Wednesday, January 4, 2017

ජාතික ගැටලුව හමුවේ සත්පුරුෂයා සතු වගකීම.






අදවන විට සම්බුද්ධ ශාසනය ප්‍රධාන කොට ඇති සිංහල ජාතිය හා සිංහල රට අර්බුධ රැසකට මුහුණපා සිටින බව පැහැදිලි සත්‍යයකි. එසේ තිබියදීත් වගකිව යුත්තන් මුනිවත රැකීමද සත්‍යයකි. එසේ වන්නේ ඇයි?
සිතන්න. මේ සියළු ගැටළු පැනනගින්නේ බුදු දහමට එරෙහිවය. බුරුමය වැනි රටවලත් ලංකාවෙත් ප්‍රධාන ඉලක්කය නම් බුදු දහම ආගම කොටගත් සාමාන්‍ය ජනතාවයි. (කිතුනුවන්ට එරෙහිවද මේ ගැටුම් පැනනගින බව පෙනෙන්නට තිබේ. නමුදු ලංකාවේ කිතුනුවන්ට එරෙහිව එසේ ප්‍රචණ්ඩකාරී ගැටුම් නොමැත.) මේ වන තෙක් බෞද්ධ දර්ශනය පිළිපදින කිසිවකු තම දර්ශනය පිළිගත යුතුය කියා කිසිවකු මරා දමා නොමැත. නමුදු අප, අන්‍යාගම් නොඅදහන්නේ නම් ඝාතනය විය යුතුය යන අමානුෂික පීඩනයකට ලක්වෙමින් සිටිනවා නොවේද? 

මේ සියලු ගැටළුවලට යම් කිසි හේතුන් ද   එයින් මිදීමක් සේම මිදීමේ මගක් ද තිබිය යුතුමය. එබැවින් මේ මොහොතෙහි අප කල යුත්තේ ගැටළුව ගැන කතාන්දර කීමවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරගැනීමවත් නොව ධර්මානුකූලවම මේ පවතින ගැටළු විසඳා ගැනීමයි. ධර්මානුකූලව විසඳිය යුත්තේ, යම් අධාර්මික ක්‍රියාවක් සිදුවුවහොත් එහි ආදීනව විඳීමට වන්නේද තමාටම බැවිනි. කෙසේ නමුදු ධර්මය තුලින් විසඳන කල අධාර්මිකයෝ වැනසී යාම ස්වභාවික බැවින් ඒ කෙරෙහි මධ්‍යස්ථ වෙමු. නමුදු ඔවුන්ද වහ වහා දුකින් මිදේවා කියා ද ඉතසිතින් ප්‍රර්ථනා කරන්නෙමු.

මේ ගැටළුව දෙස පසෙකට වී නිදහස් මනසකින් බලන ඕනෑම අයකුට පෙනෙන කරුණ නම්, ලංකාවට සුළුතරයක් වූ ද සියල්ලන්ම නොවුද අන්තවාදී ඉස්ලාම් භක්තිකයන් විසින්, ලංකාවට බහුතරක් වූ ද සියල්ලන්ම වූ ද බුදු දහම පිළිගත් ජනතාව යටපත් කරගෙන සිටින බවයි. එනම් ඉස්ලාම් අන්තවාදීන් හමුවේ ලාංකික මහජනයා අසරණ වි ඇති බවයි. කුමකින් අසරණ වි සිටියිද? සමාජයීය, ආගමික, ආර්ථික, දේශපාලනික යනාදී සෑම අංශයකදීම සිංහලයා අසරණ වි සිටියි. සරණ විය හැකි කිසිවකු පෙනෙන තෙක්මානයක නොමැත. ඇතැම් සංවිධාන තිබුනේද ඔවුන් දක්වන විසඳුම් සාධනීය මට්ටමක නොමැත. එබැවින් අප කුමක් කල යුතුද?

බුදු දහම ස්වාක්ඛාතය. එනම් මනාව දේශනා කර ඇත.එහි යම් ප්‍රතිපදාවක් වේද, එතුලින් ලැබෙනුයේ දේශනාවෙහි ඇති ඵලයම වේ. යම් ඵලයක් උදෙසා යම් මගක් වේද දේශනාවේ ඇත්තේද ඒ මාර්ගයම වේ. එබැවින් ඒ බුද්ධ දේශනාව තුල දක්වන ප්‍රතිපදාව හා ඵලය දේශනාව සමග පරස්පර නොවන්නකි.
ඉදින් යම් ගැටලුවක් ඇත්තේනම් හා ස්වාක්ඛාත වූ දහමක්ද ඇත්තේ නම් ගැටලුවට ධර්මය ඔස්සේ විසඳුමක් නොසොයන්නේ කීම? ලොව ඇති සියලු ගැටළුවලට සාර්ථකම විසඳුම් ලැබෙන එකම දහම වූ බුදු දහම තුලින් මේ පැනනගින ගැටළු විසඳිය හැක. එබැවින් එතුලින් විසඳුම් සොයමු.

ගැටලුවක් තිබේ නම් හේතුවක් ද ඇත. මේ ගැටළුවලට හේතු නම් අතීතයේ පටන් පැවතගෙන එන සම්ප්‍රදායික තත්වයකි. එනම් සෙසු ලබ්ධිකයෝ බුදු දහම කෙරෙහි ඇති විරෝධයයි.

