිං, යථා රත්‌තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්‌ධෙන සප්‌පභාසං චිත්‌තං භාවෙති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති; විදිතා සඤ්‌ඤා…පෙ.… විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති. ඉමා ඛො, භික්‌ඛවෙ, චතස්‌සො සමාධිභාවනා. 

ඉදඤ්‌ච පන මෙතං, භික්‌ඛවෙ, සන්‌ධාය භාසිතං පාරායනෙ පුණ්‌ණකපඤ්‌හෙ –

‘‘සඞ්‌ඛාය ලොකස්‌මිං පරොපරානි,

යස්‌සිඤ්‌ජිතං නත්‌ථි කුහිඤ්‌චි ලොකෙ;

සන්‌තො විධූමො අනීඝො නිරාසො,

අතාරි සො ජාතිජරන්‌ති බ්‍රූමී’’ති (සමාධිභාවනා සූත්‍රය)//

..........................................................

එකී සූත්‍ර දෙකෙහි දැක්වෙන උදයබ්බය හෙවත් සමුදය අත්‌ථඞ්‌ගමය යන පද දෙකෙහි අර්ථ විපරීත කරගැනීම හේතුවෙන් //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන දුර්මතය ඇතිවී තිබේ. එකී දුර්මතය දුර්මතයක් වනේ කෙසේද යන්න පහත සේ දත යුතුය.

අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි අනිච්චසඤ්ඤාව වඩන ආකාරය මෙසේ විස්තර කර තිබේ. 

//‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? 

‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – 

එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති.//

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය යනු කුමක්දැයි දැන ඒ එක් එක් ස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම, අනිච්ච සඤ්ඤාව වේ. ඒ ස්කන්ධයන් පිලිබඳ සමුදය හා අත්‌ථඞ්‌ගමය නැවත නැවත මෙනෙහි කිරීම අනිච්චසඤ්ඤාව වැඩීම නම් වේ.

එබැවින් පැහැදිලිවම දත යුත්තේ, පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම අනිච්චසඤ්ඤාව වනවා මිසක, “සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි” යන කතාව එකී සූත්‍රයෙන් විස්තර නොකෙරේ.

නැවත ද පවසන්නේ අනිච්චසඤ්ඤාව යනු සමුදය හා අත්‌ථඞ්‌ගමය යන දෙකම දැකීමයි.

ඉන් අනතුරුව සමාධිභාවනා සූත්‍රයෙහි විස්තරය විමසා සිටිමු. 

//‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘

ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. 

අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති//

ඉහත අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම ලෙස විස්තර කරන ලද්ද සමාධි භාවනා සූත්‍රය තුල උදයබ්‌බයානුපස්‌සනාව ලෙස විස්තර කෙරේ. එබැවින් උදයබ්‌බයානුපස්‌සනාව යනු අනිච්චසඤ්ඤාවම වන අතර එය පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම වේ. ඒ විනා //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන හිස් තර්කය මින් පිළිබිඹු නොකෙරේ.

ඉහත සූත්‍ර අර්ථ දෙස බලන කල පැහැදිලිවම පෙනෙන කාරණාවක් වන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන්නේයැයි පවසනා පුද්ගලයින් යනු සූත්‍රයක් හෝ කියවා අර්ථ ගැනීමට නොහැකි තරම් දුර්වල පිරිසක් බවයි.

ඉන් අනතුරුව “අනිච්ච” යන්නෙන් “සමුදය” යන අර්ථය හා “නිච්ච” යන්නෙන් “නිරෝධය/අත්ථගමය” යන අර්ථය ලැබෙන්නේද යන්න විමසා සිටිමු.

//“තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? 

අනිච්චං, භන්තෙ. 

යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?

දුක්ඛං, භන්තෙ.

යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං – එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? 

නො හෙතං, භන්තෙ. 

වෙදනා..., සඤ්ඤා..., සඞ්ඛාරා..., විඤ්ඤාණං... -පෙ- "//

මෙහි “රූපං නිච්චං වා අනිච්චං වා” (රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ) යන පාඨයෙහි “රූපං නිච්චං” ලෙස හෝ “රූපං අනිච්චං” ලෙස ගත් විට එය නපුංසක ලිංග ලෙස වරනැගේ. එබැවින් “රූපං” ලෙස යෙදේ. එහි සිංහල අර්ථය නම් රූපය යන්නයි.

..........................................................

එකී රූපං යන පදය අනිච්චං සමග යෙදෙන විට, අනිච්ච යනු සමුදය යන අර්ථය නම්, 

රූපං අනිච්චං = රූපය සමුදය වේ යන අර්ථයයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා සමුදය වේ, සඤ්ඤා සමුදය වේ, සංඛාර සමුදය වේ, විඤ්ඤාණය සමුදය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය කුමක් ද?

..........................................................

ඉදින් අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය නම්,

රූපං අනිච්චං = රූපය අනිත්‍ය වේ යන අර්ථයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා අනිත්‍ය වේ, සඤ්ඤා අනිත්‍ය වේ, සංඛාර අනිත්‍ය වේ, විඤ්ඤාණය අනිත්‍ය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය සුගමය.

..........................................................

ඉදින් නිච්ච යනු නිරෝධය/අත්ථගමය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිරෝධය/අත්ථගමය වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිරෝධය/අත්ථගමය වේ, සඤ්ඤා නිරෝධය/අත්ථගමය වේ, සංඛාර නිරෝධය/අත්ථගමය වේ, විඤ්ඤාණය නිරෝධය/අත්ථගමය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථයක් නැත.

..........................................................

ඉදින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිත්‍ය  වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිත්‍ය  වේ, සඤ්ඤා නිත්‍ය  වේ, සංඛාර නිත්‍ය  වේ, විඤ්ඤාණය නිත්‍ය  වේ යනුවෙන් යෙදිය යුතුය. එය ව්‍යාකරණානුකූල වේ. නමුත් සිදු නොවේ.

..........................................................

ඉහත උදාහරණ දෙස බැලීමේදී සමුදය යනාදී පද යෙදූ විට සූත්‍ර අර්ථය විකෘති වේ. රූපස්ස සමුදයො මිස රූපං සමුදයො ආදී ලෙස නොයෙදේ. එබැවින් අනිච්ච යනු සමුදය යැයි ගැනීම විකෘතියකි.

තවද උදාහරණයක් සලකා බලන්නේ නම්,

"තස්මා හි යාගුං අලමෙව දාතුං - නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන

දිබ්බානි වා පත්ථයතා සුඛානි - මනුස්සසොභග්‍යතමිච්ඡතා වාති."

(භෙසජ්ජක්ඛන්ධකය)

මනුෂ්‍ය හෝ දිව්‍ය සැප කැමැත්තහු විසින් කැඳ දානය නිරතුරු දිය යුතු බව එකී ගාථාවෙන් කියැවේ. එහි නිරතුරු යන අර්ථය ගෙන දෙන්නේ නිච්ච යන පදයෙනි. නිරතුරු යනු නිත්‍ය යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය දෙන පදයක් බව බුද්ධ දේශනාව අනුව දත යුතුය.

තවද,

"ඵලානමිව පක්කානං - නිච්චං පතනතො භයං

එවං ජාතාන මච්චානං - නිච්චං මරණතො භයං." 

(මූගපක්ඛ ජාතකය)

ඉදුණු ගෙඩි වැටෙන්නේය යන බිය නිරතුරු පවතින්නා සේ, උපන්නා වූ මනුෂ්‍යයාට මරණයෙන් බිය නිරතුරු පවතින්නේය. 

එහිදී ද නිච්ච යන්නෙන් නිරතුරු යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය බව දත යුතුය.

මේ අනුව නිච්ච යනු නිත්‍ය යන අර්ථය ද, අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය ද ගෙන දෙන පද දෙකක් මිසෙක, කිසදු විටක //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන විපරීත අර්ථය ගෙන නොදෙන බව ඉඳුරාම දත යුතුය.

සියලු සත්වයෝ නිවනින් සැනසේවා...!!!




ගිහියා හා සංඝරත්නය 03

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි මතුව ඇති තර්කය සම්බන්ධව ලිපි දෙකක් පල කලෙමු. එහි පළමුවැන්නෙන් ගිහියා සංඝරත්නයට අයත් නොවන බව සකාරණව පෙන්වා දුන් අතර දෙවැන්නෙන් සෝභේති යනු “එයට අයත් වේ” යන අර්ථය ලබා නොදෙන බව පෙන්වීමු.

ඉන් අනතුරුව දැන් ඇත්තේ සුපටිපන්න ගාථාවේ අර්ථ විස්තර කොට ගිහියා සංඝරත්නයට අයත් නොවේ යන්න ස්ථීර කිරීමයි. නුවණින් පමණක් විමසත්වා.

බුද්ධ දේශනාව තුල, සංඝරත්නයේ ගුණ පැවසීම් වශයෙන් //සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා, එස භගවතො සාවකසඞ්‌ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති.// යනුවෙන් දේශනා කර ඇත.

ඒ තුල දැක්වෙන ගුණයන්හි සරල අර්ථ මෙසේ විමසා සිටිමු.

එහි සුපටිපන්න යනු මනාසේ පිළිපදින්නේය යන අදහසයි. ආර්ය මාර්ගය තුල මනාසේ පිළිපදින හෙයින් සුපටිපන්න නම් වන සේක.

අන්ත දෙකෙන් බැහැර වූ සෘජු වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල පිළිපදින හෙයින් ද, සෘජු බව පිණිස පිළිපදින හෙයින් ද, උජුපටිපන්න නම් වන සේක.

ඤාය නම් වූ නිවන පිණිස පිළිපදින හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

අභිවාදන, පච්චුපට්ඨාන ආදී සාමීචියට සුදුසු සේ පිළිපදින හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

ගෙනැවිත් පූජා කිරීමට සුදුසු හෙයින් ආහුනෙය්‍ය නම් වන සේක. දුර සිට ද ගෙනැවිත් පූජා කිරීමට සුදුසුය යන අර්ථයි.

ප්‍රිය මනාප වූ ඤාති මිත්‍රාදීන් උදෙසා සකසන ලද ආගන්තුක ආදී දානයන්, ඔවුනට නොදී සංඝයාට දීමට තරම් ගුණ ඇති හෙයින් පාහුනෙය්‍ය නම් වන සේක. සැමටම වඩා ගුණයෙන් උත්තම වේ යන අර්ථයි.

පරලෝක වශයෙන් ආනිසංස පතා දන් දීමට සුදුසු හෙයින් දක්‌ඛිණෙය්‍ය නම් වන සේක. පරලෝක ආනිසංස පතා දෙන දානය පිළිගැනීමට සංඝරත්නය සුදුසු වේ යන අර්ථයි.

දෑත් එක්කොට හිස මුදුනේ තබා සිදු කරන්නා වූ වන්දනා පිළිගැනීමට සුදුසු හෙයින් අඤ්‌ජලිකරණීය නම් වන සේක. බුදු රජාණන්වහන්සේගෙන් පසු අන් සැමටම වඩා වන්දනීය වේ යන අර්ථයි.

සකල ලෝක වාසී සකල සත්වයාට අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක් වන හෙයින් අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලෝකස්‌ස නම් වන සේක. සංඝරත්නය නිසා අනේක අප්‍රමාණ ආනිසංස දායක කුසල් පුරවාගත හැක යන අර්ථයි.

මේ ආකාරයෙන් යුගල හතරක් වූ පුද්ගලයින් අටක් වූ ශ්‍රාවක සංඝයාගේ ගුණ විද්‍යාමාන වේ.

මෙසේ ගුණ ඇති සංඝරත්නයට ගිහියා අයත් ද නැතිද යන ගැටළුව විසඳා ගැනීම සඳහා එකී ශ්‍රාවක සංඝයා පිලිබඳ අර්ථකථනය විමසා සිටිය යුතුය. ඒ උදෙසා පහත උදාහරණ විමසා සිටිමු.

බුද්ධ දේශනාව තුල සාවක, සාවිකා යනුවෙන් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකාවන් යන සිව්වනක් පිරිසම වෙන වෙනම හඳුන්වා ඇත. එබැවින් සාවක සාවිකා යන පදය ගිහි පැවිදි බේදයක් නැති පදයකි. එනමුත් බේදයකින් තොරව හඳුන්වන තැන්වලදී විශේෂයෙන් සඳහන් කරමින් සාවක සාවිකා පදය භාවිතා කර ඇත. 

විශේෂයකින් තොරව සාවක පදය භාවිතා කර ඇත්නම් එහිදී හඳුන්වා ඇත්තේ සංඝරත්නයයි. පහත උදාහරණය විමසන්න.

//යං මයා සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤත්‌තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්‌කමන්‌ති. (පහාරාද සූත්‍රය)

මවිසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂා පදයක් පනවන ලද්දේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන් ද නොඉක්මවත්.//

භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා භික්ෂුනී සංඝයා කෙරෙහි පමණක් ශික්ෂා පද පනවා ඇත. එබැවින් සාවක පදය විශේෂයකින් තොරව භාවිතා කර ඇත්තේ නම් ඒ ගිහියන් සඳහා නොව පැවිද්දන් සඳහාය.

ඉන් අනතුරුව සංඝ පදය යෙදෙන විශේෂ අවස්ථා කිහිපයක් විමසා බලමු.

//න තාව, සාරිපුත්ත, සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙති උද්දිසති  පාතිමොක්ඛං යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙති උද්දිස්සති පාතිමොක්ඛං තෙසංයෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය. (වේරඤ්ජාඛණ්ඩං)

“ශාරීපුත්‍රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි නො පහළ වෙද්ද, ඒ තාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ට සිකපද නොපණවයි, පාමොක් නො උදෙසයි. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්‍මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”//

මෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සංඝයාගේ ආසවට්ඨානීය ධර්ම පහල වූ පසුව ශ්‍රාවකයන්ට ශික්ෂා පද පනවන බවයි. මෙහි ද සාවක පදය විශේෂනයකින් තොරව භාවිතා කර ඇත. එයින් ද පැවිද්දන් පමණක් අරමුණු කෙරේ.

