Sunday, August 4, 2024

කවරෙක් නම් මේ ශාසනයෙහි උතුම් වන්නේ වේද ?

මේ ශාසනය තුල පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යාමාන වෙයි. ඒ සතර දෙනා නම්,

1. //නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය//

තමාගේ හිත පිනිස නොපිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

2. //පරහිතාය පටිපන්නො නො අත්තහිතාය//

අනුන්ගේ හිත පිනිස පිලිපදින, තමාගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

3. //අත්තහිතාය පටිපන්නො නො පරහිතාය//

තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.

4. //අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච//

තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස පිලිපදින පුද්ගලයා.

මෙසේ වූ සතරක් පුද්ගලයින් අතුරෙන් බුදුරජාණන් වහන්සේ වඩාත් ගරුකොට සලකන්නේ තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිළිපන් පුද්ගලයායි. ඒ කුමක් නිසා ද යත්, එකී පුද්ගලයා ශාසන අභිවෘද්ධිය පිනිස පිළිපන් හෙයිනි.

භාග්‍යවතුන් වහන්සේ විසින්, තමාගේ යහපත පිනිස පමණක් පිලිපදින, අනුන්ගේ යහපත පිලිනොපදින පුද්ගලයා කෙ⁣රෙහි පොදුවේ දක්වන අනුකම්පාව දක්වන නමුත් විශේෂ සැලකීමක් නොමැත. එනමුත් එකී පුද්ගලයා තමාගේ හිත පිනිස පිලි නොපදින පුද්ගලයන්ට වඩා උසස් බව ද දේශනා කර තිබේ.

එහිදී බුදුරජාණන් වහන්සේ අග්‍රම පුද්ගලයා ලෙස තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිලිපදින පුද්ගලයා දැක්වීමට හේතුව විමසා සිටිමු.

ඡවාලාත සූත්‍රය තුල මෙසේ දැක්වේ.

//තත්‍ර, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.

සෙය්‍යථාපි, භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩො  තත්ථ  අග්ගමක්ඛායති; එවමෙවං ඛො, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.//

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.

මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ. (ජයන්ති පරිවර්තනය)

එහි අටුවාව මෙසේය.

//යො පන සයං දසන්නං කථාවත්ථූනං ලාභී, පරම්පි තෙහි ඔවදති, අයං අත්තහිතාය චෙව පරහිතාය ච පටිපන්නො නාම සාරිපුත්තමොග්ගල්ලානමහාකස්සපාදයො අසීතිමහාථෙරා විය, එවරූපං භික්ඛුං පුච්ඡති. කස්මා? මය්හං සාසනස්ස වුඩ්ඪිපක්ඛෙ ඨිතොති.//

යමෙක් වනාහී තමා දස කථා වස්තු ලාභියකු වෙයි ද, අනුන්ට ද ඒවායින් අවවාද කරයි, මෙතෙමේ තමාගේ හිත පිනිස ද අනුන්ගේ හිත පිනිස ද පිලිපන්නා වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහාකාශ්‍යප ආදී අසූ මහා තෙරුන් වහන්සේලා මෙනි. එබඳු භික්ෂුව ගැන විමසයි. කවරක් හෙයින් ද? මාගේ ශාසනයෙහි වෘද්ධි පක්ෂයේ සිටියේය යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වඩාත් ගරුකොට සලකන්නේ ශාසනයෙහි වෘද්ධිය පිනිස කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලා පිලිබඳවයි. 

තමාගේ නිවන පමණක් සිතනා භික්ෂූන් වහන්සේලාට වෙනසකින් තොරව අනුග්‍රහ කරන නමුත, උන්වහන්සේලාගේ නිවනට උපකාර වන්නේ තමා ද නිවන් දැක අනුන්ගේ නිවනට ද උපකාර වන භික්ෂූන් වහන්සේලා වන බැවින්, එහිලා එබඳු භික්ෂූන් වහන්සේලාට ස්වභාවයෙන්ම ගෞරවය හිමි වන්නේමය.

එබැවින් උත්තම පුද්ගලයකු වන කැමැත්තහු විසින් තමාගේත් අනුන්ගේත් නිවන පිනිස පිලිපැදිය යුතුය. උසස් වන්නේ එයයි.




බුද්ධ දේශනාව සහ අත්තනෝමත.

සර්වඥ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව තමන් වහන්සේ අවබෝධ කල ධර්මයෙන් ඉතා ස්වල්ප කොටසක් නිවන පිණිස දේශනා කල සේක. නිවනට උපකාර නොවන ඇති බහුතරය දේශනා නොකළ සේක.

