Sunday, August 4, 2024

සංඝ යනු පොදු වචනයක් ද?

සංඝ, සංඝ යන වදන සිංහල බෞද්ධ සමාජයට අරුම පුදුම වචනයක් නොවේය. එය එතරම් ලාංකික ජන මනසට සමීප වූවකි. එසේම එතරම් හදවතට කා වැදුණු අන් වදනක් වේ නම් ඒ බුද්ධ හා ධම්ම යන වචන දෙකයි. එසේ වන්නේ එකී වචන ශාසනය හරහා අපට ලැබුණු බැවිනි.

එසේ සුන්දර වූ වචනය දැන් දැන් අවභාවිතා වන සැටියක් පෙනෙන්නට තිබේ. එනම් අධර්මවාදීන් විසින් ඔවුන්ගේ අධර්මය ප්‍රචාරය පිණිස බුදු දහමේ ආවේණික වචන භාවිතා කරන සැටියක් පෙනෙන්නට තිබේ.

ලෝකය පහල වූ මුල් කාලයේ පටන් අධර්මය ක්‍රියාත්මක වීම ආරම්භ විය. එකී අධර්මය හේතුවෙන්ම සත්වයාගේ ආයුෂ, වර්ණ, සැප, බල පරිහාණියට ලක්විය.

එකී අධර්මය බලවත් සමයක තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ ලොව පහල වී එකී අධර්මය මුලිනුපුටා දමා, ධර්මය ස්ථාපිත කල සේක. 

එනමුත් තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව ක්‍රමයෙන් අධර්මය බලවත් වී, දුටුගැමුණු, වළගම්බා ආදී රජවරුන්ගෙන් පසුව කාලයාගේ ඇවෑමෙන් මහනුවර යුගය එළබි කල්හි, පරංගින්ගේ බලහත්කාර ආගමනයෙන් පසුව අධර්මවාදියාගේ අධර්මය මෙරට මුල් බස ගන්නට විය.

කුරුසය අතින් ගෙන වයින් බිබී මෙරට ගොඩබට අධාර්මිකයා ආක්‍රමණයෙන් මෙරට ක්‍රිස්තියානිකරණය කරවීය.

එහිදී නිවට නියාලු ලාමක ජනයා ලාභ ලෝභ තකා ක්‍රිස්තියානිය වැළඳගත් නමුදු, ප්‍රෞඩ වූ බොදුනුවා නිවට නොවීය. එබැවින් අධාර්මිකයාගේ සැලසුම සම්පූර්ණ  නොවීය.

එබැවින් එකී තුච්ඡ ආක්‍රමණිකයාගේ මීළඟ පියවර වන්නේ සංස්කෘතික මංකොල්ලය හරහා ආගම ප්‍රචාරය කිරීමයි.

ටකරන් තහඩුවේ පටන් වැසිකිළි පෝච්චිය දක්වාත් ගොක් ඇත්තේ පටන් බුද්ධ වචනය දක්වාත් හොරකම් කිරීමට ඇති සියල්ල හොරකම් කර හෝ ආගම ප්‍රචාරය කරවීමට අධාර්මිකයා කටයුතු කරන්නේය.

ප්‍රචාරය කිරීමට ඔයහැටි තටමන ආගම පලකට ඇති නම් අමුඩෙත් ඉරාගෙන තටමන්නේ කුමක් නිසා දැයි ඇසිය යුතුව ඇත.

කුමක් නමුත් කුරුමානං අල්ලමින් පැමිණෙන උවදුර පිලිබඳ මෙසේ හෝ දැනුවත් කිරීම කල යුතුය. මේ ඒ පිලිබඳ විවරණයකි.

සංඝ යන වචනය බුද්ධ දේශනාවට ආවේණික වචනයකි. ඒ බව පහත පරිදි දත යුතුය.

