Monday, February 27, 2017

අසමසම ශාස්තෘවරයාණෝ




ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථි සත්ථාදේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.
ඒ භාගවතුන් වහන්සේ මෙසේද අරහං සම්මාසම්බුද්ධ විජාචරණසම්පන්න සුගත ලෝකවිදූ අනුත්තරපුරිසදම්මසාරථි සත්ථාදේවමනුස්සානං බුද්ධ භගවා වන සේක.
කෙසේද යත්,

අරහං.


ඒ භාග්‍යවතුන් වහන්සේ ;

• ක්ලේශයන් කෙරෙන් ආරකව - දුරුව සිටීන බැවින්ද,
• ක්ලේශ අරීන් - සතුරන් නැසූ බැවින් ද,
• පුඤ්ඤාභිසංඛාර ආදී අර නැසූ බැවින්ද,
• ප්‍රත්‍යාදියට අර්හ - සුදුසු බැවින්ද,
• රහස් පාප කර්මයන් නැතිබැවින්ද අරහං වනසේක.

“ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සෝ මුනි
හතසංසාර චක්කාරෝ - පච්චයාදීනචාරහෝ
න රහෝ කරෝති පාපානී-අරහං තේන පවුච්චති”

මෙසේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් ආරක බැවින්ද,ක්ලේශාරී හත බැවින්ද,සංසාර චක්‍රයාගේ අර හත බැවින්ද, ප්‍රත්‍යාදින්ට අර්හ බැවින්ද,රහසවත් පව් නොකරන බැවින්ද අරහ නම් වනසේක.

සම්මාසම්බුද්ධ.


“සම්මා සාමඤ්ච සබ්බ ධම්මානං බුද්ධත්තා පන සම්මා සම්බුද්ධෝ” ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොට සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධ කල සේක.එබැවින් උන්වහන්සේ සම්මා සම්බුද්ධය.

ඒ එසේමය;උන්වහන්සේ සියලු ධර්මයන් අවබෝධකළ සේක්මය. උන්වහන්සේ අභිඤ්ඤෙය්‍ය ධර්ම අභිඤ්ඤෙය්‍ය වශයෙන් අවබෝධ කළ සේක.පරිඤ්ඤෙය්‍ය ධර්ම පරිඤ්ඤෙය්‍ය වශයෙන්ද, ප්‍රහාතව්‍ය ධර්ම ප්‍රහාතව්‍ය වශයෙන්ද, ශාක්ෂාත් කරණීය ධර්ම ශාක්ෂාත් කරණීය වශයෙන්ද, භාවිතව්‍ය ධර්ම භාවිතව්‍ය වශයෙන්ද අවබෝධ කළසේක.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං මේ - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ”

එසේය. උන්වහන්සේ චක්ෂුරායතනය දුක්ඛ සත්‍යය යැයිද, ඒ චක්ෂුරායතනය උපදවීමට මූලකාරන වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යැයිද, ඒ චක්ෂුරායතන - තෘෂ්ණා දෙකෙහි නොපැවැත්ම නිරෝධ සත්‍යය යැයිද, නිරෝධ ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යය යැයිද මෙසේ එක් එක් ධර්මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්මයන් මනා කොට තමන් වහන්සේම අවබෝධ කළසේක. සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතුය. මෙසේම රූපාදිවූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ කාය සයද, චක්ඛු සම්ඵස්සාදී ඵස්ස සයද, චක්ඛුසම්ඵස්සජ වේදනාදී වේදනා සයද, රූප සඤ්ඤාදී සඤ්ඤා සයද, රූපසඤ්චේතනාදී චේතනා සයද, රූප තණ්හාදී තණ්හා සයද, රූපවිතර්කාදී විතර්ක සයද, රූපවිචාරාදී විචාර සයද, රූපස්ඛන්ධාදී පඤ්චස්ඛන්ධද, දස කසිනද, දස අනුස්සතිද, උද්ධුමාතකාදී දස සංඥාද, කේසාදී දෙතිස් කුනුපද, ද්වදසායතනද, චක්ඛුධාතු ආදී අටළොස් ධතුද, කාම භවාදී නව භවද, ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන සතරද, මෙත්තාදී සතර අප්පමඤ්ඤද, ආකාසානඤ්චායතනාදී අරූප සමාපත්ති සතරද, ප්‍රතිලෝම වශයෙන් ජරා - මරණාදී වුද අනුලෝම වශයෙන් අවිද්‍යාදීවුද පටිච්චසමුප්පාදාඞගද යොදා දත යුතුය. එහි අවසන දැක්වුණු ජරා - මරණ යොදන සැටි මෙසේය. ජරා - මරණ දුක්ඛ සත්‍යයි.ජරා - මරණයට ප්‍රත්‍යවන ජාතිය සමුදය සත්‍යයි. ඒ ජරා-මරණ, ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යයි. නිරෝධය ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයි.