ඒ බුදුරජාණන්වහන්සේ දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන ක්‍රම හතර මූලික කරගෙන ධර්ම විනය, දේශනා කර, පනවා වදාළ සේක. ඒ ඔස්සේ සිතා විමසා දුකින් එතෙර වන ලෙස මග පෙන්වූ සේක. සසරට මග නොපෙන්වූ සේක.

බුදුරජාණන්වහන්සේ විසින් තමන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයන්ට කටයුතු කල යුතු අකාරය විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා ඇත. එහි ප්‍රධාන අනුශාසනාව නම්,

//සො ‘ඉදං දුක්‌ඛ’න්‌ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛසමුදයො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යොනිසො මනසි කරොති. තස්‌ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්‌ති – සක්‌කායදිට්‌ඨි, විචිකිච්‌ඡා, සීලබ්‌බතපරාමාසො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, ආසවා දස්‌සනා පහාතබ්‌බා.//

යන ආකාරයට සබ්බාසව සූත්‍රය තුල දේශනා කල පරිදි චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කිරීමයි.

එසේ දේශනා කර තිබියදී යම් යම් පුද්ගලයින් හා යම් යම් පිරිස් විසින් ධර්මය පිළිබඳව තමාට හිතෙන දේ පවසනු දක්නට ලැබේ. සැබැවින්ම එය නිසි පරිදි තෙරුවන් සරණ නොගිය පුද්ගලයන්ගේ ස්වභාවයකි. නිසි පරිදි සරණ ගියේ නම්,

//සත්‌ථා මෙ, භන්‌තෙ, භගවා, සාවකොහමස්‌මි// යනාදී වශයෙන් ශාස්තෘන් වහන්සේම ගරුකොට කටයුතු කරන සේක.

එසේම, 

//භගවංමූලකා නො, භන්‌තෙ, ධම්‌මා, භගවංනෙත්‌තිකා, භගවංපටිසරණා. සාධු වත, භන්‌තෙ, භගවන්‌තඤ්‌ඤෙව පටිභාතු එතස්‌ස භාසිතස්‌ස අත්‌ථො; භගවතො සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’’ති//

යනාදී ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ පිහිට පිළිසරණ කොට කටයුතු කරන්නේය.

එබැවින් බුද්ධ දේශනාව පිලිබඳ යම් ගැටලුවක් ඇති අවස්ථාවක දී, එකී ගැටලුව පිලිබඳ අර්ථ විමසිය යුත්තේ බුදුරජාණන්වහන්සේ මූලික කොට ගෙන මිසෙක කුමන හෝ ආකාරයක පුද්ගලයෙක් හෝ පුද්ගල පිරිසක් දරන මතය අනුව නොවේය. 

එවැනි තැන්වල දී කටයුතු කල යුතු ආකාරය සතර මහාපදේස තුලදේ බුදුරජාණන්වහන්සේ මනාව පෙන්වා වදාළ සේක. ඒ සතර මහා පදේස පහත සේ දත යුතුය.

//ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘සම්‌මුඛා මෙතං, ආවුසො, භගවතො සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ- 

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සඞ්‌ඝො විහරති සථෙරො සපාමොක්‌ඛො. තස්‌ස මෙ සඞ්‌ඝස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ- 

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සම්‌බහුලා ථෙරා භික්‌ඛූ විහරන්‌ති බහුස්‌සුතා ආගතාගමා ධම්‌මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති. -පෙ-

ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ එකො ථෙරො භික්‌ඛු විහරති බහුස්‌සුතො ආගතාගමො ධම්‌මධරො විනයධරො මාතිකාධරො. තස්‌ස මෙ ථෙරස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති//

බුදුරජාණන්වහන්සේගෙන් අසාගත්තේ යැයි කීවද, සංඝයාගෙන් අසාගත්තේ යැයි කීවද, බොහෝ තෙරුන්ගෙන් අසා ගත්තේ යැයි කීවද, එක් තෙරුන් වහන්සේ නමකගෙන් අසා ගත්තේ යැයි කීවද, ඒ ධර්ම විනය සම්බන්ධ කාරණාව පිළිබඳව සතුටු ද නොවී, ප්‍රතික්ෂේප ද නොකර, එකී කාරණා මැනවින් හදාරා, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනය හා සංසන්දනය කල යුතුය.