එකල්හි භික්ෂූන් වහන්සේලා පමණක් වැඩ සිටි අතර භික්ෂුනීන් වහන්සේලා වැඩ නොසිටි සේක. එබැවින් එහි සංඝ යනුවෙන් හඳුන්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පමණි. එසේම සංඝයාගේ වර්ග පිළිබඳව මෙසේ විස්තර කර ඇත.

//පඤ්ච සඞ්ඝා – චතුවග්ගො භික්ඛුසඞ්ඝො, පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, දසවග්ගො භික්ඛුසඞ්ඝො, වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො. (චම්පෙය්‍යක්ඛන්ධකං)

චතුවග්ගභික්ඛුසඞ්ඝයා ය, පංචවග්ගභික්ඛුසඞ්ඝයා ය, දසවග්ගභික්ඛුසඞ්ඝයා ය, වීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය, අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය යි සඞ්ඝ කොටස් පසෙක් වේ.//

මෙහි ද හඳුන්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව පමණි.

//සචෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති අහම්පි පරිභුඤ්ජිස්සාමි; නො චෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි න පරිභුඤ්ජිස්සාමී”ති. (චම්මක්ඛන්ධකං)

ඉදින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාහට අනුදන්නා සේක් නම්, මමත් පරිභොග කරන්නෙමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයාහට නො අනුදන්නා සේක් නම්, මමත් පරිභොග නො කරන්නෙමි” යි//

මෙහි ද දක්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව පමණි.

//භික්ඛුනිසඞ්ඝො, අය්‍ය, භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති; ලභතු කිර, අය්‍ය, භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන’න්ති. (භික්ඛුනීඛන්ධකං)

ආර්‍ය්‍යන් වහන්ස, භික්‍ෂූණි සංඝ තෙම භික්‍ෂූ සංඝයාගේ පා වඳී. අවවාද ලබනුවට එළැඹීම ද යදී. ආර්‍ය්‍යයන් වහන්ස, භික්ෂුණි සංඝ තෙම අවවාද ලබනු සඳහා එළැඹීම ලබාවා.//

මෙහි දී භික්ෂු සංඝයා හා භික්ෂුනී සංඝයා යනුවෙන් දෙකොටසක් දක්වා තිබේ.

ඉහත අවස්ථාවන්හි භික්ඛු සංඝ හා භික්ඛුනී සංඝ යනුවෙන් අවස්ථා දෙකක් පැහැදිලිව වෙන් කොට දක්වා තිබේ. එනමුදු ත්‍රිපිටකයේ කිසිදු තැනක උපාසක සංඝ, උපාසිකා සංඝ යනාදී පද කිසිවක් සඳහන් වන්නේ නැත. එසේම ගිහි මගපල ලාභී උතුමන් හඳුන්වා ඇත්තේ හුදෙක් නාමයෙනි. 

//එකමන්‌තං නිසින්‌නො ඛො රාජා මාගධො සෙනියො බිම්‌බිසාරො ආයස්‌මන්‌තං ධනියං කුම්‌භකාරපුත්‌තං එතදවොච..... 

තෙන ඛො පන සමයෙන අනාථපිණ්‌ඩිකො ගහපති ආබාධිකො හොති දුක්‌ඛිතො බාළ්‌හගිලානො........

අථ ඛො විසාඛා මිගාරමාතා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්‌කමි..... //

බුද්ධ ශාසනයේ විශේෂ වූ උපාසක උපාසිකාවන් කෙරෙහිත් සංඝ යන නාමය නොයොදා තිබීමෙන් පැහැදිලි වන්නේ, ගිහියා සංඝරත්නයට අයත් නොවන බවයි. භික්ෂුවම සංඝ වන බවයි. (භික්ෂුනී සංඝයා භික්ෂු සංඝයා යටතේ සිටින පිරිසකි)

එබැවින් ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි හිස් තර්ක ගෙන ඒම පල රහිත බව මගපල ආරූඩකයන් වටහා ගත යුතුය. වටහාගෙන සංඝ වීමට අවශ්‍ය නම් පැවිදි විය යුතුය. 

තෙරුවන් සරණයි...!!!

පෙර ලිපි :-


01 ලිපිය 

පළමු ලිපිය


02 ලිපිය 

දෙවන ලිපිය




ගිහියා හා සංඝරත්නය 02

සෝභේති යනු “එයට අයත් වේ” යන අර්ථය දෙන පදයක් ද?

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි මතුව පවතින තර්කය සම්බන්ධයෙන් ලිපියක් පසුගිය දිනෙක පල කලෙමි. එහි දෙවන කොටස වශයෙන් සුපටිපන්න ගාථාව විස්තර කිරීමට බලාපොරොත්තු වුන නමුත්, සෝභේති යන පදයෙන් “අයත් වේ” යන අර්ථය ගෙන දෙන බවට තර්කයක් මතුව ආ නිසා ඒ පිළිබඳව මෙසේ අර්ථ විවරණය සිදු කරමි. නුවණින් විමසත්වා.

සෝභේති යනු හොබවයි, බබලවයි යන අර්ථ ගෙන දෙන බව මීට පෙර පෙන්වා දුන්නෙමි. සරලව පවසනවා නම් ලස්සන කරයි යන අර්ථයයි.

නමුත් යමක් එසේ ලස්සන කිරීමට නම් එයට අයත් විය යුතුය යන තර්කය කිහිප තැනකම මතුවී තිබුණි. එහි එක් උදාහරණයක් මෙසේය.

.........................................................................................................................................

//මගේ දැනුමේ හැටියට.. භාසාවෙන්..අරුත් ගැන්වෙන විදිය කිව්වොත්.. 

- රනිල් වික්රමසිංහ මහත්මා, වත්මන් ශ්රී ලංකාවේ ජනපති ධූරය හොබවයි -කිව්වම ඔහු ජනාධිපති නිසා තමයි ඒ ධුරය හොබවන්නේ.. එහෙම නැතුව ඔහු ජනාධිපති නොවී.. ඒ පදවිය හොබවන බවක් ඒකෙන් කියැවෙන්නේ නෑ.. එහෙම කරන්නත් බෑ.. කරන්න පුළුවන් ක්රමයක් තිබේද ?

යම් ස්ත්රීයක් මව් පදවිය හොබවයි.. ඔව් ඇය මවක් නිසා තමයි මව් පදවිය හොබවන්නේ..

"අසවල් ස්වාමීන් වහන්සේ - නම නොදනිමි " වත්මන් ශ්රී ලංකාවේ මල්වතු මහානායක ධුරය හොබවයි.. උන් වහන්සේ ඒ ධුරය හොබවන්නේ, උන්වහන්සේ මල්වතු මහානායක නිසයි..

බුදුන් වහන්සේ බුද්ධත්වය හොබවයි.. ඔව් උන් වහන්සේ බුදුවෙලා නිසා බුද්ධත්වය හොබවනවා.. අපිට බෑ.. මොකද අපි බුදුවෙලා නෑ නේ.. බුදු නොවී බුද්ධත්වය හොබවන්න පුළුවං කෙනෙක්, එහෙමත් නැත්තං ඒ තනතුරේ වැඩ බාරගන්න සුදුසු ( බුදු නොවුණු කෙනෙක් ) සිටිය හැකිද ? අඩුම තරමේ බුදුන් වහන්සේවත් සිද්ධාර්ථ කාලයේ බුද්ධත්වය හොබවලා නෑ.. ඒකාලයේ උන්වහන්සේ හොබවා ඇත්තේ බෝධිසත්ව පදවියයි..

සංඝයා නොවී කොහොමද සංඝයා හොබවන්නේ ?//

.........................................................................................................................................

යමක් ලස්සන කිරීමට එයට අයත් විය යුතුම නැත. ඒ හා සම්බන්ධතාවයක් පැවතීම ප්‍රමාණවත් වේ. එයට උදාහරණයක් නම් සඳේ බැබලීමයි.

සඳ එළිය යනු සඳේ බැබලීම වන නමුත්, සඳට තමාගේම ආලෝකයක් නැත. සඳේ එළිය යනු සූර්යයාගේ එළිය වන අතර සඳ විසින් පරාවර්තනය පමණක් සිදු කරයි. 

එබැවින් යමක් බැබලවීමට, ලස්සන කිරීමට එයට අයත් වීම අත්‍යාවශ්‍ය නැත. ඒ සම්මුති උදාහරණයකි.

බුද්ධ දේශනාව අනුව මෙසේ විමසා බැලිය යුතුය.

‘‘පඤ්‌චහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො ආවාසිකො භික්‌ඛු ආවාසං සොභෙති 

කතමෙහි පඤ්‌චහි? 

සීලවා හොති, පාතිමොක්‌ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්‌පන්‌නො අණුමත්‌තෙසු වජ්‌ජෙසු භයදස්‌සාවී, සමාදාය සික්‌ඛති සික්‌ඛාපදෙසු; 

බහුස්‌සුතො හොති සුතධරො සුතසන්‌නිචයො, යෙ තෙ ධම්‌මා ආදිකල්‍යාණා මජ්‌ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං අභිවදන්‌ති, තථාරූපාස්‌ස ධම්‌මා බහුස්‌සුතා හොන්‌ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්‌ඛිතා දිට්‌ඨියා සුප්‌පටිවිද්‌ධා; 

කල්‍යාණවාචො හොති කල්‍යාණවාක්‌කරණො පොරියා වාචාය සමන්‌නාගතො විස්‌සට්‌ඨාය අනෙලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා 

පටිබලො හොති උපසඞ්‌කමන්‌තෙ ධම්‌මියා කථාය සන්‌දස්‌සෙතුං සමාදපෙතුං සමුත්‌තෙජෙතුං සම්‌පහංසෙතුං;

චතුන්‌නං ඣානානං ආභිචෙතසිකානං දිට්‌ඨධම්‌මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්‌ඡලාභී අකසිරලාභී. 

ඉමෙහි ඛො, භික්‌ඛවෙ, පඤ්‌චහි ධම්‌මෙහි සමන්‌නාගතො ආවාසිකො භික්‌ඛු ආවාසං සොභෙතී’’ති. (අංගුත්තර නිකාය, පඤ්චක නිපාත)”

ධර්ම පසකින් යුතු ආවාසික භික්ෂුව ආවාසය හොබවයි යනු එහි කෙටිම අර්ථයයි.

එහිලා ආවාසික භික්ෂුව සතුව, සීලය, බහුශෘත බව, කල්‍යාණ වචන භාවිතය, ධාර්මික කතාවෙහි හැකියාව, ධ්‍යාන ලාභී බව යන මේ අංග පැවතිය යුතුය.

එකී සූත්‍රය අනුව, ඉහත ගුණධාරී භික්ෂූන් වහන්සේ, ආවාසය හොබවන බව අර්ථ දැක්වේ. එනම් එකී භික්ෂුව ආවාසය ලස්සන කෙරේ.

භික්ෂූන් වහන්සේ යනු ආවාසය නොවේය. ආවාසයේ බිම, බිත්ති, වහල, ආවාසික භාණ්ඩ ආදිය ද නොවේය. වාසය කරනවා පමණි. එසේම කිසිදු පුද්ගලික අයිතිවාසිකමක් ද නැත. ආවාස ආදිය සාංඝික බැවිනි.

එසේ තිබියදී ආවාසය ලස්සන කරන්නේ තමාගේ ගුණයෙන් හා හැසිරීමෙන් මිසෙක, තමා ආවාසය වීමෙන් හෝ ආවාසය තමා අයත් වීමෙන් හෝ නොවේය.

එබැවින්ම ඉහත සේ // ජනාධිපති නිසා තමයි ඒ ධුරය හොබවන්නේ, මවක් නිසා තමයි මව් පදවිය හොබවන්නේ, බුදුන් වහන්සේ බුද්ධත්වය හොබවයි..// යන මේ තර්කය, සංඝයා හොබවයි නම් සංඝයා විය යුතුය යන තර්කයට අදාළ නොවේ.

ඉහත සූත්‍රය අනුව, ආවාසය නොවී ආවාසය හොබවිය හැකි නම්, සංඝයා නොවී සංඝයා හොබවිය හැක.

ඒ අනුව,

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො? 

භික්‌ඛු,-පෙ- භික්‌ඛුනී, -පෙ- උපාසකො,-පෙ- උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.”

යන සූත්‍රය තුල සංඝයා හොබවයි යන්නෙහි “සංඝයාට අයත්” හෝ “සංඝයා වේ” යන අර්ථ කිසිවක් විද්‍යාමාන වන්නේ නැත.

විද්‍යාමාන වන අර්ථය නම් “සංඝයා ලස්සන කෙරේ” යන අර්ථයයි. ඒ කෙසේද යත්,

සංඝරත්නය ඇසුරු කරන්නාවූ, අනුව පිළිපදින්නා වූ යමෙක් වේද, ඔහු සීලවන්ත ගුණවන්ත වන කල්හි, සත්පුරුෂ වන කල්හි, එහි ගෞරවය හිමි වන්නේ සංඝරත්නයටයි. එමගින් සංඝයා වේ යන අර්ථ නොදෙන බව ඉඳුරාම දත යුතුය.

තෙරුවන් සරණයි...!!!

පෙර ලිපිය:-

පළමු ලිපිය




ගිහියා හා සංඝරත්නය 01

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි තර්කයක් මතුව පවතී. ඒ පිළිබඳව කොතෙක් ධර්ම කාරණා ඉදිරිපත් කරන නමුත් විසඳුමක් ලබා ගන්නේ නැති බව ද පෙනේ. එබැවින් ඒ පිළිබඳව සකාරණව කරුණු ගෙනහැර දක්වන්නෙමු. ප්‍රඥාවෙන් විමසත්වා.

පළමුව සංඝයා යනු කවරෙක් දැයි මූලිකව වටහා ගත යුතය. ඒ උදෙසා බුද්ධ දේශනාව තුල සංඝයා පිළිබඳව විස්තර කෙරෙන ආකාරය විමසා බැලිය යුතුය.

එය මෙසේය.

සංඝ යනුවෙන් ආමන්ත්‍රණය බුදුරජාණන්වහන්සේ විසින් භාවිතා කර ඇත්තේ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කිරීම පිණිසය. ඒ බව පහත විනය කාරණා වලින් පැහැදිලි වේ.

“සඞ්‌ඝාදිසෙසොති සඞ්‌ඝොව තස්‌සා ආපත්‌තියා පරිවාසං දෙති, මූලාය පටිකස්‌සති, මානත්‌තං දෙති, අබ්‌භෙති....”

