"නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, මහාසාවජ්ජානී”ති” (අං. නි, ඒකක නිපාත)
මහණෙනි, යමක් මෙසේ මහා සාවද්‍ය වන්නේ වෙයි ද, මහණෙනි මිත්‍යා දෘෂ්ඨිය යම් බඳු වේ ද, එබඳු අන් කිසිදු ධර්මයක් නොදකිමි. මහණෙනි මහා සාවද්‍යයෝ මිත්‍යාදෘෂ්ඨිය පරමකොට ඇත්තාහ.
එනම් ලෝකයෙහි වැරදි අතරින් මහත් ගණයේ වැරදි සියල්ල, මිත්‍යාදෘෂ්ඨිය උපරිම කොට පවතින්නේය. නැතහොත්, මිත්‍යාදෘෂ්ඨියට වඩා විශාල වරදක් ලොව නැත්තේය.
ඒ පිලිබඳ අටුවා විස්තර මෙසේය.
“තතියෙ මිච්‌ඡාදිට්‌ඨිපරමානීති මිච්‌ඡාදිට්‌ඨි පරමා එතෙසන්‌ති මිච්‌ඡාදිට්‌ඨිපරමානි. පඤ්‌ච හි ආනන්‌තරියකම්‌මානි මහාසාවජ්‌ජානි නාම, තෙහිපි මිච්‌ඡාදිට්‌ඨියෙව මහාසාවජ්‌ජතරාති අධිප්‌පායො. කස්‌මා? තෙසඤ්‌හි පරිච්‌ඡෙදො අත්‌ථි. චත්‌තාරි හි ආනන්‌තරියකම්‌මානි නිරයෙ නිබ්‌බත්‌තාපෙන්‌තීති වුත්‌තානි. සඞ්‌ඝභෙදකම්‌මම්‌පි නිරයෙ කප්‌පට්‌ඨිතිකමෙව හොති.
එවමෙතෙසං පරිච්‌ඡෙදො අත්‌ථි, කොටි පඤ්‌ඤායති. නියතමිච්‌ඡාදිට්‌ඨියා පන පරිච්‌ඡෙදො නත්‌ථි. සා හි වට්‌ටස්‌ස මූලං, තාය සමන්‌නාගතස්‌ස භවතො වුට්‌ඨානං නත්‌ථි. යෙ තස්‌ස සොතබ්‌බං මඤ්‌ඤන්‌ති, තෙපි විප්‌පටිපාදෙති. තාය ච සමන්‌නාගතස්‌ස නෙව සග්‌ගො අත්‌ථි න මග්‌ගො.
කප්‌පවිනාසෙ මහාජනෙ බ්‍රහ්‌මලොකෙ නිබ්‌බත්‌තෙපි නියතමිච්‌ඡාදිට්‌ඨිකො තත්‌ථ අනිබ්‌බත්‌තිත්‌වා පිට්‌ඨිචක්‌කවාළෙ නිබ්‌බත්‌තති. කිං පන පිට්‌ඨිචක්‌කවාළං න ඣායතීති? ඣායති, තස්‌මිං ඣායමානෙපි එස ආකාසෙ එකස්‌මිං ඔකාසෙ පච්‌චතියෙවාති වදන්‌ති.” (අං. නි, ඒකක නිපාත අටුවාව)
තුන්වැන්නෙහි මිත්‍යදෘෂ්ඨිය පරමකොට ඇත්තාහ යනු මිත්‍යාදෘෂ්ඨිය ඒවාගේ උසස් කොට (උපරිමය කොට) ඇත්තේය යන්නෙන් මිච්‌ඡාදිට්‌ඨිපරමානි නම් වේ. ආනන්තරිය කර්ම පස මහා සාවද්‍ය නම් වේ. ඒවාගෙන් ද මිත්‍යාදෘෂ්ඨියම මහාසාවද්‍යතර වන්නේය යන අදහසයි. කවරක් හෙයින් ද යත්? ඒවාගේ සීමාවක් ඇත. සතරක් වූ ආනන්තරිය කර්මයෝ නිරයෙහි උපදවන්නේ යයි කියන ලදී. සංඝභේද කර්මය පමණක් නිරයෙහි කල්පයක් විපාක දෙන්නේ වෙයි.