අසත්පුරුෂයා සැමවිටම ධර්මයට අකමැතිය. ඔහුට අවැසි වන්නේ ධර්මය වැනසෙනු දැකීමයි. එබැවින් ධර්මය වැනසීමටත් ධර්මකාමින් වැනසීමටත් කළහැකි සියලු දේ කිරීම අසත්පුරුෂ කමේ ස්වභාවයයි. එසේ අසත්පුරුෂයන් අධාර්මිකව බලවත් වි ධාර්මික සත්පුරුෂයන් පෙළයි නම්, සත්පුරුෂයා කල යුත්තේ ධාර්මිකව ශක්තිමත් වීමයි. එකල්හි අසත්පුරුෂයාට සත්පුරුෂයා මැඩලීමට නොහැකි වන්නේය.
එබැවින් මේ පවතින ගැටළු හමුවේ ධර්මකාමී සත්පුරුෂයන් කල යුත්තේ ධාර්මිකව ශක්තිමත් වීමයි.එයට මග මෙසේයි.

ධාර්මිකව ශක්තිමත් වීම යනු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම වර්ධනය වීමයි. මේ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වන කල්හි පංච ශේඛ බල, සප්ත ආර්ය ධන යන ධර්මතාද ස්වභාවයෙන්ම වර්ධනය වේ. කෙටියෙන්ම පවසනවා නම් සත් තිස් බෝධිපාක්ෂික ධර්මම වර්ධනය වේ. ඒවා වර්ධනය වන කල තමාට නිවනද රට දැයට සැනසීමද ස්වභාවිකවම ලැබේ. එබැවින් ඒ ධර්මයෝ දියුණු කරගනු වස් ප්‍රයෝගික මග පෙන්වීමක් මෙසේ ඔබට ලබා දෙන්නෙමු. ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් යුක්තව මේ පිළිවෙත පුරන්න. එතුලින් ඔබටත් රටටත් සැනසීම නියතවම ලැබේ. 

ඔබ කුමන තරාතිරමක වුවද, කුමන රැකියාවක නිරත වුවද මේ පිළිවෙත සපිරීම දුෂ්කර නොවන්නකි. කල යුත්ත නම් මෙසේයි.

“ඔබ දිනයෙහි කටයුතු උදෙසා අවදිවන්නේ යම් මොහොතකද, ඒ මොහොතෙහි පටන් බුදු ගුණ මෙනෙහි කරන්න. ඉතිපිසෝ ගාථාව මිමිනීම, මෙනෙහි කිරීම ප්‍රමාණවත්ය. දවසෙහි ඉඩ ලැබෙන ලැබෙන සෑම මොහොතකම මෙනෙහි කරන්න. නින්දට යන විටද මෙනෙහි කරන්න.” 

ඔබ කල යුත්තේ එපමණක්මය.

රැකියාවට යන අතරෙහි බසය තුල හෝ දුම්රිය තුල හෝ අන් රථයක් තුල හෝ සිටිමින්ම මෙනෙහි කල හැක. දරුවන්ට පාසල් යන අතරතුර මෙනෙහි කල හැක. ඉඩ ලද සෑම මොහොතකම භාහිර අකටයුතුකම් වලට සිත නොයොදා බුදුගුණම මෙනෙහි කරන්න. යමෙකු බාධා කරයි නම් නොබියව තමා කරන ක්‍රියාව ප්‍රකාශ කරන්න. හිත මිතුරු සැවොම තමා හා අවනත කරගන්න. බුදු ගුණයෙන්ම අධිෂ්ඨාන කොට කටයුතු අරඹන්න.මෙනෙහි කරන සැමට යහපතක් මිස අයහපතක් නම කිසිවිටෙක නොමැත.

ඔබ නිතර බුදු ගුණ මෙනෙහි කරන විට ඔබ තුල ශ්‍රද්ධාව වර්ධනය වේ. ශ්‍රද්ධාව වර්ධනය වනවිට පාපයට ලැජ්ජා භය ඇතිවේ. පාපයට ඇති ලැජ්ජා භය නිසා ඔබ සිල්වත් වේ.සිල්වත් වන ඔබ තුල ධර්මයට ඇති කැමැත්ත ඇති වේ. එවිට ඔබතුල ධර්මය තුල හැසිරීමට වීර්යය ඇතිවේ. එසේ ධර්මය තුල හැසිරෙන කල සතිය දියුණු වේ.එබැවින් සමාධිය දියුණු වේ. සමාහිත වූ කල ප්‍රඥාව දියුණු වේ.

මේ වර්ධන පිළිවෙලයි. අතරතුර ගැටළු පැනනගිනු ඇත. ඒවාටද විසඳුම් ලබා ගනිමින් ඉදිරිට යායුතුය. එසේ ගැටළු වේ නම් අපට යොමු කරන්න.

මතක තබා ගන්න ක්ෂණික ප්‍රතිපල නොමැත. කැපවීමෙන් දීර්ඝ කාලීනව කරන්නේ නම් ඔබටම ප්‍රතිපල අත්විඳිය හැක. නිවැරදිව කරන තැනැත්තාගේ ප්‍රතිපල උදෙසා වගකීම අප සතුය.
ඉදින් ඔබ සත්පුරුෂයෙක් නම්, තමාද සුරකිමින් රට දැය සමය සුරැකීමට අවැසි නම් මේ පිළිවෙත පුරන්න. මේ පිළිවෙත් මග ඔස්සේ ගමන් කර අමා මහ නිවනින් සැනසීම ලබාගන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!

No comments:

Post a Comment