සංඝාධිශේෂ යනු සංඝයාම ඒ ආපත්තියට පරිවාසය දෙයි, මූලාය පටිකස්සනය කරයි, මානත දෙයි, අබ්භානය කරයි....

සංඝාධිශේෂ ආපත්ති වලට පිළියම් කිරීමේදී සංඝයාම සියලු තීන්දු තීරණ ගනී. එකී තීන්දු තීරණ ගන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා සතර නමගෙන් එහාට භික්ෂූන් වහන්සේලාගේ එකතුවෙනි. එහි කිසිසේත්ම භික්ෂුනීන් වහන්සේලා හෝ, සාමණේර ආදීන් හෝ, උපාසක උපාසිකා ආදීන් නැත්තේමය. එහිලා සංඝ යනු පිරිසිදු උපසපන් භික්ෂූන් වහන්සේලාමය.

තවද එකී විනය කර්ම සිදු කරන කල්හි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ “සුණාතු මේ භන්තේ සඞ්ඝෝ,.....” යනාදී වශයෙනි. එනම් පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර ඇත්තේ සංඝ යනුවෙනි.

තවද වෙහෙර විහාර සඟසතු කොට පූජා කිරීමේදී ඒවා පූජා කරන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසාය. භික්ෂුනීන් වහන්සේලා වාසය කරන්නේ භික්ෂූන් වහන්සේලා යටතේය. සඟ සතු පූජාවන්ට උදාහරණයක් පහත දැක්වේ.

‘‘යො ඛො, බ්‍රාහ්‌මණ, චාතුද්‌දිසං සඞ්‌ඝං උද්‌දිස්‌ස විහාරං කරොති, අයං ඛො, බ්‍රාහ්‌මණ, යඤ්‌ඤො ඉමාය ච තිවිධාය යඤ්‌ඤසම්‌පදාය සොළසපරික්‌ඛාරාය ඉමිනා ච නිච්‌චදානෙන අනුකුලයඤ්‌ඤෙන අප්‌පට්‌ඨතරො ච අප්‌පසමාරම්‌භතරො ච මහප්‌ඵලතරො ච මහානිසංසතරො චා’’ති (කූටදන්ත සූත්‍රය)

බ්‍රාහ්මණය, යමෙක්, සතරදිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරයි ද, බ්‍රාහ්මණය මේ පූජාව, ඉහත සොළොස් පිරිකරක් ඇති තුන් වැදෑරුම් යාගසම්පත් ඇති, මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් (පූජාවකි)යඥයෙකි.

මෙහි මහා සංඝරත්නය වෙනුවෙන් විහාරයක් කරවීම මහත් පල මහානිසංස බව දක්වා ඇත. ඒ සංඝයා උදෙසා සිදු කරන ආරාම පූජාව පොදුවේ භික්ෂුන් වහන්සේලා උදෙසා පරිහරණයට කැප නමුත් ගිහියන් ආදීන්ට සාංඝික සේනාසන පරිහරණය අකැප බව විනය තුල විස්තර කෙරේ. 

එසේම ආරාම, ආරාමවත්ථු, විහාර, විහාර වත්ථු සහ අනෙකුත් ගරු භාණ්ඩ ආදිය කිසි සේත් පුද්ගලයන් අතර බෙදිය නොහැකි බව දක්වා තිබේ.

තවද සංඝයා උදෙසා පූජා කල ධාන්‍ය ආදිය මෙන්ම සේනාසනයේ ඇති මල් පල ආදිය ද ගිහියන් ආදීන්ට දීමෙන් ආපත්ති වලට පත්වන බව විනය තුල දක්වා ඇත.

මෙවැනි කාරණා තුලින් ඉතා හොඳින් පැහැදිලි වන්නේ ගිහියා කිසිසේත් සංඝරත්නයට අයත් නොවන බවයි.

එසේම සංඝ බේදය සිදු කිරීමේදී එය කිසිසේත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකගෙන් බැහැර අයකුට කල නොහැකි බව ද විනය තුල විස්තර කෙරේ. එමගින් ද ගිහියා සංඝරත්නයට අයත් නොවන බව විස්තර කෙරේ.

“න ඛො, උපාලි, භික්‌ඛුනී සඞ්‌ඝං භින්‌දති, අපි ච භෙදාය පරක්‌කමති, න සික්‌ඛමානා සඞ්‌ඝං භින්‌දති…පෙ.… 

න සාමණෙරො සඞ්‌ඝං භින්‌දති, 

න සාමණෙරී සඞ්‌ඝං භින්‌දති, 

න උපාසකො සඞ්‌ඝං භින්‌දති, 

න උපාසිකා සඞ්‌ඝං භින්‌දති, අපි ච භෙදාය පරක්‌කමති. 

භික්‌ඛු ඛො, උපාලි, පකතත්‌තො, සමානසංවාසකො, සමානසීමායං ඨිතො, සඞ්‌ඝං භින්‌දතී’’ති.”

මෙසේ ගිහියා සංඝයාට අයත් නොවන බව බුද්ධ දේශනාව තුලින් මනාව පැහැදිලිව පෙනෙද්දී, කුමක් නිසා ගිහියා සංඝයාට අයත් වන්නේ යැයි තර්ක කරන්නේද යන්න විමසා සිටිය යුතුය.

එහිලා වරදවා ගත් එක් කාරණාවක් නම් සෝභේති සූත්‍රයයි. අනෙක් කාරණාව නම් සුපටිපන්න ගාථාවයි.

එහි සෝභේති සූත්‍රය පහත පරිදිය.

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො? 

භික්‌ඛු, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති. 

භික්‌ඛුනී, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති. 

උපාසකො, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති. 

උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති. 

ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌තී’’ති.”(අංගුත්තර නිකාය)

මෙකී සූත්‍රය උපුටා දක්වමින් භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසම සංඝයාට අයත් වන්නේ යැයි පෙර කී මතවාදය දරන පිරිස තර්ක කරනු ලබයි. එහිලා පළමුව ඔවුන් කෙරෙහි කණගාටුව පළකර සිටිමි. දෙවනුව පිළිතුරු තබමි.

සෝභේති යන පදය හොබවයි, බබලවයි යන අර්ථ මිසෙක අයිතියි යන අර්ථය කිසි සේත් ලබා නොදෙන පදයකි. ලස්සන කරයි යන සරල අර්ථය ඉන් ප්‍රකාශ කෙරේ.

එසේම "සංඝං සොභෙති" යනු සංඝයාව බබලවයි යන අර්ථය මිසෙක සංඝයාට අයත් යන අර්ථ ගෙන නොදේ.

“සංඝං” යනු දුතියා විභක්ති පදයකි. එයින් කර්මය ගෙනහැර දැක්වේ. එනම් සොභෙති යන කර්මයට සංඝයා ලක්ව තිබේ. සංඝයා එහි අනුක්තයයි. සිව්වනක් පිරිස උක්තයයි. සිව්වනක් පිරිසේ සෝභනය කිරීමේ ක්‍රියාවට සංඝයා ලක්ව සිටිනවා මිසෙක කිසිසේත් අයිතිය හැඟවීමක් එහි අර්ථ නොදැක්වේ.

අයිතිය හැඟවෙන්නේ නම් සංඝාය හෝ සංඝස්ස යනාදී චතුර්ථ විභක්ති පදයක් යෙදිය යුතුය. නොමැත්තේ නම් සාංඝික වැනි තද්ධිත පදයක් හෝ යෙදිය යුතුය. කිසිසේත් සූත්‍රය තුල එවැනි පද නොමැති හෙයින් සිව්වනක් පිරිස සංඝයාට අයත් යන අර්ථයක් එකී සූත්‍රයෙන් නොලැබේ.

(පාලි නොදැන නිවන් දකින්න බැහැ කියන්නේ ආවට ගියාට නොවන බව අවධාරණය කරමි.)

ඉන් අනතුරුව ඔවුන්ගේ තර්කය වන සුපටිපන්න ගාථාව විමසිය යුතුය. එය දීර්ඝ වන බැවින් වෙනමම අර්ථකථනය කිරීමට බලාපොරොත්තුවෙන් මෙයින් මේ ලිපිය මතු සම්බන්ධ කරමි.

සියලු දෙනා නිවනින්ම සැනසේවා...!!!




නියත මිත්‍යාදෘෂ්ඨිකයා

"නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, මහාසාවජ්ජානී”ති” (අං. නි, ඒකක නිපාත)

මහණෙනි, යමක් මෙසේ මහා සාවද්‍ය වන්නේ වෙයි ද, මහණෙනි මිත්‍යා දෘෂ්ඨිය යම් බඳු වේ ද, එබඳු අන් කිසිදු ධර්මයක් නොදකිමි. මහණෙනි මහා සාවද්‍යයෝ මිත්‍යාදෘෂ්ඨිය පරමකොට ඇත්තාහ.

එනම් ලෝකයෙහි වැරදි අතරින් මහත් ගණයේ වැරදි සියල්ල, මිත්‍යාදෘෂ්ඨිය උපරිම කොට පවතින්නේය. නැතහොත්, මිත්‍යාදෘෂ්ඨියට වඩා විශාල වරදක් ලොව නැත්තේය.

ඒ පිලිබඳ අටුවා විස්තර මෙසේය.

“තතියෙ මිච්‌ඡාදිට්‌ඨිපරමානීති මිච්‌ඡාදිට්‌ඨි පරමා එතෙසන්‌ති මිච්‌ඡාදිට්‌ඨිපරමානි. පඤ්‌ච හි ආනන්‌තරියකම්‌මානි මහාසාවජ්‌ජානි නාම, තෙහිපි මිච්‌ඡාදිට්‌ඨියෙව මහාසාවජ්‌ජතරාති අධිප්‌පායො. කස්‌මා? තෙසඤ්‌හි පරිච්‌ඡෙදො අත්‌ථි. චත්‌තාරි හි ආනන්‌තරියකම්‌මානි නිරයෙ නිබ්‌බත්‌තාපෙන්‌තීති වුත්‌තානි. සඞ්‌ඝභෙදකම්‌මම්‌පි නිරයෙ කප්‌පට්‌ඨිතිකමෙව හොති. 

එවමෙතෙසං පරිච්‌ඡෙදො අත්‌ථි, කොටි පඤ්‌ඤායති. නියතමිච්‌ඡාදිට්‌ඨියා පන පරිච්‌ඡෙදො නත්‌ථි. සා හි වට්‌ටස්‌ස මූලං, තාය සමන්‌නාගතස්‌ස භවතො වුට්‌ඨානං නත්‌ථි. යෙ තස්‌ස සොතබ්‌බං මඤ්‌ඤන්‌ති, තෙපි විප්‌පටිපාදෙති. තාය ච සමන්‌නාගතස්‌ස නෙව සග්‌ගො අත්‌ථි න මග්‌ගො. 

කප්‌පවිනාසෙ මහාජනෙ බ්‍රහ්‌මලොකෙ නිබ්‌බත්‌තෙපි නියතමිච්‌ඡාදිට්‌ඨිකො තත්‌ථ අනිබ්‌බත්‌තිත්‌වා පිට්‌ඨිචක්‌කවාළෙ නිබ්‌බත්‌තති. කිං පන පිට්‌ඨිචක්‌කවාළං න ඣායතීති? ඣායති, තස්‌මිං ඣායමානෙපි එස ආකාසෙ එකස්‌මිං ඔකාසෙ පච්‌චතියෙවාති වදන්‌ති.” (අං. නි, ඒකක නිපාත අටුවාව)

තුන්වැන්නෙහි මිත්‍යදෘෂ්ඨිය පරමකොට ඇත්තාහ යනු මිත්‍යාදෘෂ්ඨිය ඒවාගේ උසස් කොට (උපරිමය කොට) ඇත්තේය යන්නෙන් මිච්‌ඡාදිට්‌ඨිපරමානි නම් වේ. ආනන්තරිය කර්ම පස මහා සාවද්‍ය නම් වේ. ඒවාගෙන් ද මිත්‍යාදෘෂ්ඨියම මහාසාවද්‍යතර වන්නේය යන අදහසයි. කවරක් හෙයින් ද යත්? ඒවාගේ සීමාවක් ඇත. සතරක් වූ ආනන්තරිය කර්මයෝ නිරයෙහි උපදවන්නේ යයි කියන ලදී. සංඝභේද කර්මය පමණක් නිරයෙහි කල්පයක් විපාක දෙන්නේ වෙයි. 

මෙසේ එවාගේද සීමාවක් ඇත. කෙළවරක් පෙනෙයි. නියතමිත්‍යාදෘෂ්ඨියෙහි වනාහී කෙළවරක් නැත. එය වනාහී සංසාරයට මූලයකි. එයින් යුතුවුනා වූ පුද්ගලයාට භවයෙන් නැගීසිටීමක් නැත. යමෙක් ඔහුට ඇහුන්කන්දීම කල යුතු යැයි සිතත් ද, ඔවුන් ද වරදවා පිලිපදවයි. එයින් යුතුවුනා වූ පුද්ගලයාට ස්වර්ගයද නැත්තේමය. මාර්ගය ද නැත්තේමය. 

කල්ප විනාශයේදී ජනයා (සත්වයෝ) බ්‍රහ්මලෝකයෙහි උපදින නමුදු නියතමිත්‍යාදෘෂ්ඨිකයා එහි නොඉපදී පිටසක්වල උපදී. කිමෙක් ද පිටසක්වල නොදැවේ ද? දැවෙන්නේය. එය දැවෙන කල්හි ද ඔහු (නියතමිත්‍යාදෘෂ්ඨිකයා) අහසෙහි එක්තරා අවකාශයක පැසෙන්නේ යැයි පවසත්.

කල්ප විනාශයේදී පවා ගොඩ ඒමට නොහැකි වන සේ ලෝකාන්තරික නරකය සමීපයෙහි ඉපදී දැවෙන්නට තරම් බරපතල වන නියතමිත්‍යාදෘෂ්ඨිය යනු කුමක් දැයි විමසා බැලිය යුතුමය. ඒ පිළිබඳව මජ්ඣිම නිකායෙහි අපණ්ණක සූත්‍ර අටුවා අර්ථ මෙසේ දැක්වෙන්නේ වෙයි.