මෙසේ එවාගේද සීමාවක් ඇත. කෙළවරක් පෙනෙයි. නියතමිත්‍යාදෘෂ්ඨියෙහි වනාහී කෙළවරක් නැත. එය වනාහී සංසාරයට මූලයකි. එයින් යුතුවුනා වූ පුද්ගලයාට භවයෙන් නැගීසිටීමක් නැත. යමෙක් ඔහුට ඇහුන්කන්දීම කල යුතු යැයි සිතත් ද, ඔවුන් ද වරදවා පිලිපදවයි. එයින් යුතුවුනා වූ පුද්ගලයාට ස්වර්ගයද නැත්තේමය. මාර්ගය ද නැත්තේමය.
කල්ප විනාශයේදී ජනයා (සත්වයෝ) බ්‍රහ්මලෝකයෙහි උපදින නමුදු නියතමිත්‍යාදෘෂ්ඨිකයා එහි නොඉපදී පිටසක්වල උපදී. කිමෙක් ද පිටසක්වල නොදැවේ ද? දැවෙන්නේය. එය දැවෙන කල්හි ද ඔහු (නියතමිත්‍යාදෘෂ්ඨිකයා) අහසෙහි එක්තරා අවකාශයක පැසෙන්නේ යැයි පවසත්.
කල්ප විනාශයේදී පවා ගොඩ ඒමට නොහැකි වන සේ ලෝකාන්තරික නරකය සමීපයෙහි ඉපදී දැවෙන්නට තරම් බරපතල වන නියතමිත්‍යාදෘෂ්ඨිය යනු කුමක් දැයි විමසා බැලිය යුතුමය. ඒ පිළිබඳව මජ්ඣිම නිකායෙහි අපණ්ණක සූත්‍ර අටුවා අර්ථ මෙසේ දැක්වෙන්නේ වෙයි.
“ඉමාසු පන තීසු දිට්ඨීසු නත්ථිකදිට්ඨි විපාකං පටිබාහති, අකිරියදිට්ඨි කම්මං පටිබාහති, අහෙතුකදිට්ඨි උභයම්පි පටිබාහති. තත්ථ කම්මං පටිබාහන්තෙනාපි විපාකො පටිබාහිතො හොති, විපාකං පටිබාහන්තෙනාපි කම්මං පටිබාහිතං. ඉති සබ්බෙපෙතෙ අත්ථතො උභයපටිබාහකා නත්ථිකවාදා චෙව අහෙතුකවාදා අකිරියවාදා ච හොන්ති. යෙ පන තෙසං ලද්ධිං ගහෙත්වා රත්තිට්ඨානෙ දිවාට්ඨානෙ නිසින්නා සජ්ඣායන්ති වීමංසන්ති, තෙසං – “නත්ථි දින්නං නත්ථි යිට්ඨං, කරොතො න කරියති පාපං, නත්ථි හෙතු නත්ථි පච්චයො”ති තස්මිං ආරම්මණෙ මිච්ඡාසති සන්තිට්ඨති, චිත්තං එකග්ගං හොති, ජවනානි ජවන්ති, පඨමජවනෙ සතෙකිච්ඡා හොන්ති, තථා දුතියාදීසු. සත්තමෙ බුද්ධානම්පි අතෙකිච්ඡා අනිවත්තිනො අරිට්ඨකණ්ටකසදිසා.
තත්ථ කොචි එකං දස්සනං ඔක්කමති, කොචි ද්වෙ, කොචි තීණිපි, එකස්මිං ඔක්කන්තෙපි ද්වීසු තීසු ඔක්කන්තෙසුපි නියතමිච්ඡාදිට්ඨිකොව හොති, පත්තො සග්ගමග්ගාවරණඤ්චෙව මොක්ඛමග්ගාවරණඤ්ච, අභබ්බො තස්ස අත්තභාවස්ස අනන්තරං සග්ගම්පි ගන්තුං, පගෙව මොක්ඛං. වට්ටඛාණු නාමෙස සත්තො පථවීගොපකො.
කිං පනෙස එකස්මිංයෙව අත්තභාවෙ නියතො හොති, උදාහු අඤ්ඤස්මිම්පීති? එකස්මිඤ්ඤෙව නියතො, ආසෙවනවසෙන පන භවන්තරෙපි තං තං දිට්ඨිං රොචෙතියෙව. එවරූපස්ස හි යෙභුය්‍යෙන භවතො වුට්ඨානං නාම නත්ථි.”