එබැවින් 

//සංසාරය අනන්තය, ඒ නිසා බුදුරජාණන්වහන්සේ සියල්ල දන්නේ නැත. අවශ්‍ය නම් විමසා දැනගන්නේය// ආදී වශයෙන් හෝ 

// අනන්තයක් රහිත යැයි මුලින්ම පහල වූ නාමරූප ධර්ම ඇතැයි ගතහොත්,

ප්රත්ය බැහැර කරමින් අහේතුකවාදී වීමට සිදුවේ.

කර්මය බැහැර කරමින් අකිරියාවාදි වීමට සිදුවේ.

ඔහුට චතුරාර්ය සත්ය ප්රතික්ෂේප කිරීමට සිදුවේ.

ඔහුට පටිච්චසමුප්පාද දේශනාවම ප්රතික්ෂේප කිරීමට සිදුවේ.

ඔහුට අනන්තර ප්රත්ය ඇතුලත් පට්ඨාන දේශනාව ද ප්රතික්ෂේප කිරීමට සිදුවේ.//

යනාදී වශයෙන් හෝ මතයක් ආ කල්හි, පළමුව එකී මත විමසා දරා ගෙන, සූත්‍රයෙහි බහා විනයෙහි සසඳා අර්ථ විමසිය යුතුය. 

ඉදින් ධර්ම විනය හා සැසඳේ නම් පිළිගත යුතය. නොමැත්තේ නම් ප්‍රතික්ෂේප කල යුතුය.

එහිදී සුත්‌තං, සුත්‌තානුලොමං, ආචරියවාදො, අත්‌තනොමති යන මේ සතර දත යුතුය. 

එහි,

1. සුත්‌තං නාම තිස්‌සො සඞ්‌ගීතියො ආරුළ්‌හානි තීණි පිටකානි. 

          සූත්‍රය යනු සංගායනාවට නැංවූ ත්‍රිපිටකයයි.

2. සුත්‌තානුලොමං නාම මහාපදෙසා, යං ‘‘අනුලොමකප්‌පිය’’න්‌ති වුච්‌චති.

          සුත්තානුලෝමය නම් “අනුලෝම දේ කැප වන්නේය” යනාදී සතර මහා පදේසයයි.

3. ආචරියවාදො නාම අට්‌ඨකථා. 

          ආචරිය වාදය නම් අට්ඨකථාවයි.

4. අත්‌තනොමති නාම නයග්‌ගාහෙන අනුබුද්‌ධියා අත්‌තනො පටිභානං. 

          අත්තනෝමතය නම් න්‍යාය අනුව ගත් තමාගේ වැටහීමයි.

එහි සූත්‍රය බැහැර කල නොහැකිය. එය බැහැර කිරීමෙන් ශාස්තෘන් වහන්සේම බැහැර කළා වේ. අනුලෝම කප්පිය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අචාර්ය වාදය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අත්තනෝමතය ද එසේය. එය සියල්ලට වඩා දුර්වලය.

ඉදින් සාකච්චාවක් පවතින්නේ නම්, පෙල සමග ගලපා තීරණ ගත යුතුය. අත්තනෝමතය අනුව නොගත යුතුය. සාකච්චා කල යුත්තේ එසේය. 

ඉදින් අත්තනෝමතයෙන් තර්ක කරන්නේ නම්, එයට පෙල අටුවා සාධක පෙන්වා සිටිය යුතුය. නොමැත්තේ නම් එය පාණ්ඩිත්‍ය සාකච්චාවක් නොවන්නේය. පාණ්ඩිත්‍ය නොවන සාකච්චා කුමටද? එය හිස් වූවක් මය.




සර්වඥතා ඤාණය සහ අනන්ත වීම.

ප්‍රඥාවන්තයින්ට පමණක් විශය වනවා යැයි කියන නිසා පාලිය විතරක් දැම්මා. සිංහල විස්තර අන්තිමට.

කතමං තථාගතස්‌ස සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං? 

සබ්‌බං සඞ්‌ඛතමසඞ්‌ඛතං අනවසෙසං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං 

අතීතං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. අනාගතං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. පච්‌චුප්‌පන්‌නං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