“ඉමාසු පන තීසු දිට්ඨීසු නත්ථිකදිට්ඨි විපාකං පටිබාහති, අකිරියදිට්ඨි කම්මං පටිබාහති, අහෙතුකදිට්ඨි උභයම්පි පටිබාහති. තත්ථ කම්මං පටිබාහන්තෙනාපි විපාකො පටිබාහිතො හොති, විපාකං පටිබාහන්තෙනාපි කම්මං පටිබාහිතං. ඉති සබ්බෙපෙතෙ අත්ථතො උභයපටිබාහකා නත්ථිකවාදා චෙව අහෙතුකවාදා අකිරියවාදා ච හොන්ති. යෙ පන තෙසං ලද්ධිං ගහෙත්වා රත්තිට්ඨානෙ දිවාට්ඨානෙ නිසින්නා සජ්ඣායන්ති වීමංසන්ති, තෙසං – “නත්ථි දින්නං නත්ථි යිට්ඨං, කරොතො න කරියති පාපං, නත්ථි හෙතු නත්ථි පච්චයො”ති තස්මිං ආරම්මණෙ මිච්ඡාසති සන්තිට්ඨති, චිත්තං එකග්ගං හොති, ජවනානි ජවන්ති, පඨමජවනෙ සතෙකිච්ඡා හොන්ති, තථා දුතියාදීසු. සත්තමෙ බුද්ධානම්පි අතෙකිච්ඡා අනිවත්තිනො අරිට්ඨකණ්ටකසදිසා.

තත්ථ කොචි එකං දස්සනං ඔක්කමති, කොචි ද්වෙ, කොචි තීණිපි, එකස්මිං ඔක්කන්තෙපි ද්වීසු තීසු ඔක්කන්තෙසුපි නියතමිච්ඡාදිට්ඨිකොව හොති, පත්තො සග්ගමග්ගාවරණඤ්චෙව මොක්ඛමග්ගාවරණඤ්ච, අභබ්බො තස්ස අත්තභාවස්ස අනන්තරං සග්ගම්පි ගන්තුං, පගෙව මොක්ඛං. වට්ටඛාණු නාමෙස සත්තො පථවීගොපකො. 

කිං පනෙස එකස්මිංයෙව අත්තභාවෙ නියතො හොති, උදාහු අඤ්ඤස්මිම්පීති? එකස්මිඤ්ඤෙව නියතො, ආසෙවනවසෙන පන භවන්තරෙපි තං තං දිට්ඨිං රොචෙතියෙව. එවරූපස්ස හි යෙභුය්‍යෙන භවතො වුට්ඨානං නාම නත්ථි.”

මේ දෘෂ්ඨි තුන අතරින් නාස්තික දෘෂ්ඨිය විපාකය පිලිබඳ විශ්වාසය වළකයි. අකිරිය දෘෂ්ඨිය කර්මය පිලිබඳ විශ්වාසය වළකයි. අහේතුක දෘෂ්ඨිය ඒ දෙකම පිලිබඳ විශ්වාසය වළකයි. එහි කර්මය ප්‍රතිභාහනයෙන්(වැළැක්වීමෙන්) විපාකය ද ප්‍රතිභාහනය කලේ වෙයි. විපාකය ප්‍රතිභාහනයෙන් කර්මය ද ප්‍රතිභාහනය කලේ වෙයි. මෙසේ ඒ සියල්ලෝම අර්ථ වශයෙන් (දෘෂ්ඨි)දෙකම ප්‍රතිභාහනය කල නාස්තික වාදියෝ ද අහේතුක අකිරිය වාදියෝ ද වෙති. යමෙක් වනාහී ඔවුන්ගේ ලබ්ධිය ගෙන රාත්‍රී ස්ථාන, දිවා ස්ථානයන්හි හිඳිමින් සජ්ඣායනා කරත්. වීමංසනය කරත්. ඔවුන්ට “දීමෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත, (කර්මයක්) කිරීමෙන් පාපයක් නොකරයි, හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැතැයි, ඒ අරමුණෙහි මිත්‍යා සතිය පිහිටයි. සිත එකඟ වෙයි. ජවනයෝ දුවත්. ප්‍රථම ජවනයෙහි ප්‍රතිකර්ම කල හැක්කේ වෙයි. දෙවැනි ආදිය කෙරෙහිත් එසේය. සත්වැනි ජවනයෙහි බුදුරජාණන්වහන්සේලාට ද ප්‍රතිකර්ම කල නොහැකි නොනවතින, අරිට්‌ඨභික්‌ෂුව කණ්‌ටකසාමණෙරයා වැන්නෝ වෙති.

එහි කිසිවෙක් එක දෘෂ්ඨියකට බැසගනී. කිසිවෙක් දෙකකට, කිසිවෙක් තුනටම බැසගනී. එක දෘෂ්ඨියකට බස ගත්තේ ද, දෙක තුනටම බස ගත්තේ ද, නියතමිත්‍යාදෘෂ්ඨිකයකුම වෙයි. පැමිණියේ ස්වර්ගමාර්ගාවරණය ද, මෝක්ෂමාර්ගාවරණය ද සිදුකරගනී. ඒ ආත්ම භාවයට අනතුරුව ස්වර්ගයට යාමට ද අභව්‍ය වෙයි. මෝක්ෂය ගැන කියනු කිම? සසර කණුවක් නම් වූ ඒ සත්වයා භූමිය රකින්නකු වේ. (අපායෙන් නොමිදෙන සුළු යන අර්ථයි)

කිමෙක්ද ඒ සත්වයා එකම ආත්ම භාවයක නියත වේ ද? නැතහොත් අන්‍ය ආත්ම භාවයන්හීත් නියතද? එක ආත්ම භාවයකම නියත වෙයි. ආසේවන වශයෙන් අන්‍ය ආත්ම භාවයන්හිදීත් ඒ ඒ දෘෂ්ඨිය රුචිකරන්නේම වෙයි. එවැන්නකුට වනාහී බොහෝසෙයින් භවයෙන් නැගී සිටීමක් (මිදීමක්) නම් නැත්තේය.

මේ අනුව පෙනී යන කරුණ නම්, නියතමිත්‍යාදෘෂ්ඨිකයා යනු දැඩි ලෙස දෘෂ්ඨියෙහි බැසගත්, බුදුරජාණන්වහන්සේ නමකට පවා ගලවාගත නොහැකි අභව්‍ය පුද්ගලයකු බවයි.

එසේම ඔහුගේ අතින් කිසිදු කුසලයක් සිදු වීමට ඉඩක් නොමැත.

එසේම ඔහු වනාහී මරණින් මතු ඒකාන්ත දුගතිගාමී සත්වයකු වන අතර, කල්ප විනාශයේදී පවා දුගතියෙන් මිදීමට නොහැකි අයෙකි.

එබැවින් සත්පුරුෂයෝ වනාහී සියලු මිත්‍යා දෘෂ්ඨි බිඳ දමා සම්මා දිට්ඨියට පැමිණ, පරිනිර්වාණයෙන් සැනසීමටම වහ වහා වෑයම් කල යුතුය.

මේ කුසලය ඒ පිණිස හේතු වාසනා වේවා...!!!



රාගය ඕනිද?

බුදුරජාණන් වහන්සේ නැති කාලෙට බ්‍රාහ්මණයෝ බලවත් වෙන්න හේතුවක් තමයි ඔවුන්ගේ බ්‍රහ්මචාරියාව. වැඩ ඉන්න කාලේ ගැන කවර කතාවක් ද?

ළමා කාලයෙත් බ්‍රහ්මචාරීව ඉඳලා තමයි තරුණ අවදියේ දී කාමයන් පරිභෝජනය කිරීම සිදු කරන්නේ. ඉන් පසුව හිස කෙස් පැසෙන තලතුනා වයසේ දී බිරිඳ සමග හෝ වෙනම හෝ වනගත වෙනවා. එහිදී ද බ්‍රහ්මචාරීව මූලික කරගෙන හැසිරෙනවා.

බ්‍රාහ්මණයන්ගේ අවසාන සමය නම් සන්නාසියකු ලෙස තැනිත් තැනට යමින් ආගමික චාරිත්‍ර වල නිරත වන සමයයි. එතනදිත් බ්‍රහ්මචාරීවයි හැසිරීම සිදු වන්නේ.

මේ බ්‍රහ්මචාරී බව නිසා බමුණු සමාජය ඉතා බලවත්. අදටත් ලෝකයේ බලවත් සමාජ ක්‍රමයක් තියෙනවා නම් එතන බ්‍රහ්මචරියාව පවතිනවා.

නමුත් වර්තමාන බටහිර සංකල්ප නිසා බ්‍රහ්මචාරී බව කෙමෙන් සමාජයෙන් වියැකෙන තැනට ඇවිත්.

වික්ටර් රත්නායක වගේ, සමිතා වගේ අසහනකාරී චරිත නිසා රාගය බලවත්ව සමාජගත උනා. ඒව අනුමත කරන අයට ඒකෙන් සිදුවන හානිය දැනෙන්නේ තමන්ගේ දරු මල්ලන් හරහා. එතකොට කාලය ගිහින් ඉවරයි.

රාගය කියන්නෙ නින්දිත ක්ලේෂයක්. ඒකෙන් ඇති පලක් නැහැ. 

කවුරු හරි කියනවා නම් රාගය තිබිය යුතුයි, ඒක සුන්දරයි වගේ කතාවක්, ඒ පුද්ගලයා හිතලා තියෙන්නේ දියුණු මනසකින් නොවෙයි. ලිංගික අවයවකින්.

ඇයි මේ රාගය මේ තරම් ජනප්‍රිය කරවන්නේ, ප්‍රචාරය කරවන්නේ කියන කාරණාව ගැන විමසුවොත් දෙපැත්තක් දකින්න පුළුවන්. එකක් මේ ලෝක පැවැත්ම. අනෙක් පරලෝක පැවැත්ම.

අද සමාජයේ වසක පිරිමි අය තරුණියන්ට පෙම් කිරීම, අනියම් සම්බන්ධතා පැවැත්වීම වගේ දේවල් සාධාරණීකරණය කෙරෙමින් පවතිනවා. තමාගේ වයසට ගියට පියා අනියම් සම්බන්ධතාවයක පැටලීම ඔහුගේ ලිංගික ශක්තිය හුවා දක්වන්නක් ලෙස දරුවන් විසින්ම පෙන්වන තැනට සමාජය ඇවිත්. 

එහෙම සිදු වීමකින් පෙන්නුම් කරන්නේ ඒ මනුස්සයාගේ හැකියාවක් නොවෙයි. ලාමක බවක්. කෙලෙස් පාලනයට ශක්තියක් නැති නිකමෙකුගේ ලක්ෂණයක්.

අනියම් සම්බන්ධතාවයකින් සමාජයට සිදුවන යහපතක් නැහැ. සිදු වන්නේ අයහපතක් පමණයි. වයසට ගිහින් වත් රාගය පාලනය කරගන්න බැරි ගැහැණු පිරිමි නිසා සමාජය පරිහානියට යනවා විතරයි. 

සරලවම තිරිසන් සතුන්ටත් වඩා පහල මට්ටමට වැටෙනවා විතරයි. අන්තිමට බල්ලො බළල්ලු වගේ පාර දිගේත් රමණයේ යෙදෙන සමාජයක් බිහි වීමේ මූලික ලක්ෂණය තමයි රාගය පාලනය නොකරගනීමේ නාකි මිනිස්සුන්ගෙන් පෙන්නුම් කරන්නේ.

ඒක මේ ලෝක වශයෙන් පවතින හානියක්.

පරලෝක වශයෙන් බැලුවොත් රාගය පාලනය නොකරන ඕනෑම වයසක සිටින අයකු මරණින් මතු දුගතියට යන ප්‍රතිශතය ඉතා වැඩියි. නිරතුරු රාග සිතින් කටයුතු කරන පුද්ගලයා මැරෙන්නෙත් රාග සිත් සමග. ඒ වගේ පුද්ගලයෝ මරණින් මතු පෙරේත ආදී ලෝක වල තමයි උපත ලබන්නේ.

ඒක පරලෝක වශයෙන් තියෙන හානිය.

මේ විදිහට රාගය පාලනය නොකිරීම මේ ලෝක පරලෝක දෙපැත්තෙන්ම අයහපත පිනිසමයි පවතින්නේ.

ඉතින් කවුරු හරි කියනවා නම් වයසට ගිහින් අනියම් සම්බන්ධතා ආදිය පටන් ගැනීම ආදිය ඒ පුද්ගලයාගේ ශක්තිය පෙන්වීමක් කියලා, ඒ කතාව කියපු පුද්ගලයා අමුම අමු මෝඩයෙක් විතරයි.




සංඝ යනු පොදු වචනයක් ද?

සංඝ, සංඝ යන වදන සිංහල බෞද්ධ සමාජයට අරුම පුදුම වචනයක් නොවේය. එය එතරම් ලාංකික ජන මනසට සමීප වූවකි. එසේම එතරම් හදවතට කා වැදුණු අන් වදනක් වේ නම් ඒ බුද්ධ හා ධම්ම යන වචන දෙකයි. එසේ වන්නේ එකී වචන ශාසනය හරහා අපට ලැබුණු බැවිනි.

එසේ සුන්දර වූ වචනය දැන් දැන් අවභාවිතා වන සැටියක් පෙනෙන්නට තිබේ. එනම් අධර්මවාදීන් විසින් ඔවුන්ගේ අධර්මය ප්‍රචාරය පිණිස බුදු දහමේ ආවේණික වචන භාවිතා කරන සැටියක් පෙනෙන්නට තිබේ.

ලෝකය පහල වූ මුල් කාලයේ පටන් අධර්මය ක්‍රියාත්මක වීම ආරම්භ විය. එකී අධර්මය හේතුවෙන්ම සත්වයාගේ ආයුෂ, වර්ණ, සැප, බල පරිහාණියට ලක්විය.

එකී අධර්මය බලවත් සමයක තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ ලොව පහල වී එකී අධර්මය මුලිනුපුටා දමා, ධර්මය ස්ථාපිත කල සේක. 

එනමුත් තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව ක්‍රමයෙන් අධර්මය බලවත් වී, දුටුගැමුණු, වළගම්බා ආදී රජවරුන්ගෙන් පසුව කාලයාගේ ඇවෑමෙන් මහනුවර යුගය එළබි කල්හි, පරංගින්ගේ බලහත්කාර ආගමනයෙන් පසුව අධර්මවාදියාගේ අධර්මය මෙරට මුල් බස ගන්නට විය.

