Sunday, August 4, 2024

අනිච්ච යනු අනිත්ය නොවන්නේද? 02

වර්තමාන බෞද්ධයා අතර ඇතිවූ මිත්යාදෘෂ්ඨියක් වන්නේ, "අනිච්ච යනු අනිත්ය නොවේය, කැමති සේ නොපැවතීමයි" යන අන්ධ බාල සංකල්පයයි. එය වනාහී වේදනා චෛතසිකය මූලික කොට දුක්ඛ ආර්ය සත්යය විවරණය කිරීමට යාමේ ආදීනවය මත ඇතිවූ ලාමක අදහසකි. ඒ ලාමක අදහස, වහරක අභයරතනාලංකාර, මීවනපලානේලා සිරිධම්ම, වලස්මුල්ලේ අභය වැනි ලාමක පෘතජ්ජන ශ්රමණ වේෂධාරීන් විසින් සමාජ ගත කරන ලද්දකි. එසේම ඒ මතවාදය, කෙටියෙන් නිවන් හොයන ක්ලේෂ වසඟයට ගියා වූ බොහෝ ජනතාවකගේ නිවන් මග අවුරන ලද සංකල්පයකි. 

කුමක් නමුත්, කාලයක් තිස්සේ පවතින මේ මතය පිළිබඳව, විවිධ අවස්ථාවලදී දැනුවත් කිරීම් සිදුකොට ඇති නමුත්, නැවත නැවත එහි ලාමක බව පෙන්වා සිටීම යහපතක් බැවින් මෙසේ ලිවීමට සිතුවෙමු. නුවණින් පමණක් විමසා බැලිය යුතුය. ඒ මෙසේය.

සැබැවින්ම, අනිච්ච යනු අනිත්ය නොවන්නේද? මේ ඒ පිළිබඳව වහරක නඩයේ මතයයි. 

//~ අනිච්ච යනු අනිත්ය ද? ~ 

"යදනිච්චං තං දුක්ඛං" 

මෙය බුදු වදනක්. මේක සිංහලට අරුත් අරන් තියෙන්නෙ 

" යමක් අනිත්ය නම් දුකයි" කියල. 

මේ පරිවර්ථනය නිවැරදි ද? අනිත්ය, වෙනස් බව හෙවත් විපරිණාමංඤ්ඤතභාවය නිසා දුකේ හටගැන්මක් වෙනව ද? මේක මනාව ත්රිපිටකය තුලම විග්රහ කර ඇති තැනක් තමයි තිස්ස සූත්රය. එහි දල වශයෙන් මෙවැනි සංවාදයක් වෙනව. බුදුන් වහන්සේ මේ කරුණ පරීක්ෂණාත්මකව දෙකට බෙදල පෙන්වනව. 

1 නිරීක්ෂණය: 

බුදුන් වහන්සේ : තිස්ස,යමක් කෙරෙහි කැමැත්තක් ආසාවක් තණ්හාවක් බැස නොමැති නම් එහි අනිත්ය, වෙනස් බව නිසා දුක හටගන්නවා ද? 

තිස්ස තෙරුන්: නැත ස්වාමීනි 

බුදුන් වහන්සේ : තිස්ස එය එසේමය. 

------------------------

2 නිරීක්ෂණය: 

බුදුන් වහන්සේ: තිස්ස,යමක් කෙරෙහි කැමැත්තක් ආසාවක් බැස ඇත්නම් , එහි අනිත්ය, වෙනස් බව නිසා දුක හටගන්නවා ද? 

තිස්ස තෙරුන් : ඔව් ස්වාමීනි 

බුදුන් වහන්සේ: තිස්ස එය එසේම ය. 

------------------------- 

ඉන් පසු මෙහෙම විමසනව, 

බුදුන් වහන්සේ : ලෝකය නිච්ච ද අනිච්ච ද? 

තිස්ස තෙරුන් : අනිච්චයි ස්වාමීනි 

බුදුන් වහන්සේ: යමක් අනිච්ච නම්, එය සුඛයක් වේ ද දුක්ඛයක් වේ ද? 

තිස්ස තෙරුන්: දුක්ඛයක් ස්වාමීනි. 

--------- 

දැන් මේ කරුණු තුන හරහා අපට අවශ්ය පිළිතුර ලැබෙනව, 

a. අනිච්ච නම් ඒකාන්තයෙන් ම දුක්ඛයි. මේ බුදු බණ. 

b. අනිත්ය නම් ඒකාන්තයෙන් ම දුක්ඛයි කියන්න බෑ. මේ බුදු බණ. 

c. කැමති වන්නා වූ සොභාවයක අනිත්ය නම් දුකයි. මේ බුදු බණ. 

