Sunday, August 4, 2024

විදර්ශනා කිරීමේදී කොටස් වශයෙන් බැලිය යුතුද? නොයුතුද?

විදර්ශනා කිරීම නම් නාම රූප පරිච්ඡේදයේ පටන් පිළිවෙලට පැමිණිය යුතුය. 

නාම රූප පරිච්ඡේදය කොට පච්චය පරිග්ගහය නිමවා අනතුරුව සම්මසනය කරනු ලැබේ. සම්මසනය පරිපූර්ණ වන කල්හි විදර්ශනාව ආරම්භ වේ. එහිලා සම්මසනය කරනා කල් කොටස් කොටස් වශයෙන් ගෙන විදර්ශනා කල යුතුය යන අදහස සාවද්‍ය බව දක්වමින් ඇතැමෙක් පවසා සිටින්නේ එසේ නොබැලිය යුතු බවයි. එහිලා නොබැලිය යුතුය යන්න මුලාවකි. බැලීමම අර්ථ සම්පන්නය. ඒ කෙසේද යන්න දැනගනු වස් සම්මසනයේ පටන් විමසා බැලිය යුතු. 

විමසා සිටිමු.

“සම්‌මසනඤාණනිද්‌දෙසො

කථං අතීතානාගතපච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං?

යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්‌තිකෙ වා, සබ්‌බං රූපං අනිච්‌චතො වවත්‌ථෙති එකං සම්‌මසනං, දුක්‌ඛතො වවත්‌ථෙති එකං සම්‌මසනං, අනත්‌තතො වවත්‌ථෙති එකං සම්‌මසනං.

යා කාචි වෙදනා…පෙ.… යා කාචි සඤ්‌ඤා… යෙ කෙචි සඞ්‌ඛාරා… යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්‌තිකෙ වා, සබ්‌බං විඤ්‌ඤාණං අනිච්‌චතො වවත්‌ථෙති එකං සම්‌මසනං, දුක්‌ඛතො වවත්‌ථෙති එකං සම්‌මසනං, අනත්‌තතො වවත්‌ථෙති එකං සම්‌මසනං.

චක්‌ඛුං…පෙ.… ජරාමරණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අනිච්‌චතො වවත්‌ථෙති එකං සම්‌මසනං, දුක්‌ඛතො වවත්‌ථෙති එකං සම්‌මසනං, අනත්‌තතො වවත්‌ථෙති එකං සම්‌මසනං.

රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අනිච්‌චං ඛයට්‌ඨෙන, දුක්‌ඛං භයට්‌ඨෙන අනත්‌තා අසාරකට්‌ඨෙනාති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. වෙදනා…පෙ.… සඤ්‌ඤා…පෙ.… සඞ්‌ඛාරා…පෙ.… විඤ්‌ඤාණං…පෙ.… චක්‌ඛු…පෙ.… ජරාමරණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අනිච්‌චං ඛයට්‌ඨෙන, දුක්‌ඛං භයට්‌ඨෙන, අනත්‌තා අසාරකට්‌ඨෙනාති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං.

රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අනිච්‌චං සඞ්‌ඛතං පටිච්‌චසමුප්‌පන්‌නං ඛයධම්‌මං වයධම්‌මං විරාගධම්‌මං නිරොධධම්‌මන්‌ති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. වෙදනා…පෙ.… සඤ්‌ඤා… සඞ්‌ඛාරා… විඤ්‌ඤාණං… චක්‌ඛු…පෙ.… ජරාමරණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අනිච්‌චං සඞ්‌ඛතං පටිච්‌චසමුප්‌පන්‌නං ඛයධම්‌මං වයධම්‌මං විරාගධම්‌මං නිරොධධම්‌මන්‌ති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං.