කුරුසය අතින් ගෙන වයින් බිබී මෙරට ගොඩබට අධාර්මිකයා ආක්‍රමණයෙන් මෙරට ක්‍රිස්තියානිකරණය කරවීය.

එහිදී නිවට නියාලු ලාමක ජනයා ලාභ ලෝභ තකා ක්‍රිස්තියානිය වැළඳගත් නමුදු, ප්‍රෞඩ වූ බොදුනුවා නිවට නොවීය. එබැවින් අධාර්මිකයාගේ සැලසුම සම්පූර්ණ  නොවීය.

එබැවින් එකී තුච්ඡ ආක්‍රමණිකයාගේ මීළඟ පියවර වන්නේ සංස්කෘතික මංකොල්ලය හරහා ආගම ප්‍රචාරය කිරීමයි.

ටකරන් තහඩුවේ පටන් වැසිකිළි පෝච්චිය දක්වාත් ගොක් ඇත්තේ පටන් බුද්ධ වචනය දක්වාත් හොරකම් කිරීමට ඇති සියල්ල හොරකම් කර හෝ ආගම ප්‍රචාරය කරවීමට අධාර්මිකයා කටයුතු කරන්නේය.

ප්‍රචාරය කිරීමට ඔයහැටි තටමන ආගම පලකට ඇති නම් අමුඩෙත් ඉරාගෙන තටමන්නේ කුමක් නිසා දැයි ඇසිය යුතුව ඇත.

කුමක් නමුත් කුරුමානං අල්ලමින් පැමිණෙන උවදුර පිලිබඳ මෙසේ හෝ දැනුවත් කිරීම කල යුතුය. මේ ඒ පිලිබඳ විවරණයකි.

සංඝ යන වචනය බුද්ධ දේශනාවට ආවේණික වචනයකි. ඒ බව පහත පරිදි දත යුතුය.

//යාවතා ඛො පන, චුන්‌ද, එතරහි සඞ්‌ඝො වා ගණො වා ලොකෙ උප්‌පන්‌නො; නාහං, චුන්‌ද, අඤ්‌ඤං එකං සංඝම්‌පි සමනුපස්‌සාමි එවංලාභග්‌ගයසග්‌ගප්‌පත්‌තං යථරිවායං, චුන්‌ද, භික්‌ඛුසඞ්‌ඝො” (පාසාදික සූත්‍රය, බ්‍රහ්‌මචරියඅපරිපූරාදිකථා)//

//අප්‌පමාණො බුද්‌ධො, අප්‌පමාණො ධම්‌මො;

අප්‌පමාණො සඞ්‌ඝො, පමාණවන්‌තානි සිරිංසපානි//

//සඞ්‌ඝභෙදසුත්‌තං

‘සඞ්‌ඝභෙදො සඞ්‌ඝභෙදො’ති, භන්‌තෙ, වුච්‌චති. කිත්‌තාවතා නු ඛො, භන්‌තෙ, සඞ්‌ඝො භින්‌නො හොතී’’ති//

//උපොසථසුත්‌තං

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, මහාසමුද්‌දො න මතෙන කුණපෙන සංවසති; යං හොති මහාසමුද්‌දෙ මතං කුණපං තං ඛිප්‌පමෙව තීරං වාහෙති, ථලං උස්‌සාරෙති; එවමෙව ඛො, භික්‌ඛවෙ, යො සො පුග්‌ගලො දුස්‌සීලො පාපධම්‌මො අසුචි සඞ්‌කස්‌සරසමාචාරො පටිච්‌ඡන්‌නකම්‌මන්‌තො අස්‌සමණො සමණපටිඤ්‌ඤො අබ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරිපටිඤ්‌ඤො අන්‌තොපූති අවස්‌සුතො කසම්‌බුජාතො, න තෙන සඞ්‌ඝො සංවසති; අථ ඛො නං ඛිප්‌පමෙව සන්‌නිපතිත්‌වා උක්‌ඛිපති. කිඤ්‌චාපි සො හොති මජ්‌ඣෙ භික්‌ඛුසඞ්‌ඝස්‌ස නිසින්‌නො, අථ ඛො සො ආරකාව සඞ්‌ඝම්‌හා, සඞ්‌ඝො ච තෙන.//

//පාරාජිකපාළි

වෙරඤ්‌ජකණ්‌ඩං

යතො ච ඛො, සාරිපුත්‌ත, සඞ්‌ඝො රත්‌තඤ්‌ඤුමහත්‌තං පත්‌තො හොති අථ ඉධෙකච්‌චෙ ආසවට්‌ඨානීයා ධම්‌මා සඞ්‌ඝෙ පාතුභවන්‌ති, අථ, සත්‌ථා සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤපෙති උද්‌දිසති පාතිමොක්‌ඛං තෙසංයෙව ආසවට්‌ඨානීයානං ධම්‌මානං පටිඝාතාය.//

//බුද්‌ධං සරණං ගච්ඡාමි

ධම්‌මං සරණං ගච්ඡාමි

සඞ්‌ඝං සරණං ගච්ඡාමි//

//කූටදන්‌තසුත්‌තං

‘‘යො ඛො, බ්‍රාහ්‌මණ, චාතුද්‌දිසං සඞ්‌ඝං උද්‌දිස්‌ස විහාරං කරොති, අයං ඛො, බ්‍රාහ්‌මණ, යඤ්‌ඤො ඉමාය ච තිවිධාය යඤ්‌ඤසම්‌පදාය සොළසපරික්‌ඛාරාය ඉමිනා ච නිච්‌චදානෙන අනුකුලයඤ්‌ඤෙන අප්‌පට්‌ඨතරො ච අප්‌පසමාරම්‌භතරො ච මහප්‌ඵලතරො ච මහානිසංසතරො චා’’ති.//

//අට්‌ඨානමෙතං අනවකාසො යං දිට්‌ඨිසම්‌පන්‌නො පුග්‌ගලො සඞ්‌ඝං භින්‌දෙය්‍ය, නෙතං ඨානං විජ්‌ජතී//

මේ සියලු තැන සංඝ යන වදන යෙදෙන්නේ මහා සංඝ රත්නය හැඳින්වීම පිණිසය. එසේ ශාසනික වූ වදනක් අශාසනික වූ ක්‍රියාවක් පිණිස යොදවන්නේ නම් එය තුච්ඡ නින්දිත ක්‍රියාවකි.

එබැවින් ශාසනික ක්‍රියා, ශාසනික වදන්, සංස්කෘතිය ආදිය අවහරණය කොට අධර්මය ප්‍රචාරය කිරීම වනාහී දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

අධාර්මිකායා මෙතරම් නින්දිත වීම පිළිබඳව සංවේගය පල කර සිටිමු.

අධර්මය දුරු වේවා...!!!

ධර්මය ස්ථාපිත වේවා...!!!




කම්මාරාමතාවය සහ භික්ෂු ප්‍රතිපදාව

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් සර්වඥතා ඤාණයෙන් යුතුව නිවන පිනිසම හික්මීමට අවශ්‍ය වටපිටාව සකසා පනවා වදාරන ශාසනයක් තුල ලබන පැවිද්ද යනු යමෙකුට ලොව ලැබිය හැකි උතුම්ම ලාභයයි.

එකී ලාභයේ උපරිම පල ලබනු වස්, ඒ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාල මාර්ගය තුල, ඒ පනවා වදාල ප්‍රඥප්තීන්ට, නියතවම අනුගතව වාසය කල යුතුය. ස්වකීය අඩු ලුහුඬු කම් අනුව ප්‍රතිපදාව වෙනස් කරගැනීමට යාම යනු ශාසනික ලාභය අහිමි වී දුකට පත් වීමට මග විවර කර ගැනීමකි.

එසේ තිබියදී ඇතමෙක් මනා සේ හික්මී සංසාර දුකින් සදහටම අත මිදී නිවනට පැමිණෙන අතර ඇතමෙක් නොමනා සේ හික්මී දුගතියට ද පැමිණේ.

එබැවින් පැවිද්ද යනු දෙපැත්ත කැපෙන කඩුවකින් හරඹ කිරීමක් වැනි වූ ද, දැලි පිහියෙන් කිරි කනවා වැනි වූ ද ඉතා දුෂ්කර ක්‍රියාවකි. 

එබැවින්ම,

"කුසො යථා දුග්ගහිතො - හත්ථමෙවානුකන්තති

සාමඤ්ඤං දුප්පරාමට්ඨං - නිරයායුපකඩ්ඪති" 

යැයි කී සෙයින්, 

යම් සේ නොමනා සේ ගත් කුස තණ නිසා අත කැපී යන්නේ වෙයි ද, එසේම නොමනා ලෙස ගත් ශ්‍රමණභාවය නිසා නිරයට වැටෙන්නේ වෙයි.

ඒ බව සිහියට නැඟුණේ පසුගිය කාලය තුල සිදුවූ අශ්‍රාමණික ක්‍රියා කිහිපයක් නෙත ගැටුණු බැවිනි.

ගෞතම බුද්ධ ශාසනය තුල අශ්‍රාමණික ක්‍රියා සිදුවීම, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන් සිදු වූ නමුදු, එය නතර නොවී කෙලෙසුන්ට යට වූ පුඟුලන් විසින් ශාසන විරෝධී ලෙස හැසිරෙන බැවින්, එකී ජනයාගේ පහන් සංවේගය පිනිස, මනා සේ හික්මීම පිනිස, සංවරය පිනිස, විරාගය පිනිස, නිරෝධය පිනිස, අපට කල හැකි උපකාරය සිදු කිරීමට අදහස් පහල විය.

සාධු සිතින් විමසා හික්මීම උභයාර්ථ සාධනීය බව දකිනු මනාය.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නිතර මෙනෙහි කල යුතු කාරණා දහයක් දේශනා කල සේක එනම්, 

1. ‘වෙවණ්‌ණියම්‌හි අජ්‌ඣුපගතො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

මම විවර්‍ණභාවයට පැමිණියේ වෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

එනම් පැවිද්දා විසින් තමා ගිහි ලිංගයෙන් වෙන්ව ගිහි ඇඳුම් පැළඳුම් පරිෂ්කාරයන්ගෙන් වෙන්ව වෙනස්ම ස්වභාවයකට පැමිණියෙමි යැයි නිතර සිහිපත් කල යුතුය. එකල්හි ශ්‍රමණ සඤ්ඤාව වර්ධනය වේ.

2. ‘පරපටිබද්‌ධා මෙ ජීවිකා’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

මාගේ ජීවිතය අනුන් හා බැඳුනේ යැයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

එනම් පැවිද්දා විසින් තමා පරිහරණය කරන සිවු පසය වනාහී ගිහියන්ගෙන් ලැබෙන, ගිහියන් දෙන දෙයින් තමා ජීවත් වන බව නිතර සිහිපත් කල යුතුය. එකල්හි ආජීවය පිරිසිදු වේ.

3. ‘අඤ්‌ඤො මෙ ආකප්‌පො කරණීයො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

‘මා විසින් අන්‍ය වූ ආකල්පයක් කලයුතු යැයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

එනම් පැවිද්දා විසින් ගිහියන්ගේ හැසිරම් ආදියෙන් ද වෙන්ව ශ්‍රමණ සාරුප්‍ය සන්සුන් ඉඳුරන් සහිතව හැසිරෙමි යැයි නිතර සිහිපත් කල යුතුය. එමගින් ඉන්ද්‍රිය සංවර ආදී ගුණයන් දියුණු කරගත හැකිය.

4. ‘කච්‌චි නු ඛො මෙ අත්‌තා සීලතො න උපවදතී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

කිමෙක් ද මාගේ සිත සීලය හේතුවෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

ස්වකීය හෘදය ශාක්ෂියෙන් තමාගේ සීලය පිළිබඳව තමාට චෝදනා නොනැගෙන්නේ දැයි පැවිද්දි නිතර සිහිපත් කල යුතුය. එවිට තමාගේ සීල පාරිශුද්ධිය තමා තුලින්ම ගොඩ නැගේ.

5. ‘කච්‌චි නු ඛො මං අනුවිච්‌ච විඤ්‌ඤූ සබ්‍රහ්‌මචාරී සීලතො න උපවදන්‌තී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

කිමෙක් ද පණ්ඩිත වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා, විමසා කරුණු දැන සීලය හේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ'යි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

තමාගේ දොස් තමාට නොපෙනෙන හෙයින් එක්ව සීල සමාධි ප්‍රඥා දියුණු කරන පැවිද්දන්ගෙන් සීලය පිළිබඳ චෝදනා නොනැගේදැයි පැවිද්දා නිතර සිහිපත් කල යුතුය. එමගින් තමාගේ සැඟවුන කෙලෙසුන් ද විමසා සකසා ගත හැකිය.

6. ‘සබ්‌බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

තමා ප්‍රිය කරන වස්තූන්ගෙන් වෙන්වන්නට වන බව පැවිද්දා නිතර සිහිපත් කල යුතුය.

එමගින් ත්‍රිලක්ෂණය නිතර භාවිතාවේ පවත්වා ගනිමින් කෙලෙස් දුරු කරගැනීමට උපකාර ලැබෙන්නේ වෙයි.

7. ‘කම්‌මස්‌සකොම්‌හි කම්‌මදායාදො කම්‌මයොනි කම්‌මබන්‌ධු කම්‌මපටිසරණො, යං කම්‌මං කරිස්‌සාමි කල්‍යාණං වා පාපකං වා තස්‌ස දායාදො භවිස්‌සාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

කර්මය ස්වකීය කොට ඇත්තෙමි, කර්මය දායාද කොට ඇත්තෙමි, කර්මය යෝනි කොට ඇත්තෙමි, කර්මය බන්ධු කොට ඇත්තෙමි. යම් කල්‍යාණ වූ හෝ පාප වූ හෝ කර්මයක් කරමි නම් එයට දායාද වෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

මෙසේ මෙනෙහි කිරීම කර්මානුකූලව සිදුවන ධර්මයන් හමුවේ අටලෝ දහමින් කම්පා නොවී සිටීම හෙවත් තාදී ගුණය දියුණු කරගැනීමට උපකාරී වේ.