මෙසේ එක් එක් ධර්මය උද්ධරණය කිරීම් වශයෙන්ද උන්වහන්සේ සියලු ධර්මයන් මනාකොට තමන් වහන්සේම අවබෝධ කළසේක. එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක.

විජ්ජාචරණ සම්පන්න.


ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යායෙන්ද චරණයෙන්ද සම්පන්න බැවින් - යුක්ත බැවින් විජ්ජාචරණ සම්පන්න වනසේක.

එහි විද්‍යා නම් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යායි. ත්‍රිවිද්‍යා නම් පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ඛය ඥානය යි. අෂ්ට විද්‍යා නම් විදර්ශනා ඥානය, මනෝමය ඉර්ධි ඥානය, ඉද්ධිවිධ ඥානය, දිබ්බසොත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ඛය ඥානය යන අටයි.
චරණ නම් සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දන්නා බව, ජාගරියානුයෝගය, සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත බව ,විරිය, සති, පඥ්ඥා, රූපාවචර ධ්‍යාන සතර යන මේ පසළොස් ධර්මයි. මේ පසළොස් ධර්ම කරන කොට ආර්ය ශ්‍රාවකයා නිවන දෙසට චරණය - ගමන් කරයි. එහෙයින් ඒ ධර්ම පසළොස චරණ ධර්ම යැයි හදුන්වයි.
මේ විජ්ජා - චරණ අතුරෙන් විද්‍යා සම්පත්තිය උන්වහන්සේගේ සර්වඥාතාඥානයද, චරණ සම්පත්තිය මහා කාරුණිකත්වයද පුරා සිටියේය. උන්වහන්සේ ස්ර්වඥාතාඥානයෙන් ලෝකයාගේ අර්ථානාර්ථ දැන වදාරා මහාකාරුණිකත්වයෙන් අනර්ථය හැරපියා අර්ථයෙහි යොදන සේක. විජ්ජා - චරණ සම්පන්නයෙකු බවට පත්කරන්නේ එසේය.එහෙයින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙති. දුප්පටිපන්න නොවෙති.

උන්වහන්සේ ඉහත විද්‍යාවන්ගෙන්ද චරණයන්ගෙන්ද සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුගත.


ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන ගමන් ඇති බැවින්ද, සුන්දර තැනට ගිය බැවින්ද, මනා කොට ගිය බැවින්ද, මනා තෙපුල් ඇති බැවින්ද සුගත වනසේක.

• ගත නම් ගමනය. භාග්‍යවතුන් වහන්සේගේ ගත - ගමන ශෝභනය. පරිශුද්දය. නිරවද්‍යය. ඒ ගමන නම් කීම? ආර්ය මාර්ගයයි. උන්වහන්සේ ආර්ය මාර්ග නම් ගතයෙහි නොලැගෙමින් නිවනට පැමිණි සේක. එබැවින් උන්වහන්සේ සුගත නම් වන සේක.

• සුන්දර තැන නම් නිවනයි. ඒ නිර්වාන සංඛ්‍යාත සුන්දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගතය.

• උන්වහන්සේ මනාකොට‍ ගිය සේක. ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීන කෙලෙස් කරා පෙරලා නොගිය සේක. එහෙයින්ද උන්වහන්සේ සුගතය.