ජාතිපච්‌චයා ජරාමරණං, අසති ජාතියා නත්‌ථි ජරාමරණන්‌ති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. අතීතම්‌පි අද්‌ධානං… අනාගතම්‌පි අද්‌ධානං ජාතිපච්‌චයා ජරාමරණං, අසති ජාතියා නත්‌ථි ජරාමරණන්‌ති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. භවපච්‌චයා ජාති, අසති…පෙ.… උපාදානපච්‌චයා භවො, අසති…පෙ.… තණ්‌හාපච්‌චයා උපාදානං, අසති…පෙ.… වෙදනාපච්‌චයා තණ්‌හා, අසති…පෙ.… ඵස්‌සපච්‌චයා වෙදනා, අසති…පෙ.… සළායතනපච්‌චයා ඵස්‌සො, අසති…පෙ.… නාමරූපපච්‌චයා සළායතනං, අසති…පෙ.… විඤ්‌ඤාණපච්‌චයා නාමරූපං, අසති…පෙ.… සඞ්‌ඛාරපච්‌චයා විඤ්‌ඤාණං, අසති…පෙ.… අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා, අසති අවිජ්‌ජාය නත්‌ථි සඞ්‌ඛාරාති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. අතීතම්‌පි අද්‌ධානං… අනාගතම්‌පි අද්‌ධානං අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා, අසති අවිජ්‌ජාය නත්‌ථි සඞ්‌ඛාරාති සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං. තං ඤාතට්‌ඨෙන ඤාණං, පජානනට්‌ඨෙන පඤ්‌ඤා. තෙන වුච්‌චති – ‘‘අතීතානාගතපච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං’’.

(පටිසම්භිදාමග්ග)”

කිසෙයින් අතීතානාගත ප්‍ර‍ත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන වෙයි යත්.

අතීතානාගත ප්‍ර‍ත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍ර‍ණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් රුපයෙක් වේ ද, එ හැම රූපය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.

යම් කිසි වෙදනායෙක් ... යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍ර‍ණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුරැ වු හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, එ හැම විඥානය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුඃඛ හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.

චක්‍ෂුස ... අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.

අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍ර‍තිභය බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ, සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යැ. වෙදනාව ... සංඥාව ... සංස්කාරයෝ ‍විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍ර‍තිභය සහිත බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යි.

අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ. ප්‍රත්‍යයසමවායෙන් කරන ලද. ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නො ඇලෙන සුලු යැ, නිරුද්ධ වන සුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යැ. වෙදනාව ... සංඥාව ... සංස්කාරයෝ .. විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍ර‍ත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ ප්‍ර‍ත්‍යයන් විසින් කරන ලද. ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වනසුලු යැ, නැසෙනසුලු යැ, නො ඇලෙනසුලු යැ, නිරුද්ධ වනසුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යි.

ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යැ. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යි.

භවප්‍ර‍ත්‍යයෙන් ජාතිය වෙයි ... උපාදානප්‍ර‍ත්‍යයෙන් භවය වෙයි ... තෘෂ්ණාප්‍ර‍ත්‍යයෙන් උපාදානය වෙයි ... වෙදනාප්‍ර‍ත්‍යයෙන් තෘෂ්ණාව වෙයි ... ස්පර්‍ශප්‍ර‍ත්‍යයෙන් වෙදනාව වෙයි ... ෂඩායතනප්‍ර‍ත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ... නාමරූපප්‍ර‍ත්‍යයෙන් ෂඩායතන වෙයි ... විඥානප්‍ර‍ත්‍යයෙන් නාමරූප වෙයි ... සංස්කාරප්‍ර‍ත්‍යයෙන් විඥානය වෙයි ... අවිද්‍යාප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥාන යි.

අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු අවිද්‍යාප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ’යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍ර‍ඥාව සම්මර්‍ශනඥානයි.

ඒ දැනීම ඥාතාර්ථයෙන් ඥන යැ, ප්‍ර‍ජානනාර්ථයෙන් ප්‍ර‍ඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’ යි.