එසේ නම් a,b,c ගැලපීමෙන් අනිච්ච යනු අනිත්ය නොවන බව පැහැදිළියි. අනිච්ච යනු කැමතිවන්නා වූ සොභාවයක ඇතිවන ඊට වෙනස් බව. කැමති සේ නොවන බව. එබැවින් අනිච්ච යන්නෙහි අර්ථය "කැමති පරිදි නොවීම". 

දැන් අපි එය අනුසාරයෙන් බුදු වදන ලිහා ගමු. 

කිසිවක් කැමැත්තට අනූව නොපවතින්නේය. යමක් කැමැත්තට අනූව නැද්ද එය ඒකාන්තයෙන් ම දුකයි. //

මෙය වනාහී බහුබූත දෙඩවිමක් පමණි. කිමද යත් එකී සූත්‍රය තුල මේ උපුටනය තුල දැක්වෙන ආකාරයේ කතාවක් නොමැති වීමයි. සූත්‍රය තුල ඇත්තේ මෙසේය.

තිස්‌සසුත්‌තං

සාවත්‌ථිනිදානං. තෙන ඛො පන සමයෙන ආයස්‌මා තිස්‌සො භගවතො පිතුච්‌ඡාපුත්‌තො සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙති – ‘‘අපි මෙ, ආවුසො, මධුරකජාතො විය කායො; දිසාපි මෙ න පක්‌ඛායන්‌ති; ධම්‌මාපි මං න පටිභන්‌ති; ථිනමිද්‌ධඤ්‌ච මෙ චිත්‌තං පරියාදාය තිට්‌ඨති; අනභිරතො ච බ්‍රහ්‌මචරියං චරාමි; හොති ච මෙ ධම්‌මෙසු විචිකිච්‌ඡා’’ති.

අථ ඛො සම්‌බහුලා භික්‌ඛූ යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නා ඛො තෙ භික්‌ඛූ භගවන්‌තං එතදවොචුං – ‘‘ආයස්‌මා, භන්‌තෙ, තිස්‌සො භගවතො පිතුච්‌ඡාපුත්‌තො සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙති – ‘අපි මෙ, ආවුසො, මධුරකජාතො විය කායො; දිසාපි මෙ න පක්‌ඛායන්‌ති; ධම්‌මාපි මං න පටිභන්‌ති; ථිනමිද්‌ධඤ්‌ච මෙ චිත්‌තං පරියාදාය තිට්‌ඨති; අනභිරතො ච බ්‍රහ්‌මචරියං චරාමි; හොති ච මෙ ධම්‌මෙසු විචිකිච්‌ඡා’’’ති.

අථ ඛො භගවා අඤ්‌ඤතරං භික්‌ඛුං ආමන්‌තෙසි – ‘‘එහි ත්‌වං, භික්‌ඛු, මම වචනෙන තිස්‌සං භික්‌ඛුං ආමන්‌තෙහී’’ති. ‘‘එවං, භන්‌තෙ’’ති ඛො සො භික්‌ඛු භගවතො පටිස්‌සුත්‌වා යෙනායස්‌මා තිස්‌සො තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා ආයස්‌මන්‌තං තිස්‌සං එතදවොච – ‘‘සත්‌ථා තං, ආවුසො තිස්‌ස, ආමන්‌තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්‌මා තිස්‌සො තස්‌ස භික්‌ඛුනො පටිස්‌සුත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො ආයස්‌මන්‌තං තිස්‌සං භගවා එතදවොච – ‘‘සච්‌චං කිර ත්‌වං, තිස්‌ස, සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙසි – ‘අපි මෙ, ආවුසො, මධුරකජාතො විය කායො…පෙ.… හොති ච මෙ ධම්‌මෙසු විචිකිච්‌ඡා’’’ති? ‘‘එවං, භන්‌තෙ’’. 

‘‘තං කිං මඤ්‌ඤසි, තිස්‌ස, රූපෙ අවිගතරාගස්‌ස අවිගතච්‌ඡන්‌දස්‌ස අවිගතපෙමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස, තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘එවං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං රූපෙ අවිගතරාගස්‌ස… වෙදනාය… සඤ්‌ඤාය… සඞ්‌ඛාරෙසු අවිගතරාගස්‌ස…පෙ.… තෙසං සඞ්‌ඛාරානං විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘එවං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං විඤ්‌ඤාණෙ අවිගතරාගස්‌ස අවිගතච්‌ඡන්‌දස්‌ස අවිගතපෙමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස, තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘එවං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං විඤ්‌ඤාණෙ අවිගතරාගස්‌ස. තං කිං මඤ්‌ඤසි, තිස්‌ස, රූපෙ විගතරාගස්‌ස විගතච්‌ඡන්‌දස්‌ස විගතපෙමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස, තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං රූපෙ විගතරාගස්‌ස… වෙදනාය… සඤ්‌ඤාය… සඞ්‌ඛාරෙසු විගතරාගස්‌ස… විඤ්‌ඤාණෙ විගතරාගස්‌ස විගතච්‌ඡන්‌දස්‌ස විගතපෙමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං විඤ්‌ඤාණෙ විගතරාගස්‌ස. 