• උන්වහන්සේ මනාකොට ගදනය කරන සේක. එනම් මනාකොට කියන සේක. යුතු තන්හි යුතු වුම තෙපුල් තෙපලන සේක. එහෙයින්ද සුගත නම් වන සේක.

ලෝකවිදූ.


ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ලෝකය දන්නා බැවින් ලෝකවිදූ වන සේක.
ඒ එසේමය. උන්වහන්සේ ස්වභාව වශයෙන්ද, සමුදය වශයෙන්ද, නිරෝධ වශයෙන්ද, නිරෝධෝපාය වශයෙන්ද යන සර්වාකාරයෙන් ලෝකය දත් සේක.

ලෝකය, සංස්කාර ලෝක සත්ත්ව ලෝක අවකාශ ලෝක යයි ත්‍රිවිධ වේ.

“ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන තැන්හි සංස්කාර ලෝකය දැක්වේ. (එක් ලෝකයකි.සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් පවත්නෝය.) මෙහි ආහාර ශබ්දයෙන් ප්‍රත්‍ය වදාල බව දත යුතුය. ප්‍රත්‍යයෙන් උපදනා සියල්ල සංස්කාර ලෝක නම් වේ.

“සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා” යන තැන්හි සත්ත්ව ලෝකය දැක්වේ. දෘෂ්ටිගතිකයන්ගේ ශාස්වතාදී වශයෙන් ආත්මය ලෝකය වශයෙන් ගැනීම සත්ව විෂය වේ. සත්ත්ව ලෝකය නම් සත්ත්වයෝයි.

“යාවතා චන්දිමසුරියා පරිහරන්ති දිසා හන්ති විරෝචනා තාව සහස්සධා ලෝකෝ එත්ථ තේ වත්තතේ වසෝ” යන මේ දේශනාවෙහි දැක්වෙනුයේ අවකාශ ලෝකයයි. (සඳහිරු දෙදෙනා යම් තාක් තැන් පරිහරණය කරත්ද, බබුලුවත්ද ඒතාක් සහශ්‍රී ලෝකධාතුවයි. එය ඔබගේ වසඟයේ පවතින්නේය යනු එහි අර්ථයි.)

භාග්‍යවතුන් වහන්සේ මේ සංස්කාර, සත්ත්ව, අවකාශ යන ත්‍රිවිධ ලෝකම දන්නා සේක. එහෙයින් උන්වහන්සේ ලොකවිදූ ය.

අනුත්තර පුරිසදම්මසාරථි.


තථාගතයන් වහන්සේ, තමන්ට වඩා ගුණයෙන් විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.

ඒ එසේ මැයි:- උන්වහන්සේ සීල ගුණයෙන්ද, සමාධි ගුණයෙන්ද, ප්‍රඥා ගුණයෙන්ද, විමුක්ති ගුණයෙන්ද, විමුක්ති ඥානදර්ශන ගුණයෙන්ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ සිටින සේක.

බුදුරජාණන්වහන්සේ, ඒ ශීලාදී ගුණයන්ගෙන් තමන් හා සම අයකු නැති බැවින් අසම වන සේක. අසම වූ අතීත බුදුරජාණන්වහන්සේලා හා සම බැවින් අසමසම වන සේක.
තමන් වහන්සේගේ ප්‍රතිමා හා සමාන ප්‍රතිමා කල නොහැකි බැවින් අප්‍රතිම වන සේක. දේශනා කරන ලද සතිපට්ඨානාදී ධර්මයන් එසේ නොවේය යැයි විරුද්ධ විය නොහැකි බැවින් අප්‍රතිභාග වන සේක.

“ඔබ බුදු නොවුනි මම බුදු වුනෙමි” යැයි කිය හැකි පුද්ගලයකු නොමැති බැවින් අප්‍රතිපුද්ගල වන සේක.

“න මේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි මේ පටිපුග්ගලෝ” (මහාවග්ග පාලි, අභිසම්බෝධි කථා.)

