සසර නම් අතිශය භයංකාරය. එකදු මොහොතක හෝ වාසයට සුදුසු බවක් නොමැත්තේමය. සසර සරනා සත්වයා නිරතුරු ජාති, ජරා, ව්‍යාධි, මරණ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡිතාලාභ... යනාදී දුක්ඛස්කන්ධයකින් ඇලී, ගැලී, වෙලී, පැටලී සිටින්නේය. එකොළොස් ගින්නකින් නිරතුරු දැවෙන්නේය. එනමුත් ඒ බව නොදන්නේය.
එබැවින් ඔහු දුකින් මුද්වාලිය යුතුමය.
සැබැවින්ම කෙසේ නම් එකී සත්වයා දුකින් මිදවිය හැකිද?
කෙලෙස් වසඟ වූ සත්වයා දුකින් මිදීමට නොකැමැති වන්නේය.
කුමක් නමුත් ඔහු දුකේ බැවින්, ඉන් මුදවාලිය යුතුමය.
සත්වයා සසර දුකින් මුදවලිය යුතු බව නියත සත්‍යයකි. එනමුත් එකී සත්වයාට තමා දුකෙහි බව නොපෙනෙනවා යන්නද සත්‍යයකි. නමුත් ඇතැමෙක් තමා ගලවා ගන්නා ලෙස අයාචනා කරන අවස්ථා ද නැතුවාම නොවේ. නමුත් සමස්ථයක් වශයෙන් සත්වයා තමා දුකේ බව නොදන්නේය.
තමා දුකේ බව නොදන්නා සත්වයකුට, දුකින් මිදේවා කියා අනුශාසනා කල ද, ඔහුට ඉන් මිදිය නොහැක. ඒ ඔහු දුක නොදන්නා බැවිනි. එබැවින් සසර සැරිසරන සත්වයාට, සසර සැරිසැරීම යනු දුකක් බවත්, තමා ඒ දුකෙහි නිමග්නව සිටිනා බවත් පෙන්වා සිටිය යුතුය.
එසේ තමා දුකේ බව පෙන්වා දීම යනු සම්මා දිට්ඨිය ඇතිකරලීමයි.
සම්මා දිට්ඨිය ඇති සත්වයා හට දුකින් මිදීමේ අවශ්‍යතාවය පැන නගින්නේය. එසේ අවශ්‍යතාවය ඇති සත්වයාට මාර්ගය පෙන්වා දුන් පසුව, ඔහු එහි ස්වාධීනව ගමන් කරනු ලබන්නේය.
එබැවින් පළමුව දුකත්, තමා ඒ දුකේ බවත් පෙන්වා ඉන් අනතුරුව දුකින් මිදීමට මග පෙන්විය යුතුය. එහිදී දුකේ හේතුව සහ දුකින් මිදීම ද පෙන්වා දෙන්නේ නම්, සත්වයා මනා සේ දුකින් මිදීම කරා ගමන් කරන්නේය.
එබැවින් දුක, හේතුව, මිදීම, මාර්ගය පිළිවෙලින් පෙන්වා දීම ඉතා යහපත් මග පෙන්වීමකි.
එසේ මග පෙන්වා සිටීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය.
දුකින් නිදහස් වීමේ සැනසීම මෙබඳු යැයි දුකින් මිදීමේ සැනසීම පෙන්වා දිය යුතුය. එකල්හි, දුක හා සැනසීම සංසන්දනය කරනු ලබන පුද්ගල තෙමේ, ස්වෝත්සාහයෙන් දුකින් මිදෙන්නේය.
එබැවින් ඔබත්, වහ වහා සම්‍යක් දෘෂ්ටික වන්න. නිසි මග වඩන්න. නිවනින් සැනසෙන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!
No comments:
Post a Comment