8. ‘කථංභූතස්‌ස මෙ රත්‌තින්‌දිවා වීතිවත්‌තන්‌තී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

කුමක් කරන්නා වූ මාගේ රෑ දවල් ඉක්ම වන්නේ දැ”යි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

වත පිලිවෙත කරමින්, ධර්ම විනය හදාරමින්, සමථ විදසුන් වඩමින් තමාගේ කාලය අර්ථවත්ව ගෙවෙන්නේ ද නොමැති නම් කම්මාරාමතා ආදියෙහි යෙදෙමින් කාලය අපතේ දමන්නේ දැයි පැවිද්දා විසින් නිතර සිහිපත් කල යුතුය.

9. ‘කච්‌චි නු ඛො අහං සුඤ්‌ඤාගාරෙ අභිරමාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

කිමෙක් ද මම ශූන්‍යාගාරයෙහි සිත් අලවා වාසය කරමි දැ”යි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

අරණ්‍ය, වෘක්ෂ මූල, ශුන්‍යාගාර ආදියෙහි සිත් අලවා වාසය කරමින් නිවනට මග වඩන්නේ ද නැතිනම් කෙලෙසුන්ට වසඟව වාසය කරන්නේ දැයි පැවිද්දා විසින් නිතර සිහිපත් කල යුතුය.

10. ‘අත්‌ථි නු ඛො මෙ උත්‌තරි මනුස්‌සධම්‌මො අලමරියඤාණදස්‌සනවිසෙසො අධිගතො, සොහං පච්‌ඡිමෙ කාලෙ සබ්‍රහ්‌මචාරීහි පුට්‌ඨො න මඞ්‌කු භවිස්‌සාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.

“උත්තරීතර වූ මනුෂ්‍යයන් සතු, ආර්ය ඥානදර්ශන යැයි කීමට සුදුසු ගුණ විශේෂයක් මා විසින් ලබාගෙන තිබේ දැයි, ඒ මම අවසාන කාලයෙහි සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් විමසන ලදුව ගොළු නොවෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍ර‍ත්‍යවේක්ෂා කල යුතුය.

පැවිද්ද නම් නිවන පිනිසමය යන්න දැන, තමා නිවනින් කොතෙක් දුර ද, නිවනට කෙතරම් සමීප ද යන්න විමසා, හිස් නොවූ මිනිසකු සෙයින්, උතුම් බුද්ධ පුත්‍රයකු සෙයින් වාසය කිරීම පිනිස පැවිද්දා නිතර සිහිපත් කල යුතුය.

මෙකී අංග දසය නිතර මෙනෙහි කරන්නා වූ භික්ෂුව වනාහී හිස් නොවූ ජීවිතයක් ගත කරන උත්තම වූ භික්ෂූන් වහන්සේ නමකි. එකී ගුණ තව ද වර්ධනය කර ගැනීම පිනිස පහත පරිදි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයන් පිලි පැදීම ද පැවිද්දා විසින් කල යුතුය.

‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ අපඤ්‌ඤත්‌තං න පඤ්‌ඤපෙස්‌සන්‌ති, පඤ්‌ඤත්‌තං න සමුච්‌ඡින්‌දිස්‌සන්‌ති, යථාපඤ්‌ඤත්‌තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්‌තිස්‌සන්‌ති, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි. (මහාපරිනිබ්බාන සූත්‍රය)

මහණෙනි, යම්තාක් මහණහු නොපැනවූ දෙයක් නො පනවන්නාහු ද, පැනවූ දේ නො සිඳින්නාහු ද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම බලාපොරොත්තු විය යුතුය, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුය.

එනම්, ශාසනයේ හිමිකරු, අයිතිකරු, භාරකරු යනාදී සියල්ල දරා සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ බැවින්, භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ආකාරයෙන්ම ශ්‍රාවකයා හික්මෙනතාක් කල්, ශ්‍රාවකයාගේ පරිහානියක් සිදු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ නියමයන්ට පටහැනි යමක් අලුතෙන් පනවන්නේ වෙයි ද, පනවා ඇති නියමයක් කඩන්නේ වෙයි ද, එකල්හි ශ්‍රාවකයා පිරිහෙන්නේය.

එකී පරිහානියෙන් මිදෙනු පිණිස පනවා වදාළ පරිදිම හික්මීම කල යුතුය.

‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ න කම්‌මාරාමා භවිස්‌සන්‌ති න කම්‌මරතා න කම්‌මාරාමතමනුයුත්‌තා, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මහණහු කර්මාරාම (උද්දේසාදි‍ය හැර සිවුරු කිරීම්, ඉදිකිරීම් ආදි කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම බලාපොරොත්තු විය යුතුය, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුය. 

පැවිද්ද නම් නිවන පිණිසමය. නිවන පිණිස පවතින ශාසනය තුලට වී කම්කරු රැකියා කරන්නේ නම් හෝ කරවන්නේ නම් හෝ එකී භික්ෂුවට පරිහානිය නියතය. වැළැක්විය නොහැක.

‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ මෙත්‌තං කායකම්‌මං..... මෙත්‌තං වචීකම්‌මං..... මෙත්‌තං මනොකම්‌මං පච්‌චුපට්‌ඨාපෙස්‌සන්‌ති සබ්‍රහ්‌මචාරීසු ආවි චෙව රහො ච, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි.

මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්මය.... මෛත්‍රීමය වාක්කර්මය.... මෛත්‍රීමය මනඃකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. 

එසේ බුද්ධ අවවාදය අනුව හික්මෙන්නා වූ භික්ෂුව සෙසු භික්ෂූන් වහන්සේලා ඇති තැනත්, නැති තැනත් මෛත්‍රී සිතින්ම වාසය කල යුතුය. එසේ නොවන්නේ නම් ශාසන අභිවෘද්ධිය පිණිස කල්‍යාණමිත්‍ර උපකාරයක් ලබන්නේ කෙසේද? 

එසේම භික්ෂූත්වය යනු සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව මතම රඳා පවතින්නක් බව ඉඳුරාම දත යුතුය. නොමැත්තේ නම් එය පුස්සකි.




භද්‍රක සූත්‍රය හා අධර්ම විවරණ

භද්‍රක සූත්‍රය යනු දුක හටගන්නේ අනිත්‍යතාවය නිසා නොවේය යනුවෙන් පවසන පුද්ගලයින් උදාහරණයට ගන්නා ප්‍රසිද්ධ සූත්‍රයකි. එකී සූත්‍රය තුල දුකට හේතුව ලෙස දක්වා ඇති අර්ථකථනය භාවිතා කොට ස්වකීය මතය සාධනය කරගැනීමට එම පිරිස කටයුතු සිදු කරයි. එනමුත් සූත්‍රය පරිදිම ඔවුන්ගේ මතය ගැන ඇති ඡන්ද රාගය නිසාවෙන් ඔවූහූ දුකට පත් වී ඇත.

පළමුකොටම භද්‍රකසූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාරණාව වටහාගෙන සිටිය යුතුය. නොමැත්තේ නම් අමාර්ග පිළිපන් වීමට ඇති අවකාශය නතර කල නොහැක.

භද්‍රක සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරණ සේක.

“අපිචාහං ගාමණි ඉධෙව නිසින‍්නො එත්‍ථෙ ව තෙ නිසින‍්නස‍්ස දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.”

“එනමුදු ගාමිණී, මම මෙහි ම හිඳිමින් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අත්ථංගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.”

එයින්ම පැහැදිලිවන්නේ භද්‍රක ගාමිණී හට දුක්ඛ සමුදය හා නිරෝධය දේශනා කරන බවයි. එනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දේශනා කරන බවයි.

ඒ අනුව දුක්ඛ සමුදය ලෙස දේශනා කරන්නා වූ ඡන්දරාගය යනු දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හෙවත් තෘෂ්ණාවයි.

ඒ බව මෙසේ දත යුතුය.

“ඉමිනා ත්‍වං ගාමණි ධම‍්මෙන දිට‍්ඨෙන විදිතෙන අකාලිකෙන පත‍්තෙන පරියොගාළ‍්හෙන අතීතානාගතෙ නයං නෙහි, යං ඛො කිඤ‍්චි අතීතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්ස. යං හි කිඤ‍්චි අනාගතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජිස‍්සති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සාති.”

එනම්,

“ගාමිණී, දකින ලද, වටහා ගත්, අකාලික වූ, පැමිණි, බැසගත්, මේ දහමෙන් තොප අතීතානාගත දෙකෙහි න්‍යාය පමුණුවවු. අතීතයෙහි යම් කිසි උපදින්නාවූ දුකක් උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මූලය යි. අනාගතයෙහි යම් කිසි උපදින්නාවූ දුකක් උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මූලය යි.”

ඒ අනුව අතීත අනාගත මෙන්ම වර්තමානයේ හටගන්නා වූ ද සියලු දුක්ඛයන්ගේ මූලය හෙවත් සමුදය යනු ඡන්දරාගය හෙවත් තණ්හාවයි.

එසේ නම් මෙකී සුත්‍රය තුල “යමක් අනිත්‍ය නම් එය දුකකි” යන බුදු වදන ප්‍රතික්ෂේප කෙරේද?

කිසිසේත් නැත.

“දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” හා “අනිත්‍ය නිසා දුකයි” යනු වෙනම කතා දෙකකි. එකී කතා දෙක පටලවාගෙන, බාගෙට අර්ථ විමසන ලද නිසාවෙන් “අනිත්‍ය නිසා දුක හට නොගනී. කැමැත්තෙන් බැඳුන නිසා දුක හටගනී” යන දෘෂ්ඨියට වැටේ.

යමක් අනිත්‍ය වීම නිසා දුක හටගැනීමත්, දුක්ඛ සමුදයත් යනු වෙන වෙනම වටහාගත යුතු කාරනා දෙකකි. ඒ බව මෙසේ දත යුතුය.

දුක්ඛ සමුදය යනු සංසාරික වශයෙන් දුක නැවත නැවත හටගැනීමේ හේතුව දේශනා කිරීමයි. 

"යමක් අනිත්‍යයි නම් එය දුකයි" යනු විපරිනාම අඤ්ඤතාභාවය හේතුවෙන් පීඩාවට පත් වීමයි. පෙලීමයි. විඳවීමයි. දුක් වීමයි. දුක් විඳීමයි.

එනම් දුක්ඛ සමුදය හේතුවෙන් භවයෙන් භවයට යන දුක්ඛස්කන්ධය, එක් භවයක ප්‍රතිසන්ධියේ පටන් චුතිය දක්වා ජරා මරණාදී පීඩාවන්ට පත් වීමක් සිදු වේ ද, එය අනිත්‍යතාවය නිසාම සිදු වන්නකි.

ප්‍රිය වස්තු නිසා දුක හටගන්නේ ද එකී ප්‍රිය වූ වස්තු අනිත්‍ය නිසාවෙනි. ප්‍රිය වූ යමක් වේ ද, එය අනිත්‍ය නොවේ නම් කෙසේ නම් දුක හටගනීද? අනිත්‍ය නිසාම ප්‍රිය වස්තු කරණ කොට දුක හට ගනී.

එකී අනිත්‍ය වූ වස්තු කෙරෙහි උපාදාන ගොඩනගා ගෙන ඒ හේතුවෙන් සංස්කාර රැස් කරගන්නේ ද, අනිත්‍යතාවය හමුවේ අකම්පිත නොවන හෙයිනි. 

එබැවින් තෘෂ්ණාව හෙවත් දුක්ඛ සමුදය හේතුවෙන් දුක නැවත නැවත හටගන්නේ ද අනිත්‍යතාවය මූලික කරගනෙමය.

උපාදානය හෙවත් ඡන්ද රාගය ද වෙනස් නොවේ නම් තල තිස් එකක් තුල වෙනස් උප්පත්තීන් නොලැබී ඒකාකාරවම පවතින්නේ වෙයි.

එබැවින් තෘෂ්ණාව ද අනිත්‍ය නිසාවෙන් දුක්ඛස්කන්ධය ද වෙනස් වීම පහල වෙයි.

එබැවින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පවතින්නේ ද අනිත්‍යතාවය පදනම් කරගෙන බව දත යුතුය.




වැළකිය යුත්තේ මාංශ අනුභවයෙන්ද? ප්‍රාණඝාතයෙන් ද?

මාංශ අනුභවය යන මේ කාරණය අතීතයේ පටන් ගැටලුවට තුඩු දුන් හා නිසි විසඳුම සහිත

ගැටලුවකි. එනමුත් ඒ නිසි විසඳුම පිළිගැනීමට මැලිකමක්‌ දැක්‌වීම නිසා මේ ගැටලුව නැවත නැවත ද සමාජය තුළ කතාබහට ලක්‌වෙයි. එබැවින් අපගේ මේ උත්සාහය පිරිසිදු බුද්ධ දේශනාව අනුව ගැටලුව දෙස බලා අදහසක්‌ දැක්‌වීමයි.

සැබෑවටම මාංශ අනුභවය නොකළ යුතුමද?

මේ ගැටලුවට පිළිතුරු සඳහා පෙලෙහි කථා වස්‌තු දෙකක්‌ දක්‌වමු. පළමු වැන්න

මෙසේයි.

”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං

ආචරියුපජ්Cධායා උපට්‌ඨහන්තා නාසක්‌ ංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා

ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි.

භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං

ආමකලෝහිතන්ති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)

එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට

උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය.

භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’

මෙහි අටුවා අර්ථය මෙසේයි.

‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ

ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ

භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.

මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව

කරන්නේ අමනුෂ්‍යයා විසිනි. ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම

සුදුසු බවයි.

දෙවැනි කථා වස්‌තුව නම් සුප්පියා කථා වස්‌තුවයි.

‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ

පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං

ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)

එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ

භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට

මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු

ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’

යෑයි අණ කළාය.

ඉන් පසු කතා වස්‌තුව බොහෝ දෙනෙකු දන්නා බැවින් හා මෙයට අත්‍යවශ්‍ය නොවන බැවින්

නොදක්‌වමු. කෙසේ වුවද මෙයින් පෙනී යන්නේ යම් රෝගාබාධයන්ට මාංශ ආහාර සුදුසු

බවයි. තවද පෙර භවයක බෝසතාණන් වහන්සේගේ මෑණියන්ට ඇතිවූ රෝගයකට ප්‍රතිකර්ම ලෙස සා මස්‌ නියම කිරීමක්‌ද මෙතැන සිහිපත් කරනු කැමැත්තෙමි.