චක්‌ඛු චෙව රූපා ච, එවං තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. සොතඤ්‌චෙව සද්‌දා ච…පෙ.… ඝානඤ්‌චෙව ගන්‌ධා ච… ජිව්‌හා චෙව රසා ච… කායො චෙව ඵොට්‌ඨබ්‌බා ච… මනො චෙව ධම්‌මා ච, එවං තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා රූපස්‌ස අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා වෙදනාය…පෙ.… යාවතා සඤ්‌ඤාය…පෙ.… යාවතා සඞ්‌ඛාරානං…පෙ.… යාවතා විඤ්‌ඤාණස්‌ස …පෙ.… යාවතා චක්‌ඛුස්‌ස…පෙ.… ජරාමරණස්‌ස අනිච්‌චට්‌ඨං දුක්‌ඛට්‌ඨං අනත්‌තට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අභිඤ්‌ඤාය අභිඤ්‌ඤට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා පරිඤ්‌ඤාය පරිඤ්‌ඤට්‌ඨං…පෙ.… යාවතා පහානස්‌ස [පහානාය (ස්‍යා.)] පහානට්‌ඨං…පෙ.… යාවතා භාවනාය භාවනට්‌ඨං…පෙ.… යාවතා සච්‌ඡිකිරියාය සච්‌ඡිකිරියට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඛන්‌ධානං ඛන්‌ධට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා ධාතූනං ධාතුට්‌ඨං…පෙ.… යාවතා ආයතනානං ආයතනට්‌ඨං…පෙ.… යාවතා සඞ්‌ඛතානං සඞ්‌ඛතට්‌ඨං…පෙ.… යාවතා අසඞ්‌ඛතස්‌ස අසඞ්‌ඛතට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා කුසලෙ ධම්‌මෙ, සබ්‌බං [සබ්‌බෙ (අට්‌ඨකථා)] ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා අකුසලෙ ධම්‌මෙ…පෙ.… යාවතා අබ්‍යාකතෙ ධම්‌මෙ… යාවතා කාමාවචරෙ ධම්‌මෙ… යාවතා රූපාවචරෙ ධම්‌මෙ… යාවතා අරූපාවචරෙ ධම්‌මෙ… යාවතා අපරියාපන්‌නෙ ධම්‌මෙ, සබ්‌බං [සබ්‌බෙ (අට්‌ඨකථා)] ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සමුදයස්‌ස සමුදයට්‌ඨං…පෙ.… යාවතා නිරොධස්‌ස නිරොධට්‌ඨං…පෙ.… යාවතා මග්‌ගස්‌ස මග්‌ගට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා අත්‌ථපටිසම්‌භිදාය අත්‌ථපටිසම්‌භිදට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා ධම්‌මපටිසම්‌භිදාය ධම්‌මපටිසම්‌භිදට්‌ඨං…පෙ.… යාවතා නිරුත්‌තිපටිසම්‌භිදාය නිරුත්‌තිපටිසම්‌භිදට්‌ඨං…පෙ.… යාවතා පටිභානපටිසම්‌භිදාය පටිභානපටිසම්‌භිදට්‌ඨං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඉන්‌ද්‍රියපරොපරියත්‌තඤාණං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සත්‌තානං ආසයානුසයෙ ඤාණං…පෙ.… යාවතා යමකපාටිහීරෙ ඤාණං…පෙ.… යාවතා මහාකරුණාසමාපත්‌තියා ඤාණං, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය දිට්‌ඨං සුතං මුතං විඤ්‌ඤාතං පත්‌තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තං සබ්‌බං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

න තස්‌ස අද්‌දිට්‌ඨමිධත්‌ථි කිඤ්‌චි, අථො අවිඤ්‌ඤාතමජානිතබ්‌බං.

සබ්‌බං අභිඤ්‌ඤාසි යදත්‌ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්‌තචක්‌ඛූති [මහානි. 156; චූළනි. මොඝරාජමාණවපුච්‌ඡානිද්‌දෙස 85].

සමන්‌තචක්‌ඛූති කෙනට්‌ඨෙන සමන්‌තචක්‌ඛු? චුද්‌දස බුද්‌ධඤාණානි. දුක්‌ඛෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං බුද්‌ධඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං බුද්‌ධඤාණං, අත්‌ථපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, ධම්‌මපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, නිරුත්‌තිපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, පටිභානපටිසම්‌භිදෙ ඤාණං බුද්‌ධඤාණං, ඉන්‌ද්‍රියපරොපරියත්‌තෙ ඤාණං බුද්‌ධඤාණං, සත්‌තානං ආසයානුසයෙ ඤාණං බුද්‌ධඤාණං, යමකපාටිහීරෙ ඤාණං බුද්‌ධඤාණං, මහාකරුණාසමාපත්‌තියා ඤාණං බුද්‌ධඤාණං, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං බුද්‌ධඤාණං, අනාවරණඤාණං බුද්‌ධඤාණං – ඉමානි චුද්‌දස බුද්‌ධඤාණානි. ඉමෙසං චුද්‌දසන්‌නං බුද්‌ධඤාණානං අට්‌ඨ ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි.

යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨො, සබ්‌බො ඤාතො; අඤ්‌ඤාතො දුක්‌ඛට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා දුක්‌ඛස්‌ස දුක්‌ඛට්‌ඨො, සබ්‌බො ඤාතො, සබ්‌බො දිට්‌ඨො, සබ්‌බො විදිතො, සබ්‌බො සච්‌ඡිකතො, සබ්‌බො ඵස්‌සිතො පඤ්‌ඤාය; අඵස්‌සිතො පඤ්‌ඤාය දුක්‌ඛට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං. යාවතා සමුදයස්‌ස සමුදයට්‌ඨො…පෙ.… යාවතා නිරොධස්‌ස නිරොධට්‌ඨො… යාවතා මග්‌ගස්‌ස මග්‌ගට්‌ඨො…පෙ.… යාවතා අත්‌ථපටිසම්‌භිදාය අත්‌ථපටිසම්‌භිදට්‌ඨො… යාවතා ධම්‌මපටිසම්‌භිදාය ධම්‌මපටිසම්‌භිදට්‌ඨො… යාවතා නිරුත්‌තිපටිසම්‌භිදාය නිරුත්‌තිපටිසම්‌භිදට්‌ඨො… යාවතා පටිභානපටිසම්‌භිදාය පටිභානපටිසම්‌භිදට්‌ඨො, සබ්‌බො ඤාතො, සබ්‌බො දිට්‌ඨො, සබ්‌බො විදිතො, සබ්‌බො සච්‌ඡිකතො, සබ්‌බො ඵස්‌සිතො පඤ්‌ඤාය; අඵස්‌සිතො පඤ්‌ඤාය පටිභානපටිසම්‌භිදට්‌ඨො නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා ඉන්‌ද්‍රියපරොපරියත්‌තඤාණං…පෙ.… යාවතා සත්‌තානං ආසයානුසයෙ ඤාණං… යාවතා යමකපාටිහීරෙ ඤාණං… යාවතා මහාකරුණාසමාපත්‌තියා ඤාණං; සබ්‌බ ඤාතං, සබ්‌බං දිට්‌ඨං, සබ්‌බං විදිතං, සබ්‌බං සච්‌ඡිකතං, සබ්‌බං ඵස්‌සිතං පඤ්‌ඤාය; අඵස්‌සිතං පඤ්‌ඤාය මහාකරුණාසමාපත්‌තියා ඤාණං නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

යාවතා සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය දිට්‌ඨං සුතං මුතං විඤ්‌ඤාතං පත්‌තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්‌බං ඤාතං, සබ්‌බං දිට්‌ඨං, සබ්‌බං විදිතං, සබ්‌බං සච්‌ඡිකතං, සබ්‌බං ඵස්‌සිතං පඤ්‌ඤාය; අඵස්‌සිතං පඤ්‌ඤාය නත්‌ථීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං.

න තස්‌ස අද්‌දිට්‌ඨමිධත්‌ථි කිඤ්‌චි, අථො අවිඤ්‌ඤාතමජානිතබ්‌බං;

සබ්‌බං අභිඤ්‌ඤාසි යදත්‌ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්‌තචක්‌ඛූති.

සබ්‌බඤ්‌ඤුතඤාණනිද්‌දෙසො තෙසත්‌තතිමො. (පටිසම්භිදාමග්ගප්‍රකරණය)

.........................................................................

මේකේ පටන් ගන්න තැනම මේ පාඨය තියෙනවා. 

//කතමං තථාගතස්‌ස සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං? 

සබ්‌බං සඞ්‌ඛතමසඞ්‌ඛතං අනවසෙසං ජානාතීති – සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං. තත්‌ථ ආවරණං නත්‌ථීති – අනාවරණඤාණං//

අනවසේසං කියන්නේ ශේෂ නැතිව. ඉතිරි නැතිව. 

සබ්බං කියන්නේ සියල්ල. මොකක්ද? සියල්ල.

සඞ්‌ඛතමසඞ්‌ඛතං කියන්නේ සංඛත අසංඛත.

ජානාති කියන්නේ දන්නවා කියන එක.

එතකොට මේකේ තේරුම වෙන්නේ,

ඉතිරි නැතිව සංඛත අසංඛත සියල්ල දන්නවා කියන එක. 

මෙහෙම දේශනා කලේ ප්‍රඥාවන්තයින් අතර අගතැන් පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. 