මේ දෘෂ්ඨි තුන අතරින් නාස්තික දෘෂ්ඨිය විපාකය පිලිබඳ විශ්වාසය වළකයි. අකිරිය දෘෂ්ඨිය කර්මය පිලිබඳ විශ්වාසය වළකයි. අහේතුක දෘෂ්ඨිය ඒ දෙකම පිලිබඳ විශ්වාසය වළකයි. එහි කර්මය ප්‍රතිභාහනයෙන්(වැළැක්වීමෙන්) විපාකය ද ප්‍රතිභාහනය කලේ වෙයි. විපාකය ප්‍රතිභාහනයෙන් කර්මය ද ප්‍රතිභාහනය කලේ වෙයි. මෙසේ ඒ සියල්ලෝම අර්ථ වශයෙන් (දෘෂ්ඨි)දෙකම ප්‍රතිභාහනය කල නාස්තික වාදියෝ ද අහේතුක අකිරිය වාදියෝ ද වෙති. යමෙක් වනාහී ඔවුන්ගේ ලබ්ධිය ගෙන රාත්‍රී ස්ථාන, දිවා ස්ථානයන්හි හිඳිමින් සජ්ඣායනා කරත්. වීමංසනය කරත්. ඔවුන්ට “දීමෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත, (කර්මයක්) කිරීමෙන් පාපයක් නොකරයි, හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැතැයි, ඒ අරමුණෙහි මිත්‍යා සතිය පිහිටයි. සිත එකඟ වෙයි. ජවනයෝ දුවත්. ප්‍රථම ජවනයෙහි ප්‍රතිකර්ම කල හැක්කේ වෙයි. දෙවැනි ආදිය කෙරෙහිත් එසේය. සත්වැනි ජවනයෙහි බුදුරජාණන්වහන්සේලාට ද ප්‍රතිකර්ම කල නොහැකි නොනවතින, අරිට්‌ඨභික්‌ෂුව කණ්‌ටකසාමණෙරයා වැන්නෝ වෙති.
එහි කිසිවෙක් එක දෘෂ්ඨියකට බැසගනී. කිසිවෙක් දෙකකට, කිසිවෙක් තුනටම බැසගනී. එක දෘෂ්ඨියකට බස ගත්තේ ද, දෙක තුනටම බස ගත්තේ ද, නියතමිත්‍යාදෘෂ්ඨිකයකුම වෙයි. පැමිණියේ ස්වර්ගමාර්ගාවරණය ද, මෝක්ෂමාර්ගාවරණය ද සිදුකරගනී. ඒ ආත්ම භාවයට අනතුරුව ස්වර්ගයට යාමට ද අභව්‍ය වෙයි. මෝක්ෂය ගැන කියනු කිම? සසර කණුවක් නම් වූ ඒ සත්වයා භූමිය රකින්නකු වේ. (අපායෙන් නොමිදෙන සුළු යන අර්ථයි)
කිමෙක්ද ඒ සත්වයා එකම ආත්ම භාවයක නියත වේ ද? නැතහොත් අන්‍ය ආත්ම භාවයන්හීත් නියතද? එක ආත්ම භාවයකම නියත වෙයි. ආසේවන වශයෙන් අන්‍ය ආත්ම භාවයන්හිදීත් ඒ ඒ දෘෂ්ඨිය රුචිකරන්නේම වෙයි. එවැන්නකුට වනාහී බොහෝසෙයින් භවයෙන් නැගී සිටීමක් (මිදීමක්) නම් නැත්තේය.
මේ අනුව පෙනී යන කරුණ නම්, නියතමිත්‍යාදෘෂ්ඨිකයා යනු දැඩි ලෙස දෘෂ්ඨියෙහි බැසගත්, බුදුරජාණන්වහන්සේ නමකට පවා ගලවාගත නොහැකි අභව්‍ය පුද්ගලයකු බවයි.
එසේම ඔහුගේ අතින් කිසිදු කුසලයක් සිදු වීමට ඉඩක් නොමැත.
එසේම ඔහු වනාහී මරණින් මතු ඒකාන්ත දුගතිගාමී සත්වයකු වන අතර, කල්ප විනාශයේදී පවා දුගතියෙන් මිදීමට නොහැකි අයෙකි.
එබැවින් සත්පුරුෂයෝ වනාහී සියලු මිත්‍යා දෘෂ්ඨි බිඳ දමා සම්මා දිට්ඨියට පැමිණ, පරිනිර්වාණයෙන් සැනසීමටම වහ වහා වෑයම් කල යුතුය.
මේ කුසලය ඒ පිණිස හේතු වාසනා වේවා...!!!
No comments:
Post a Comment