තවද බුදුරජාණන්වහන්සේ විසින් අකැප මස්‌ දසයක්‌ දක්‌වා ඇත. අකැප මස්‌ දසයක්‌

තිබෙනවා යනු ඒ දසය හැර අනෙක්‌වා කැපය යන්නයි. එසේම දෙව්දත් තෙරුන් විසින්

ඉල්ලන ලද ඉල්ලීම් පසෙහි වූ දිවි ඇතිතාක්‌ නිර්මාංශ වීම ප්‍රතික්‌ෂේප කොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුදැන වදාරා ඇතැයි දේශනා කළ සේක. ඒ ත්‍රිකෝටික එනම් අන්ත තුනකින් පිරිසිදු වූ මස නම් අදිට්‌ඨ, අසුත, අපරිසංකිත වූ මාංශයයි.

අදිට්‌ඨ යනු තමා වෙනුවෙන් මරණ බවක්‌ නොදුටු යන්නයි. 

අසුත යනු තමා උදෙසා මැරූ

බවක්‌ නොඇසූ යන්නයි. 

අපරිසංකිත යනු තමා උදෙසා මරණ ලද්දේ යෑයි සැක නොමැති වීමයි. මෙසේ තුන් කෙළවරින් පිරිසිදු වූ මාංශය වැළඳීම තුළින් තමන්ට ප්‍රාණඝාත ආදී අකුසලයක්‌ නොවේ. එබැවින් එබඳු මසක්‌ අනුභවය ගැටලුකාරී නොවේ.

මේ ආදී හේතු නිසා බුද්ධ දේශනාව අනුව මාංශ අනුභවය නොකළ යුතුමය කියා පැවසීමට

හේතුවක්‌ නොමැත.

වැළකිය යුත්තේ කුමකින්ද?

මේ මාංශ අනුභවය ගැන කතා කරන සියල්ලන්ම පාහේ පවසන්නේ සත්ත්ව හිංසනය පිළිබඳවයි. ඒ ඔවුන්ගේ අනවබෝධය මත සිදු වන්නකි. සැබෑවටම ඝාතනය කරන සෑම සතකුම ඝාතනය කරන්නේ

මස්‌ පිණිසමද?

මඳක්‌ සිතන්න. සත්ත්වයින් අනේකාකාර වේ. අපා දෙපා සිවුපා බහුපා ආදී ලෙසද දිය

ගොඩ ආදී ලෙසද මනුෂ්‍ය අමනුෂ්‍ය ලෙසද තිරිසන් ආදී ලෙසද බෙදිය හැකිය. මෙයාකාර

සත්ත්වයින් ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?

පිස්‌සු හැදිලාය කියා සුනඛයන් මරා දමන්නේ මස්‌ පිණිසද? වගාවන්ට හානි කරනවා

කියා කෘමිනාශක ඉසින්නේ කෘමීන්ගේ මස්‌ පිණිසද? නිවසට අලාභ කරනවා කියා මීයන්

මරන්නේ මස්‌ පිණිසද? ලෙඩ බෝ කරනවා කියා මදුරුවන් මරන්නේ මස්‌ පිsණිසද? තවද

කැරපොතු, උකුණු, මකුණු, කුහුඹු ආදී සත්ත්වයින් වනසා දමන්නේ මස්‌ පිණිසද? හොඳම කාරණාව නම් මහපොළව බෙදා ගැනීමට නොහැකිව රට රටවල් යුද්ධ කරමින් මිනිසුන් මරා දමන්නේ මස්‌ පිණිසද? වැට ඉන්නට, කොස්‌ ගෙඩියට, පොල් ගෙඩියට මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද? මංකොල්ලකරුවන් මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද?

මෙසේ බැලූ කල අවිහිංසාව මුලට දමාගෙන මස්‌ කෑම ගැන කතා කිරීම යනු විහිළුවක්‌

පමණකි. අවිහිංසාව නම් සියලු සතුන් කෙරෙහි විය යුතුය. මස්‌ කන සතුන් ගැන පමණක්‌

අවිහිංසාවක්‌ කුමටද? එසේම එබඳු ඇතැමෙක්‌ ගවයන් වැනි සතුන්ට පමණක්‌ අභය දෙනු

පෙනෙයි. ඌරන්, කුකුළන්, මත්ස්‍යයන් නොපෙනෙයි. එබඳු තැනක සැබෑ අවිහිංසාවක්‌

තිබිය හැකිද?

තවද අවිහිංසාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නෙක්‌ඛම්ම සංකප්ප යටතේ එන

සංකල්පනාවකි. එය එක්‌ අංගයක්‌ පමණි. එය පරමාර්ථය ලෙස ගනිමින් අවිහිංසාවාදී වීම

දෘෂ්ටිගතික වීමකි. එය නිවන් මග නොවන්නේය.

නමුදු අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඉහත ආකාර වූ අනේක සත්ත්වයන්ට අභය දානය

දිය හැකිය. අපටද අකුසලයෙන් මිදිය හැකිය. නමුදු මාංශ අනුභවයෙන් වෙන්වී

ප්‍රාණඝාතයේ නිරත වනවා නම් මඟ හසර වරදවා ගනිමින් අපාගාමී වනු ඇත.

ඉදින් මේ මාංශ අනුභවය හා ප්‍රාණඝාතය යන කාරණා දෙක දෙස ගැඹුරින් බලන කල වටහා

ගැනීමට හැකි වන්නේ මාංශ අනුභව කරන සෑම විටම ප්‍රාණඝාතයක්‌ සිදු නොවන බවත් මාංශ අනුභවයට වඩා ප්‍රාණඝාතය බරපතල බවත්ය. අපි ප්‍රාණඝාතයෙන් වළකින්නේ නම් ඒ හරහා බොහෝ වූ අභය දානයන් කළ හැක. සීලය දියුණු කරගත හැකිය. කරුණා මෛත්‍රිය වර්ධනය කළ හැක. එතුළින්ම නිර්වාණයද සාක්‍ෂාත් කළ හැකිය. ඒ නිවනට මග නම් සීල, සමාධි, ප්‍රඥා මිසෙක අවිහිංසාවාදය නොවන බැවිනි.)




භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය දිවි හිමියෙන් රකින්නෝ කවරහුද?

සම්බුද්ධ ශාසනය වනාහී සකල ලෝක වාසී සකල සත්ව වර්ගයා උදෙසාම ⁣විවර වූවකි. ශාසනික ලාභය ලැබීමට හේතු සම්පත්ති සහිත වූ ඕනෑම සත්වයකුට එහි අග්‍ර පල නෙලා ගැනීමට කිසිදු බාධාවක් නොමැත.

එනමුත් සියලු සත්වයෝ එකී ශාසනය ස්වකීය උරුමය කොට රකින්නෝ නොවෙති. එසේ රකින්නෝ සිටිත් නම් ශාසනය අතුරුදන් නොවනු ඇත.

එනමුත් "අත්ථි ලොකෙ දන්ධා බහූ නො පණ්ඩිතා" යැයි කී නයින් අඥානයෝ බහුල බැවින් කැනහිලුන්ගෙන් සිංහ තේජස් නොලැබෙන්නා සේ මෝඩයන්ගෙන් ශාසනය රැකීමක් කෙසේ ලබමුද?

කුමක් කෙසේ කවදා සිදු වූවත්, ශාසනාලයැති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයන්ගේ ආධ්‍යාස මස්ථකප්‍රාප්ත කරමින් සුගත තථාගත සර්වඥ රාජොත්තමයාණන් වහන්සේ, ශාසන චිරස්ථිතිය පිනිස දිවි හිමියෙන් කැපවන්නෝ කවරහුදැයි පෙන්වා වදාළ සේක. එපමණක් නොව එහිලා විනය පැනවීමක්ද පනවා වදාළමින් අවශ්‍ය නීතිමය රැකවරණය ද සලසා දුන් සේක.

කවරෙක් නම් එසේ දිවි හිමියෙන් ශාසනය රකින්නේ ද යන්න මෙසේ දත යුතුය.

"සචෙ, භික්ඛවෙ, ජාතියා සාකියො අඤ්ඤතිත්ථියපුබ්බො ආගච්ඡති, සො ආගතො උපසම්පාදෙතබ්බො, න තස්ස පරිවාසො දාතබ්බො. ඉමාහං, භික්ඛවෙ, ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මී." (මහාවග්ගපාළි, මහාඛන්ධකො, අඤ්ඤතිත්ථියපුබ්බකථා)

ඉදින් මහණෙනි ජාතියෙන් ශාක්‍ය වී අන්‍යතීර්ථක වූවකු බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්දාව ලැබීමට පැමිණෙන්නේ වෙයි. ඒ පැමිණි ඔහු උපසම්පදා කල යුතුය. පරිවාසය නොදිය යුතුය. මහණෙනි මම ඤාතීන්ට (සාක්‍යයන්ට) මේ ආවේණික පරිහාරිය දෙමි.

භාග්‍යවතුන් වහන්සේ එසේ පැනවීමට හේතුව කුමක් ද යත්,

"ඉමාහං භික්ඛවෙ ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මීති ඉමං අහං තෙසං පාටෙක්කං ඔදිස්සකං පරිහාරං දදාමි. කස්මා එවමාහ? තෙ හි තිත්ථායතනෙ පබ්බජිතාපි සාසනස්ස අවණ්ණකාමා න හොන්ති, අම්හාකං ඤාතිසෙට්ඨස්ස සාසනන්ති වණ්ණවාදිනොව හොන්ති, තස්මා එවමාහාති."

මහණෙනි මම ඤාතීන්ට (සාක්‍යයන්ට) මේ ආවේණික පරිහාරිය දෙමියි යනු මම ඔවුන්ට විශේෂයෙන් වෙන්කොට දෙනු ලබන පරිහාරියක් දෙමි. කවරක් හෙයින් මෙසේ පැවසී ද ? ඔවුන් තීර්ථක ආයතනයක පැවිදි වූ නමුත් ශාසනයෙහි නුගුණ කියනු කැමැත්තෝ නොවෙත්. අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාගේ ශාසනය යැයි වර්ණනා කරන්නෝම වෙති. එසේ හෙයින් මෙසේ පවසන ලදි.

මෙසේ පනවා වදාළ පරිදි ජාතියෙන් ශාක්‍ය වූ භාග්‍යවතුන් වහන්සේගේ ලේ ඤාතීත්වය ඇත්තෝ ස්වකීය ඤාතීත්වය කරණකොට ගෙන ශාසනය රකින්නෝ වෙති. 

එබැවින් දිවි හිමියෙන් ශාසනය රැකීමක් යම් සේ යමෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ද, එසේ ශාසනය රකින්නෝ සාක්‍ය වංශිකයෝ හැර අන් කවරහුද?




සසර නම් අතිශය භයංකාරය.

සසර නම් අතිශය භයංකාරය. එකදු මොහොතක හෝ වාසයට සුදුසු බවක් නොමැත්තේමය. සසර සරනා සත්වයා නිරතුරු ජාති, ජරා, ව්‍යාධි, මරණ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡිතාලාභ... යනාදී දුක්ඛස්කන්ධයකින් ඇලී, ගැලී, වෙලී, පැටලී සිටින්නේය. එකොළොස් ගින්නකින් නිරතුරු දැවෙන්නේය. එනමුත් ඒ බව නොදන්නේය.

එබැවින් ඔහු දුකින් මුද්වාලිය යුතුමය.

සැබැවින්ම කෙසේ නම් එකී සත්වයා දුකින් මිදවිය හැකිද?

කෙලෙස් වසඟ වූ සත්වයා දුකින් මිදීමට නොකැමැති වන්නේය.

කුමක් නමුත් ඔහු දුකේ බැවින්, ඉන් මුදවාලිය යුතුමය.

සත්වයා සසර දුකින් මුදවලිය යුතු බව නියත සත්‍යයකි. එනමුත් එකී සත්වයාට තමා දුකෙහි බව නොපෙනෙනවා යන්නද සත්‍යයකි. නමුත් ඇතැමෙක් තමා ගලවා ගන්නා ලෙස අයාචනා කරන අවස්ථා ද නැතුවාම නොවේ. නමුත් සමස්ථයක් වශයෙන් සත්වයා තමා දුකේ බව නොදන්නේය.

තමා දුකේ බව නොදන්නා සත්වයකුට, දුකින් මිදේවා කියා අනුශාසනා කල ද, ඔහුට ඉන් මිදිය නොහැක. ඒ ඔහු දුක නොදන්නා බැවිනි. එබැවින් සසර සැරිසරන සත්වයාට, සසර සැරිසැරීම යනු දුකක් බවත්, තමා ඒ දුකෙහි නිමග්නව සිටිනා බවත් පෙන්වා සිටිය යුතුය.

එසේ තමා දුකේ බව පෙන්වා දීම යනු සම්මා දිට්ඨිය ඇතිකරලීමයි.

සම්මා දිට්ඨිය ඇති සත්වයා හට දුකින් මිදීමේ අවශ්‍යතාවය පැන නගින්නේය. එසේ අවශ්‍යතාවය ඇති සත්වයාට මාර්ගය පෙන්වා දුන් පසුව, ඔහු එහි ස්වාධීනව ගමන් කරනු ලබන්නේය.

එබැවින් පළමුව දුකත්, තමා ඒ දුකේ බවත් පෙන්වා ඉන් අනතුරුව දුකින් මිදීමට මග පෙන්විය යුතුය. එහිදී දුකේ හේතුව සහ දුකින් මිදීම ද පෙන්වා දෙන්නේ නම්, සත්වයා මනා සේ දුකින් මිදීම කරා ගමන් කරන්නේය.

එබැවින් දුක, හේතුව, මිදීම, මාර්ගය පිළිවෙලින් පෙන්වා දීම ඉතා යහපත් මග පෙන්වීමකි.

එසේ මග පෙන්වා සිටීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය. 

දුකින් නිදහස් වීමේ සැනසීම මෙබඳු යැයි දුකින් මිදීමේ සැනසීම පෙන්වා දිය යුතුය. එකල්හි, දුක හා සැනසීම සංසන්දනය කරනු ලබන පුද්ගල තෙමේ, ස්වෝත්සාහයෙන් දුකින් මිදෙන්නේය.