ඒ කියන්නේ මොක අනන්ත උනත් ඤාණයත් ඒ තරමටම අනන්තයි. එතකොට අනන්තය බුදු රජාණන්වහන්සේ ළඟ ශුන්‍යයි.

ඒ නිසා පෘතජ්ජන මෝඩයෝ පිල් බෙදිලා මරාගන්නේ නැතිව, බුද්ධ වචනය හරියට ඉගෙන ගනිව්.





අනිච්ච යනු කුමක්ද?

අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙස අර්ථ දැක්වීම සාවද්‍ය බව පවසමින්, ත්‍රිපිටක බුද්ධ වචනයට නව අර්ථකථන ඉදිරිපත් කිරීම සමාජගත වී බොහෝ කාලයක් ගතවී තිබේ. ඒ කාලය තුල අනිච්ච සහ අනිත්‍ය යන පද හා ඒවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිලිබඳ බොහෝ ලිපි ලියවී තිබෙන නමුත්, එකී අර්ථ ප්‍රකාශන ධර්ම විකෘති වලට බලපෑම් කිරීමට තරම් සාර්ථකව ඉදිරිපත් නොවීය. ඒ හේතුවෙන් ධර්ම විකෘතීන් නිදහසේ සමාජය තුල විසිරී පැතිරී ගියේය.

ඒ පිළිබඳව නැවතත් අධ්‍යයනය කිරීමේදී වැටහී ගිය කාරණාවක් වන්නේ අනිච්ච අර්ථ විකෘතිය සිදුව ඇත්තේ හුදු ලෞකික අර්ථයෙන් පමණක් දුක්ඛ ආර්ය සත්‍යය දෙස බැලීම නිසාවෙන් බවයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳව පරමාර්ථ වශයෙන් විමසීමට හැකියාව නොමැතිව, තම තමන්ගේ පටු ලෞකික අදහස් අනුව ධර්මය විමසීමට යාම හේතුවෙන් ආර්ය සත්‍ය පිලිබඳ ගාම්භීර අර්ථ ගිලිහී ගොස් තිබේ.

තවදුරටත් සරලව පවසනවා නම් දුක්ඛ ආර්ය සත්‍යය යනු දුක්ඛ වේදනාව පිලිබඳ විග්‍රහයක් ලෙස එකී ධර්ම විකෘතික පිරිස් හඳුන්වා දී තිබේ. සැබවින්ම එය එසේ වටහාගත හැක්කක් නොවන බව ඉඳුරාම වටහා ගත යුතුය.

අනිච්ච අර්ථ විකෘති කල ඇතැමෙක් පවසන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන බවයි. ඒ පිළිබඳව වහරක මතධාරියකු පවසා සිටියේ පහත පරිදිය.

..........................................................

//සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි.//

..........................................................

අනිච්ච යනු සමුදය යැයි පැවසීමට හේතු කොටගෙන ඇත්තේ අනිච්චසඤ්ඤා සහ සමාධිභාවනා සූත්‍ර අර්ථ වරදවා වටහා ගැනීමයි. ඒ සූත්‍ර මෙසේයි.

..........................................................

//‘‘අනිච්‌චසඤ්‌ඤා, භික්‌ඛවෙ, භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති’’.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ කස්‌සකො මහානඞ්‌ගලෙන කසන්‌තො සබ්‌බානි මූලසන්‌තානකානි සම්‌පදාලෙන්‌තො කසති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, පබ්‌බජලායකො පබ්‌බජං ලායිත්‌වා අග්‌ගෙ ගහෙත්‌වා ඔධුනාති නිද්‌ධුනාති නිච්‌ඡොටෙති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, අම්‌බපිණ්‌ඩියා වණ්‌ටච්‌ඡින්‌නාය යානි තත්‌ථ අම්‌බානි වණ්‌ටපටිබන්‌ධානි සබ්‌බානි තානි තදන්‌වයානි භවන්‌ති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, කූටාගාරස්‌ස යා කාචි ගොපානසියො සබ්‌බා තා කූටඞ්‌ගමා කූටනින්‌නා කූටසමොසරණා, කූටං තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි මූලගන්‌ධා කාළානුසාරිගන්‌ධො තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි සාරගන්‌ධා, ලොහිතචන්‌දනං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි පුප්‌ඵගන්‌ධා, වස්‌සිකං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි කුඩ්‌ඩරාජානො, සබ්‌බෙතෙ රඤ්‌ඤො චක්‌කවත්‌තිස්‌ස අනුයන්‌තා භවන්‌ති, රාජා තෙසං චක්‌කවත්‌ති අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යා කාචි තාරකරූපානං පභා, සබ්‌බා තා චන්‌දිමප්‌පභාය කලං නාග්‌ඝන්‌ති සොළසිං, චන්‌දප්‌පභා තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ විද්‌ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්‌චො නතං අබ්‌භුස්‌සක්‌කමානො, සබ්‌බං ආකාසගතං තමගතං අභිවිහච්‌ච භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති. (අනිච්චසඤ්ඤාසූත්‍රය) //