“මට ආචාර්යයෙක් නැත.මට සමානයෙක්ද නැත.දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍රතිවිරුද්ධයෙක්ද නැත.” යනු අර්ථයි.

පුරිසදම්මසාරථි.


දමනය කල යුතු පුරුෂයන් දමනය කරයි යන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පුරිසදම්මසාරථි වන සේක.

ඒ එසේ මැයි :- උන්වහන්සේ අපලාල නාගරාජය, චූලෝදර-මහෝදර නාගරාජයෝ දෙදෙනය, අග්ගිසිඛ-ධූමසිඛ නාගරාජයෝ දෙදෙනය, ආරවාල නාගරාජය, ධනපාලක හස්තිය යන මේ තිරශ්චීන පුරුෂයන් දමනය කරන ලද්දේය.

සච්චක නිගණ්ඨය, අම්බට්ඨ මානවකය, පොක්ඛරසාති, සොණදන්ඩ, කූටදන්ත බ්‍රාහ්මණ යන මනුෂ්‍ය පුරුෂයන්ද, ආලවක, සුචිරෝම, ඛරරෝම යක්ෂයන් ද, සක්දෙව්රජ ද, බක බ්‍රහ්මය යනාදී අමනුෂ්‍ය පුරුෂයන්ද විචිත්‍ර වූ විනයන උපායයෙන් දමනය කරන ලද්දේය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුත්තර පුරිසදම්මසාරථි වන සේක.

සත්ථාදේවමනුස්සානං.


තථාගතයාණන් වහන්සේ දෙව් මිනිසුන්ට දිට්ඨධම්මික සම්පරායික පරමත්ථ යන මේ ත්‍රිවිධ අර්ථයෙන් සුදුසු පරිදි අනුශාසනා කරන්නේය යනාර්ථයෙන් ශාස්තෘ වන සේක. දිට්ඨධම්මික නම් මෙලොවින් වන අර්ථයයි. සම්පරායික නම් පරලොවින් වන අර්ථයයි. පරමත්ථ නම් පරමාර්ථ වූ නිවනයි.

එසේම සත්ථ යන අර්ථයෙන් ගැල් පදවන්නන්ද දැක්වේ. යම් සේ සාර්ථවාහ නම් වූ ගැල් පදවන්නන් චෝල කාන්තාර, වාල කාන්තාර, දුර්භික්ෂ කාන්තාර, නිරුදක කාන්තාරයන්ගෙන් එතෙර කරන්නේ වේද එසේම භාග්‍යවතුන් වහන්සේ සත්වයන් ජාති ජරා මරණාදී කාන්තාරයන්ගෙන් එතෙර කරනවන බැවින් ද සත්ථා නම් වන සේක.

බුද්ධෝ.


දත යුතු වන යමක් වේද ඒ සියල්ලම අවබෝධ කල බැවින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වන සේක.

තවද උන්වහන්සේ චතුසත්‍යය තමන් වහන්සේද අවබෝධ කල සේක. අන්‍යයන්ට ද අවබෝධ කරවන සේක. එහෙයින් උන්වහන්සේ බුද්ධය.

කේනට්ඨේන බුද්ධෝ? බුජ්ඣිතා සච්චානීති බුද්ධෝ, බෝධේතා පජායාති බුද්ධෝ, සබ්බඤ්ඤුතාය බුද්ධෝ, සබ්බදස්සාවිතාය බුද්ධෝ, අනඤ්ඤඤනෙය්‍යතාය බුද්ධෝ, විසවිතාය බුද්ධෝ, ඛීණාසව සංඛාතේන බුද්ධෝ, නිරූපක්කිලේස සංඛාතේන බුද්ධෝ, ඒකන්තවීතරාගෝති බුද්ධෝ, ඒකන්තවීතදෝසෝති බුද්ධෝ, ඒකන්තවීතමෝහෝති බුද්ධෝ, ඒකන්තනික්කිලේසෝති බුද්ධෝ, ඒකායනමග්ගං ගතෝති බුද්ධෝ, ඒකෝ අනුත්තරං අභිසම්බෝධිං අභිසම්බුද්ධෝති බුද්ධෝ, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභත්තා බුද්ධෝ, බුද්ධෝති නේතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තා මච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං, විමොක්ඛන්තිකමේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහසබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධෝති. (මහානිද්දේස පාලිය, සාරිපුත්තසුත්‍ර නිද්දේසය.)