එබැවින් ඔබත්, වහ වහා සම්‍යක් දෘෂ්ටික වන්න. නිසි මග වඩන්න. නිවනින් සැනසෙන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!




භාග්‍යවතුන් වහන්සේ සැප ප්‍රතික්ෂේප නොකළ සේක.

සුගත තථාගත දසබලධාරී සර්වඥ රාජෝත්තම සම්මා සම්බුදු රජාණන්වහන්සේ සකල ලෝක වාසී සකල සත්ව වර්ගයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුතුව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර වදාළ සේක. එයින් දුක්ඛ ආර්ය සත්‍යය තුල දුක්ඛය වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන් සේක. එනමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දුක පෙන්වා, ඒ දුකින් මිදීම ද පෙන්වා දුන්නා මිසක දුක තුල වාසයට මග පෙන්වීමක් සිදු නොකළ සේක.

නමුත් වර්තමාන සමාජයේ ඇතැමෙක් දක්වන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම හේතුවෙන් මිනිසා දුක තුල සිරවී ඇත.

එය සාවද්‍ය කතාවකි.

බුදුරජාණන්වහන්සේ දුක පමණක් නොව දුකට හේතුව ද, දුකින් මිදීම ද, දුකින් මිදීමට මාර්ගය ද පෙන්වා දුන් සේක. එය පෙන්වා දුන්නා පමණක් නොව අනුගමනය කර දුකින් මිදුණු ශ්‍රාවක පිරිස් ද ගොඩනැංවූ සේක. 

එසේ සදාකාලිකව දුකින් මිදීම පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ කිසි ලෙසක සැප විඳීම ප්‍රතික්ෂේප නොකළ සේක. ගිහි වුව ද, පැවිදි වුව ද, දුකින් මිදීම සුවසේ සිදු කරනා ආකාරයම පෙන්වා වදාළ සේක. එසේම ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන්ම සැපවත් වීම ද පෙන්වා වදාළ සේක.

එනමුත් භාග්‍යවතුන් වහන්සේ මූලිකත්වය දුන්නේ ලෝකෝත්තර සැපයටයි. 

එය බව මෙසේ දත යුතුය.

‘‘ද්‌වෙමානි, භික්‌ඛවෙ, සුඛානි. කතමානි ද්‌වෙ? උපධිසුඛඤ්‌ච නිරුපධිසුඛඤ්‌ච. ඉමානි ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ සුඛානි. එතදග්‌ගං, භික්‌ඛවෙ, ඉමෙසං ද්‌වින්‌නං සුඛානං යදිදං නිරුපධිසුඛ’’න්‌ති. (අ.නි, දුක නිපාත, සුඛ වග්ගය)

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්‍රෛභූමකසුඛ සඞ්ඛ්‍යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්‍යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, එය අග්‍ර වේ.

ඒ ලෝකෝත්තර සැපයට පැමිණෙන මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. 

ලෝකෝත්තර සැපයට යන මාර්ගය දේශනා කල භාග්‍යවතුන් වහන්සේ ලෞකික සැපයට පැමිණෙන මාර්ගයද දේශනා කල සේක. එනම් පුණ්‍යක්‍රියාවයි.

“පුඤ්‌ඤඤ්‌චෙ පුරිසො කයිරා - කයිරාථෙතං පුනප්‌පුනං

තම්‌හි ඡන්‌දං කයිරාථ - සුඛො පුඤ්‌ඤස්‌ස උච්‌චයො.” (ධම්මපදය)

ඉදින් පුරුෂ තෙම පුණ්‍ය කර්‍මයක් කෙළේ වී නම් එය නැවත නැවැත කරන්නේ ය. ඒ පිනෙහි ඡන්දය ඇති කරන්නේ යි.  පිනෙහි එකතුව සැපයයි.

එඅවින් භාග්‍යවතුන් වහන්සේ දුක පමණක් පෙන්වා වදාළේය යන මතය සාවද්‍ය වන අතරම නිවනට මග පමණක් පෙන්වා වදාළේය යන්න ද වැරදි මතයකි. 

භාග්‍යවතුන් වහන්සේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනය කරන මාර්ගය පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ නමකි.




ඒකාන්ත සත්‍ය වන්නේ බුදු දහම පමණි

ලෝකය හටගන්නේය. බිඳෙන්නේය. ඒ හටගැනීම, බිඳීම අතරෙහි බොහෝ දේ සිදුවන්නේය. ඒ සිදුවන බොහෝ දේ අතරින් ලොව සිදුවන ආශ්චර්යමත්ම සිදුවීමක් ඇත. ඒ සිදුවීම නම්, ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීමයි.

අවමයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, උපරිමයෙන් සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද වශයෙන්, දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව යන පාරමිතාවෝ, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් තිස් ආකාරයකින් සපුරා, ප්‍රඥාවෙන් පරතෙරට පැමිණ, ලොව ඇති සියල්ල පිලිබඳ දැනගත හැකි, දැනගත යුතු, සියල්ල දැක, දැන, මතු උපත නවතා, නවතන මග පෙන්වා දී ඒ මහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරන සේක.

ඒ ආකාරයෙන්ම යමින්, සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ, මෙයින් වසර 2600 පමණ පෙරාතුව ලොව පහල වී, සත් වගට අමා දම් බෙදා දී, පිරිනිවන් පා වදාළ සේක.

එනමුත්, ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය ලොව නිර්මලව ඉතිරිව ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික වූ ද, පාරිභෝගික වූ ද, ධාතුන් වහන්සේලා ද ලොව ශේෂව ඇත. එපමණක් ද නොව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහෝත්තම මහා රහතන් වහන්සේලාගේ ද ධාතුන් වහන්සේලා ශේෂව ඇත.

ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා...!!!

මාගේ ජීවිතයම ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරමි. පූජාම වේවා...!!!

එසේ සරණ යමින් සිටිනා අතරෙහි, ශාසන විලෝපිකයන්ගේ හැසිරීම දකින මා හට මෙසේ සිත් පහල විය. කෙසේද යත්,

බුද්ධ වචනය සත්‍යයක්මය. පරම සත්‍යයක්මය. අසත්‍ය නොවන්නේමය. ඇති ආකාරයෙන්ම දේශනා කර ඇත්තේය. දේශනා කල අකාරයෙන්ම පවතින්නේය. අන්‍ය ආකාරයකින් නොවන්නේමය. 

කුමක් නිසා එසේ සිතුනිද යත්,

බුද්ධ වචනය අනුව, මිත්යාදෘෂ්ඨිකයා යනු ලොවට අනර්ථයක්ම සිදු කරන්නෙකි. අවැඩක්ම සිදු කරන්නෙකි. අයහපතක්ම සිදු කරන්නෙකි.

එබඳු මිත්‍යාදෘෂ්ඨිකයෝ ලෝක සත්වයා ආලෝකයෙන් අඳුරට ද, අඳුරෙන් අඳුරටම ද යවන්නේය.

එබැවින් එබඳු පුද්ගලයකු ලොව පහල වීම ලෝකයටම අයහපතකි.

එය කෙසේ සිදු වන්නේ ද යන්න වර්තමාන ලාංකික ජනසමාජය දෙස බැලීමෙන් වටහා ගත හැක.

වර්තමාන ලංකාවේ නිරාගමික නාමයෙන් පෙනී සිටින මිත්‍යාදෘෂ්ඨික පිරිස විසින්, බුදු දහම මූලික කොට ගෙන සිදුකරගෙන යනු ලබන නිග්‍රහ රැල්ල නිසාවෙන් බොහෝ පිරිසකගේ ශ්‍රද්ධා දී කුසල් සිතුවිලි විනාශ වී ගොස් තිබේ. එපමණක් ද නොව, යහපත අයහපත වටහා ගැනීමේ හැකියාව අහිමිව ඇත. වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම ආදිය විනාශ වී ඇත. ඉවසීම, දරාගැනීම අහිමිව ඇත. ආවේගශීලී බව, කලහකාරී බව වර්ධනය වී ඇත. පහරදීම, මරා දැමීම සාමාන්‍යකරණයට ලක් ව ඇත.

එබඳු මානව ධර්මතා පිරිහුනු සමාජයක පැවැත්ම සුන්දර නැත. එකී සමාජය තුල නිරන්තරයෙන් ගොඩ නැගෙන්නේ බිය, සැක, පලිගැනීම, සොරකම, වංචාව යනාදියයි. එමගින් සමාජය තව තවත් අගාධයටම ගමන් කරන්නේය.

එබඳු සමාජයකින් උසස් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. ඒ බව බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක.

එකපුග්‌ගලො, භික්‌ඛවෙ, ලොකෙ උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. කතමො එකපුග්‌ගලො? 

මිච්‌ඡාදිට්‌ඨිකො හොති විපරීතදස්‌සනො. 

සො බහුජනං සද්‌ධම්‌මා වුට්‌ඨාපෙත්‌වා අසද්‌ධම්‌මෙ පතිට්‌ඨාපෙති. 

අයං ඛො, භික්‌ඛවෙ, එකපුග්‌ගලො ලොකෙ උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සාන’’න්‌ති. (අ.නි, ඒකක නිපාත, එකධම්ම පාලි)

මහණෙනි, ලෝකයෙහි උපදනාවූ එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත  පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී. කවර නම් එකම පුද්ගලයෙක්ද?

විපරීත දර්ශන ඇති මිථ්‍යාදෘෂ්ටික තැනැත්තේය. 

හෙතෙම මහාජනයා දශ කුශලකර්මපථ නම් සද්ධර්මයෙන් උදුරා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙහි පිහිටුවයි.

මහණෙනි, මේ එක් පුද්ගලයා ලොව උපදින කල බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.

වර්තමාන සමාජය දෙස බැලීමෙන් ඉහත සූත්‍ර දේශනාව නියතවම සත්‍ය බව පැහැදිලි වන්නේය.

ඉදින් නිරාගමික යැයි පවසන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ හැසිරීම හේතුවෙන්, බුද්ධ වචනයේ සත්‍යතාවය දැකිය හැකි මුත්, ඔවුන් නිසා හානි වන සමාජය යහපතට යොමු වීම පිලිබඳ පවතින ගැටලුව කෙසේ විසඳිය යුතුද යන්න ගැටලුවකි.

එකී ගැටලුව පිළිබඳව කලාන්තරක් තිස්සේ පෙන්වා දී ඇති මුත්, රට වැසියාගේ පුණ්‍ය ශක්තියේ මද බව හේතුවෙන්, අවශ්‍ය ධර්ම කාරනා සමාජ ගත වන්නේ නැත.

කුමක් නමුත්, එකී පරිහානියෙන් මිදීමට ඇති එකම විකල්පය නම්, සිව්වනක් පිරිස සීල, සමාධි, ප්‍රඥා දියුණු කිරීමයි. එය සිදු නොකර කුමන පින්කම් කලත් පලක් නොවනු ඇත.

එබැවින් නොපමාව සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන්න. ප්‍රතිපත්තිය වඩන්න.

එසේම ශාසනයට නින්දා අපහාස සිදු කරන මිත්‍යාදෘෂ්ඨිකයන්ට මෙසේ පැවසිය යුතුය. කෙසේද යත්,

කුමක්, කෙසේ, කුමන ආකාරයකින් පවසමින් නින්දා කල ද, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම පිලිබඳ කිසිදු විවේචනයක් සිදු කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකිය. ශාසනයට පහර ගසන්නෝ ඒ තරමට මුග්ධයෝය.

ඒ බව ද පහත පරිදි දත යුතුය.

ඉධෙව, භික්‌ඛවෙ, පඨමො සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‌ථො සමණො; සුඤ්‌ඤා පරප්‌පවාදා සමණෙහි අඤ්‌ඤෙහී’ති. එවමෙතං, භික්‌ඛවෙ, සම්‌මා සීහනාදං නදථ. (අ.නි, චතුක්ක නිපාත, කම්ම වර්ගය, ශ්‍රමණ සූත්‍රය)

“මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.

ඒ අනුව සම්බුද්ධ ශාසනය ශ්‍රමනයන්ගේය. භාහිර දෘෂ්ඨීහු ශ්‍රමණයන්ගෙන් හිස්ය.

හැකි අයකු සිටී නම් අභියෝග කල හැකිය.




මහේශාක්‍ය බව ලැබීමේ කුසලය

ලෝකයෙහි ඇතැම් බ්‍රහ්ම රාජයන් ද, ඇතැම් දෙවිවරු ද, ඇතැම් මනුෂ්‍යයන් ද, ඇතැම් දුගති සත්වයන් ද, සෙසු සත්වයන්ට වඩා තේජසින්, බලයෙන්, කීර්තියෙන් වැඩි වන්නේ වෙයි. එබඳු ස්වභාවයන් ඇතිවන්නේ කුසල විපාක හේතුවෙනි. 

බලහත්කාරයෙන් ලබා ගන්නා ගෞරවයන් රඳා පවතින්නේ නැත. ඒවා වහ වහා පරිහාණියට පැමිණේ.

මහා බෝසතාණන් වහන්සේගේ මහේශාක්‍ය භාවය වනාහී ධාර්මිකවම උපන් මහේශාක්‍ය බවකි. එබැවින් එය වනාහී සෙසු සත්වයින්ගේ මහේශාක්‍ය භාවය පරදා බැබළෙන්නේ වෙයි.

ඉදින් යමෙකු මහේශාක්‍ය බවට කැමති වන්නේ නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව ලැබීම, බුහුමන් ලැබීම, වැඳීම, පිදීම වැනි ලාභයන් හමුවේ  ඊෂ්‍යා නොකල යුතුය. සාප නොකළ යුතුය. ඔවුන්ගේ විනාශය නොපැතිය යුතුය. 

යමෙකු සැප විඳින්නේ නම්, එය දැකබලා සතුටු විය යුතුය. ඔවුන්ට සෙත් පැතිය යුතුය. ආශිර්වාද කල යුතුය. මුදිතාව වැඩිය යුතුය.

එකල්හි තමාට ද උසස් භාවයට පැමිණිය හැකිය. 

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අනිස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා එසා, මාණව , පටිපදා යදිදං - අනිස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍ය වේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේ නම්, ඊෂ්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍ය වීම පිණිස පවත්නේය.