// ‘‘චතස්‌සො ඉමා, භික්‌ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්‌සො? අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු විවිච්‌චෙව කාමෙහි… චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු ආලොකසඤ්‌ඤං මනසි කරොති, දිවාසඤ්‌ඤං අධිට්‌ඨාති – යථා දිවා තථා රත්‌තිං, යථා රත්‌තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්‌ධෙන සප්‌පභාසං චිත්‌තං භාවෙති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති; විදිතා සඤ්‌ඤා…පෙ.… විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති. ඉමා ඛො, භික්‌ඛවෙ, චතස්‌සො සමාධිභාවනා. 

ඉදඤ්‌ච පන මෙතං, භික්‌ඛවෙ, සන්‌ධාය භාසිතං පාරායනෙ පුණ්‌ණකපඤ්‌හෙ –

‘‘සඞ්‌ඛාය ලොකස්‌මිං පරොපරානි,

යස්‌සිඤ්‌ජිතං නත්‌ථි කුහිඤ්‌චි ලොකෙ;

සන්‌තො විධූමො අනීඝො නිරාසො,

අතාරි සො ජාතිජරන්‌ති බ්‍රූමී’’ති (සමාධිභාවනා සූත්‍රය)//

..........................................................

එකී සූත්‍ර දෙකෙහි දැක්වෙන උදයබ්බය හෙවත් සමුදය අත්‌ථඞ්‌ගමය යන පද දෙකෙහි අර්ථ විපරීත කරගැනීම හේතුවෙන් //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන දුර්මතය ඇතිවී තිබේ. එකී දුර්මතය දුර්මතයක් වනේ කෙසේද යන්න පහත සේ දත යුතුය.

අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි අනිච්චසඤ්ඤාව වඩන ආකාරය මෙසේ විස්තර කර තිබේ. 

//‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? 

‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – 

එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති.//

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය යනු කුමක්දැයි දැන ඒ එක් එක් ස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම, අනිච්ච සඤ්ඤාව වේ. ඒ ස්කන්ධයන් පිලිබඳ සමුදය හා අත්‌ථඞ්‌ගමය නැවත නැවත මෙනෙහි කිරීම අනිච්චසඤ්ඤාව වැඩීම නම් වේ.

එබැවින් පැහැදිලිවම දත යුත්තේ, පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම අනිච්චසඤ්ඤාව වනවා මිසක, “සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි” යන කතාව එකී සූත්‍රයෙන් විස්තර නොකෙරේ.

නැවත ද පවසන්නේ අනිච්චසඤ්ඤාව යනු සමුදය හා අත්‌ථඞ්‌ගමය යන දෙකම දැකීමයි.

ඉන් අනතුරුව සමාධිභාවනා සූත්‍රයෙහි විස්තරය විමසා සිටිමු. 

//‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘

ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. 

අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති//

ඉහත අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම ලෙස විස්තර කරන ලද්ද සමාධි භාවනා සූත්‍රය තුල උදයබ්‌බයානුපස්‌සනාව ලෙස විස්තර කෙරේ. එබැවින් උදයබ්‌බයානුපස්‌සනාව යනු අනිච්චසඤ්ඤාවම වන අතර එය පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම වේ. ඒ විනා //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන හිස් තර්කය මින් පිළිබිඹු නොකෙරේ.

ඉහත සූත්‍ර අර්ථ දෙස බලන කල පැහැදිලිවම පෙනෙන කාරණාවක් වන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන්නේයැයි පවසනා පුද්ගලයින් යනු සූත්‍රයක් හෝ කියවා අර්ථ ගැනීමට නොහැකි තරම් දුර්වල පිරිසක් බවයි.

ඉන් අනතුරුව “අනිච්ච” යන්නෙන් “සමුදය” යන අර්ථය හා “නිච්ච” යන්නෙන් “නිරෝධය/අත්ථගමය” යන අර්ථය ලැබෙන්නේද යන්න විමසා සිටිමු.