//යාවතා ඛො පන, චුන්‌ද, එතරහි සඞ්‌ඝො වා ගණො වා ලොකෙ උප්‌පන්‌නො; නාහං, චුන්‌ද, අඤ්‌ඤං එකං සංඝම්‌පි සමනුපස්‌සාමි එවංලාභග්‌ගයසග්‌ගප්‌පත්‌තං යථරිවායං, චුන්‌ද, භික්‌ඛුසඞ්‌ඝො” (පාසාදික සූත්‍රය, බ්‍රහ්‌මචරියඅපරිපූරාදිකථා)//

//අප්‌පමාණො බුද්‌ධො, අප්‌පමාණො ධම්‌මො;

අප්‌පමාණො සඞ්‌ඝො, පමාණවන්‌තානි සිරිංසපානි//

//සඞ්‌ඝභෙදසුත්‌තං

‘සඞ්‌ඝභෙදො සඞ්‌ඝභෙදො’ති, භන්‌තෙ, වුච්‌චති. කිත්‌තාවතා නු ඛො, භන්‌තෙ, සඞ්‌ඝො භින්‌නො හොතී’’ති//

//උපොසථසුත්‌තං

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, මහාසමුද්‌දො න මතෙන කුණපෙන සංවසති; යං හොති මහාසමුද්‌දෙ මතං කුණපං තං ඛිප්‌පමෙව තීරං වාහෙති, ථලං උස්‌සාරෙති; එවමෙව ඛො, භික්‌ඛවෙ, යො සො පුග්‌ගලො දුස්‌සීලො පාපධම්‌මො අසුචි සඞ්‌කස්‌සරසමාචාරො පටිච්‌ඡන්‌නකම්‌මන්‌තො අස්‌සමණො සමණපටිඤ්‌ඤො අබ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරිපටිඤ්‌ඤො අන්‌තොපූති අවස්‌සුතො කසම්‌බුජාතො, න තෙන සඞ්‌ඝො සංවසති; අථ ඛො නං ඛිප්‌පමෙව සන්‌නිපතිත්‌වා උක්‌ඛිපති. කිඤ්‌චාපි සො හොති මජ්‌ඣෙ භික්‌ඛුසඞ්‌ඝස්‌ස නිසින්‌නො, අථ ඛො සො ආරකාව සඞ්‌ඝම්‌හා, සඞ්‌ඝො ච තෙන.//

//පාරාජිකපාළි

වෙරඤ්‌ජකණ්‌ඩං

යතො ච ඛො, සාරිපුත්‌ත, සඞ්‌ඝො රත්‌තඤ්‌ඤුමහත්‌තං පත්‌තො හොති අථ ඉධෙකච්‌චෙ ආසවට්‌ඨානීයා ධම්‌මා සඞ්‌ඝෙ පාතුභවන්‌ති, අථ, සත්‌ථා සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤපෙති උද්‌දිසති පාතිමොක්‌ඛං තෙසංයෙව ආසවට්‌ඨානීයානං ධම්‌මානං පටිඝාතාය.//

//බුද්‌ධං සරණං ගච්ඡාමි

ධම්‌මං සරණං ගච්ඡාමි

සඞ්‌ඝං සරණං ගච්ඡාමි//

//කූටදන්‌තසුත්‌තං

‘‘යො ඛො, බ්‍රාහ්‌මණ, චාතුද්‌දිසං සඞ්‌ඝං උද්‌දිස්‌ස විහාරං කරොති, අයං ඛො, බ්‍රාහ්‌මණ, යඤ්‌ඤො ඉමාය ච තිවිධාය යඤ්‌ඤසම්‌පදාය සොළසපරික්‌ඛාරාය ඉමිනා ච නිච්‌චදානෙන අනුකුලයඤ්‌ඤෙන අප්‌පට්‌ඨතරො ච අප්‌පසමාරම්‌භතරො ච මහප්‌ඵලතරො ච මහානිසංසතරො චා’’ති.//

//අට්‌ඨානමෙතං අනවකාසො යං දිට්‌ඨිසම්‌පන්‌නො පුග්‌ගලො සඞ්‌ඝං භින්‌දෙය්‍ය, නෙතං ඨානං විජ්‌ජතී//

මේ සියලු තැන සංඝ යන වදන යෙදෙන්නේ මහා සංඝ රත්නය හැඳින්වීම පිණිසය. එසේ ශාසනික වූ වදනක් අශාසනික වූ ක්‍රියාවක් පිණිස යොදවන්නේ නම් එය තුච්ඡ නින්දිත ක්‍රියාවකි.

එබැවින් ශාසනික ක්‍රියා, ශාසනික වදන්, සංස්කෘතිය ආදිය අවහරණය කොට අධර්මය ප්‍රචාරය කිරීම වනාහී දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

අධාර්මිකායා මෙතරම් නින්දිත වීම පිළිබඳව සංවේගය පල කර සිටිමු.

අධර්මය දුරු වේවා...!!!

ධර්මය ස්ථාපිත වේවා...!!!




No comments:

Post a Comment