තං කිං මඤ්‌ඤසි, තිස්‌ස, රූපං නිච්‌චං වා අනිච්‌චං වා’’ති? ‘‘අනිච්‌චං, භන්‌තෙ’’. ‘‘වෙදනා … සඤ්‌ඤා… සඞ්‌ඛාරා… විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වා’’ති? ‘‘අනිච්‌චං, භන්‌තෙ’’. තස්‌මාතිහ…පෙ.… එවං පස්‌සං…පෙ.… නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’’ති.

‘‘සෙය්‍යථාපි, තිස්‌ස, ද්‌වෙ පුරිසා – එකො පුරිසො අමග්‌ගකුසලො, එකො පුරිසො මග්‌ගකුසලො. තමෙනං සො අමග්‌ගකුසලො පුරිසො අමුං මග්‌ගකුසලං පුරිසං මග්‌ගං පුච්‌ඡෙය්‍ය. සො එවං වදෙය්‍ය – ‘එහි, භො පුරිස, අයං මග්‌ගො. තෙන මුහුත්‌තං ගච්‌ඡ. තෙන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි ද්‌වෙධාපථං, තත්‌ථ වාමං මුඤ්‌චිත්‌වා දක්‌ඛිණං ගණ්‌හාහි. තෙන මුහුත්‌තං ගච්‌ඡ. තෙන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි තිබ්‌බං වනසණ්‌ඩං. තෙන මුහුත්‌තං ගච්‌ඡ. තෙන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි මහන්‌තං නින්‌නං පල්‌ලලං. තෙන මුහුත්‌තං ගච්‌ඡ. තෙන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි සොබ්‌භං පපාතං. තෙන මුහුත්‌තං ගච්‌ඡ. තෙන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි සමං භූමිභාගං රමණීය’’’න්‌ති.

‘‘උපමා ඛො ම්‍යායං, තිස්‌ස, කතා අත්‌ථස්‌ස විඤ්‌ඤාපනාය. අයං චෙවෙත්‌ථ අත්‌ථො – ‘පුරිසො අමග්‌ගකුසලො’ති ඛො, තිස්‌ස, පුථුජ්‌ජනස්‌සෙතං අධිවචනං. ‘පුරිසො මග්‌ගකුසලො’ති ඛො, තිස්‌ස, තථාගතස්‌සෙතං අධිවචනං අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස. ‘ද්‌වෙධාපථො’ති ඛො, තිස්‌ස, විචිකිච්‌ඡායෙතං අධිවචනං. ‘වාමො මග්‌ගො’ති ඛො, තිස්‌ස, අට්‌ඨඞ්‌ගිකස්‌සෙතං මිච්‌ඡාමග්‌ගස්‌ස අධිවචනං, සෙය්‍යථිදං – මිච්‌ඡාදිට්‌ඨියා…පෙ.… මිච්‌ඡාසමාධිස්‌ස. ‘දක්‌ඛිණො මග්‌ගො’ති ඛො, තිස්‌ස, අරියස්‌සෙතං අට්‌ඨඞ්‌ගිකස්‌ස මග්‌ගස්‌ස අධිවචනං, සෙය්‍යථිදං – සම්‌මාදිට්‌ඨියා…පෙ.… සම්‌මාසමාධිස්‌ස. ‘තිබ්‌බො වනසණ්‌ඩො’ති ඛො, තිස්‌ස, අවිජ්‌ජායෙතං අධිවචනං. ‘මහන්‌තං නින්‌නං පල්‌ලල’න්‌ති ඛො, තිස්‌ස, කාමානමෙතං අධිවචනං. ‘සොබ්‌භො පපාතො’ති ඛො, තිස්‌ස, කොධූපායාසස්‌සෙතං අධිවචනං. ‘සමො භූමිභාගො රමණීයො’ති ඛො, තිස්‌ස, නිබ්‌බානස්‌සෙතං අධිවචනං. අභිරම, තිස්‌ස, අභිරම, තිස්‌ස! අහමොවාදෙන අහමනුග්‌ගහෙන අහමනුසාසනියා’’ති [අහමාමිසධම්‌මානුග්‌ගහෙන මමොවාදෙන මමානුසාසනියාති (ක.)].