//“තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? 

අනිච්චං, භන්තෙ. 

යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?

දුක්ඛං, භන්තෙ.

යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං – එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? 

නො හෙතං, භන්තෙ. 

වෙදනා..., සඤ්ඤා..., සඞ්ඛාරා..., විඤ්ඤාණං... -පෙ- "//

මෙහි “රූපං නිච්චං වා අනිච්චං වා” (රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ) යන පාඨයෙහි “රූපං නිච්චං” ලෙස හෝ “රූපං අනිච්චං” ලෙස ගත් විට එය නපුංසක ලිංග ලෙස වරනැගේ. එබැවින් “රූපං” ලෙස යෙදේ. එහි සිංහල අර්ථය නම් රූපය යන්නයි.

..........................................................

එකී රූපං යන පදය අනිච්චං සමග යෙදෙන විට, අනිච්ච යනු සමුදය යන අර්ථය නම්, 

රූපං අනිච්චං = රූපය සමුදය වේ යන අර්ථයයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා සමුදය වේ, සඤ්ඤා සමුදය වේ, සංඛාර සමුදය වේ, විඤ්ඤාණය සමුදය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය කුමක් ද?

..........................................................

ඉදින් අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය නම්,

රූපං අනිච්චං = රූපය අනිත්‍ය වේ යන අර්ථයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා අනිත්‍ය වේ, සඤ්ඤා අනිත්‍ය වේ, සංඛාර අනිත්‍ය වේ, විඤ්ඤාණය අනිත්‍ය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය සුගමය.

..........................................................

ඉදින් නිච්ච යනු නිරෝධය/අත්ථගමය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිරෝධය/අත්ථගමය වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිරෝධය/අත්ථගමය වේ, සඤ්ඤා නිරෝධය/අත්ථගමය වේ, සංඛාර නිරෝධය/අත්ථගමය වේ, විඤ්ඤාණය නිරෝධය/අත්ථගමය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථයක් නැත.

..........................................................

ඉදින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිත්‍ය  වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිත්‍ය  වේ, සඤ්ඤා නිත්‍ය  වේ, සංඛාර නිත්‍ය  වේ, විඤ්ඤාණය නිත්‍ය  වේ යනුවෙන් යෙදිය යුතුය. එය ව්‍යාකරණානුකූල වේ. නමුත් සිදු නොවේ.

..........................................................

ඉහත උදාහරණ දෙස බැලීමේදී සමුදය යනාදී පද යෙදූ විට සූත්‍ර අර්ථය විකෘති වේ. රූපස්ස සමුදයො මිස රූපං සමුදයො ආදී ලෙස නොයෙදේ. එබැවින් අනිච්ච යනු සමුදය යැයි ගැනීම විකෘතියකි.

තවද උදාහරණයක් සලකා බලන්නේ නම්,

"තස්මා හි යාගුං අලමෙව දාතුං - නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන

දිබ්බානි වා පත්ථයතා සුඛානි - මනුස්සසොභග්‍යතමිච්ඡතා වාති."

(භෙසජ්ජක්ඛන්ධකය)

මනුෂ්‍ය හෝ දිව්‍ය සැප කැමැත්තහු විසින් කැඳ දානය නිරතුරු දිය යුතු බව එකී ගාථාවෙන් කියැවේ. එහි නිරතුරු යන අර්ථය ගෙන දෙන්නේ නිච්ච යන පදයෙනි. නිරතුරු යනු නිත්‍ය යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය දෙන පදයක් බව බුද්ධ දේශනාව අනුව දත යුතුය.

තවද,

"ඵලානමිව පක්කානං - නිච්චං පතනතො භයං

එවං ජාතාන මච්චානං - නිච්චං මරණතො භයං." 

(මූගපක්ඛ ජාතකය)

ඉදුණු ගෙඩි වැටෙන්නේය යන බිය නිරතුරු පවතින්නා සේ, උපන්නා වූ මනුෂ්‍යයාට මරණයෙන් බිය නිරතුරු පවතින්නේය. 

එහිදී ද නිච්ච යන්නෙන් නිරතුරු යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය බව දත යුතුය.

මේ අනුව නිච්ච යනු නිත්‍ය යන අර්ථය ද, අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය ද ගෙන දෙන පද දෙකක් මිසෙක, කිසදු විටක //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන විපරීත අර්ථය ගෙන නොදෙන බව ඉඳුරාම දත යුතුය.

සියලු සත්වයෝ නිවනින් සැනසේවා...!!!