සම්මසන ඤාණය මෙසේ දත යුතු. 

මෙහිලා මාතෘකා වශයෙන් යම් යම් ධර්ම කොටස් සම්මසනය කිරීම දක්වා තිබේ. එහිලා වැඩි දුර විමර්ශන සඳහා එක් කොටසක් මෙසේ විමසා සිටිමු. ඒ උදෙසා රූප කොටසම මෙසේ දක්වන්නෙමු.

එහි රූප උපාදානස්කන්ධය අභිධර්මය තුල මෙසේ කොටස් කෙරේ. 

මේ විභංගයෙහි දක්වන ආකාරයයි.

තත්‌ථ කතමො රූපක්‌ඛන්‌ධො? යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්‌තිකෙ වා, තදෙකජ්‌ඣං අභිසඤ්‌ඤූහිත්‌වා අභිසඞ්‌ඛිපිත්‌වා – අයං වුච්‌චති රූපක්‌ඛන්‌ධො.

(විභංග)

එහි රූපස්කන්ධය කවරේ යත්:

ආධ්‍යාත්මික වේවයි බාහිර වේවායි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුර වේවයි ළඟ වේවයි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද, ඒ හැම රූපය එක්පරිද්දෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ රූපස්කන්ධ යයි කියනු ලැබේ.

විභංග ප්‍රකරණය තුල සම්මසන ඤාණයේ දක්වන ලද සෙයින්ම රූප දක්වා තිබේ. එබැවින් ඒ ආකාරයෙන් කොටස් ලෙස වෙන්කර් බැලීම යුතුය. එනමුත් සම්මසන ඤාණය තුල අමතර ආකාරයෙන් ද දක්වා තිබේ. එබැවින් වැඩිදුර විමසා බැලිය යුතු.

මේ ධම්මසංගනියේ රූප දැක්වෙන ආකාරයයි.

තත්‌ථ කතමං සබ්‌බං රූපං? චත්‌තාරො ච මහාභූතා, චතුන්‌නඤ්‌ච මහාභූතානං උපාදාය රූපං – ඉදං වුච්‌චති සබ්‌බං රූපං. (ධම්මසංගනී)

එහි හැම රූපය කවරැ යත්:

සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ හැම රූප යයි කියනු ලැබේ.

ධම්මසංගනීප්‍රකරණය අනුව සියලු රූප යනු සතරමහා භූත රූප හා උපාදාය රූප වේ. එබැවින් විදර්ශනා කිරීමේදී අතීත අනාගත ආදී බේධයෙන් දක්වන ලද රූපය සම්මසනය කිරීමේදී මෙකී සියලු රූප සම්මසනය විය යුතුය. එසේ නොමැති නම් භාග විදර්ශනාවකින් භාග නිවනක් හිමිවනු ඇත.

තවද විදර්ශනා කිරීමේදී අර කොටස නොබැලිය යුතුය මේ කොටස නොබැලිය යුතුය කියා නැත. සියලු සංස්කාරයෝම අනිත්‍ය බැවින්, සියලු සංස්කාරයෝම දුක්ඛ බැවින්, සියලු ධර්මයෝම අනාත්ම බැවින් සියල්ලම බැලිය යුතුය. එනම් සියලු රූපයෝම බැලිය යුතුය. සියලු වේදනා, සියලු සඤ්ඤා. සියලු සංස්කාර, සියලු විඤ්ඤාණම නියතවම බැලිය යුතුය. එසේ නොබලනවා නම් එහිලා විදර්ශනා යන වදන ද අවශ්‍ය නැත.

තවද කොටස් වශයෙන් විදර්ශනා කිරීමේදී සියුම් වශයෙන් විදසුන් කෙරෙනා හෙයින් මහා ප්‍රාඥව නිවන් පසක් කල හැකිය.

එබැවින් විදර්ශනා කිරීමේදී කොටස් වශයෙන් බැලිය යුතුමය.




No comments:

Post a Comment