ඉදමවොච භගවා. අත්‌තමනො ආයස්‌මා තිස්‌සො භගවතො භාසිතං අභිනන්‌දීති. (සං.නි, ඛන්ධ සංයුක්තය)

එහි සංක්ෂිප්ත අර්ථය මෙසේ විමසා සිටිමු.

//සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං රූපෙ අවිගතරාගස්‌ස… වෙදනාය… සඤ්‌ඤාය… සඞ්‌ඛාරෙසු අවිගතරාගස්‌ස…පෙ.… තෙසං සඞ්‌ඛාරානං විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘එවං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං විඤ්‌ඤාණෙ අවිගතරාගස්‌ස අවිගතච්‌ඡන්‌දස්‌ස අවිගතපෙමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස, තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘එවං, භන්‌තෙ//

එනම්, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසය, පරිළාහය, තණ්හාව දුරු නොකලහුට, එකී පඤ්ච උපාදානක්ඛන්ධයේ විපරිනාම අඤ්ඤතභාවය හමුවේ “සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස” හටගන්නා බවයි. එසේම,

//සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං රූපෙ විගතරාගස්‌ස… වෙදනාය… සඤ්‌ඤාය… සඞ්‌ඛාරෙසු විගතරාගස්‌ස… විඤ්‌ඤාණෙ විගතරාගස්‌ස විගතච්‌ඡන්‌දස්‌ස විගතපෙමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’.

‘‘සාධු සාධු, තිස්‌ස! එවඤ්‌හෙතං, තිස්‌ස, හොති. යථා තං විඤ්‌ඤාණෙ විගතරාගස්‌ස//

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසය, පරිළාහය, තණ්හාව දුරු කරන ලද්දා හට, එකී පඤ්ච උපාදානක්ඛන්ධයේ විපරිනාම අඤ්ඤතභාවය හමුවේ “සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස” හට නොගන්නා බව බුදු රජාණන්වහන්සේ දේශනා කරන සේක.

මෙකී සූත්‍රය නිවැරදිව අර්ථ කථනය කරගත නොහැකි වූ වහරක ලාමකයෝ, එකී සූත්‍රය අනුව, // කිසිවක් කැමැත්තට අනූව නොපවතින්නේය. යමක් කැමැත්තට අනූව නැද්ද එය ඒකාන්තයෙන් ම දුකයි// යන ස්වකීය පුහු මතය, සූත්‍රය තුල බහා පෙන්වයි.

ඒ ඔවුන් නොදන්නා කාරණාව නම්, බුදු රජාණන්වහන්සේ කිසිම විටෙක, කිසිම තැනක, දුක්ඛ ආර්ය සත්‍යය සපුරා ඡන්ද රාගය තුල පනවා නැත. එනම්, කැමති සේ නොපවතින අර්ථයක් පනවා, කැමති සේ නොපවතින නිසා ඉපදෙන්නේය, කැමති සේ නොපවතින නිසා වයසට යන්නේය, කැමති සේ නොපවතින නිසා ලෙඩ වෙන්නේය, කැමති සේ නොපවතින නිසා මැරෙන්නේය.... යනාදී අර්ථ ප්‍රකාශයක් කොතනකදී හෝ සිදුකොට නැත.

මෙකී සූත්‍රය තුල බුදුරජාණන්වහන්සේ දක්වා ඇත්තේ, සෝක පරිදේව යනාදී කොට්ඨාශය පමණි. එය වනාහී ප්‍රිය ස්වභාවය නිසාම හටගන්නා දුක්ඛ කොට්ඨාශයකි. එසේම එය වනාහී දුක්ඛ ආර්ය සත්‍යයේ කොටසක් විනා, සකල දුක්ඛ ආර්ය සත්‍යයම නොවන බව, එකී ලාමක වහරක නඩය දත යුතුය.

තවද,

ප්‍රිය වූ වස්තූන් ද විපරිනාම අඤ්ඤතාභාවය මතම සෝක පරිදේව හටගන්නා බව, එකී ලාමකයෝ වටහාගත යුතුය. එනම්, ප්‍රිය වූ වස්තූන් අනිත්‍ය වන නිසාම, කැමති සේ නොපවතින්නේය. ප්‍රිය වූ වස්තූන් අනිත්‍ය නිසාම සෝක පරිදේව ආදිය හටගන්නා බවවටහා ගැනීමට තරම් වත්, වහරකයෝ සබුද්ධික වෙත්වා...!!!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!




No comments:

Post a Comment