කවර අර්ථයකින් බුද්ධ නම් වේද? චතුසත්‍යය තමන් අවබෝධ කල බැවින් බුද්ධ නම් වේ. අන්‍යයන්ට අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වේ. සියල්ල දන්නා බැවින් බුද්ධ නම් වේ. සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වේ. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධ නම් වේ. ක්ලේශ නිද්‍රාවෙන් පිබිදි බැවින් බුද්ධ නම් වේ. ඛීණාශ්‍රව බැවින් බුද්ධ නම් වේ. උපක්ලේශ නැතිබැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතරාග බැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතදෝස බැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතමෝහ බැවින් බුද්ධ නම් වේ. ඒකාන්ත නික්ලේශ බැවින් බුද්ධ නම් වේ. ඒකායන මාර්ගයට ගිය බැවින් බුද්ධ නම් වේ. තනිව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කල බැවින් බුද්ධ නම් වේ. අබුද්ධිය නැසූබැවින් බුද්ධිය ලැබූ බැවින් බුද්ධ නම් වේ. බුද්ධ යන මේ නාමය මව විසින් නොතබන ලදී. පියා විසින් නොතබන ලදී. සහෝදරයා විසින් නොතබන ලදී. සහෝදරිය විසින් නොතබන ලදී. මිත්‍රාමිත්‍රාමාත්‍යයන් විසින් නොතබන ලදී. ලේ ඤාතීන් විසින් නොතබන ලදී. ශ්‍රමණබ්‍රාහ්මණයන් විසින් නොතබන ලදී. දෙවියන් විසින් නොතබන ලදී. බුද්ධ යන මේ නාමය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාට බෝධි මූලයේ සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීම සමග විමොක්ෂාන්තික වශයෙන් ලැබුණු ප්‍රඥප්තියකි.
එසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වන සේක.

භගවා.


“භගවත්’ යනු ගුණයෙන් විශිෂ්ඨ වූ සියළු සත්වයන්ට උතුම් වූ ගෞරවාර්හ වූ තථාගතයන් වහන්සේට කියයුතු ගෞරව නාමයකි.

“භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං - ගරුගාරවයුත්තෝ සෝ භගවා තේන වුච්චති.”

භගවත් යන මේ නාමය ශ්‍රේෂ්ඨ නාමයකි. භගවත් යන මේ නාමය උතුම් නාමයකි. ගරු ගෞරවයන්ගෙන් යුක්ත වූ ඒ තථාගතයාණන් වහන්සේට මෙනිසා භගවත් යැයි කියනු ලැබේ.

“භගී භජී භාගි විභත්තවා ඉති - අකාසි භග්ගං’ති ගරූති භාග්‍යවා
බහූහි ඤායේහි සුභාවිතත්තතෝ - භවන්තගෝ සෝ භගවා ති වුච්චති.”

ඒ තුන්ලෝ ගුරු වූ ශාස්තෘන් වහන්සේ ඓශ්වර්යාදී භේද ඇති භග ධර්ම ඇත්තේය, පන්ත සේනාසන භජනය කළේය, අර්ථ ධර්ම විමුක්ති රස භාග ඇත්තේය, ලෞකික ලෝකෝත්තර ධර්ම විභාගය කළේය, රාගාදිය භේද කළේය, භාග්‍ය ඇත්තේය, කාය භාවනාදී අනෙක භාවනා ක්‍රමයන්ගෙන් වඩන ලද සිත් ඇත්තේය, භවයෙහි අන්තයට ගියේය යන අර්ථයන්ගෙන් භගවා නම් වනසේක.

(භදන්ත ආචාර්ය බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ රචිත මාතර ශ්‍රී ධර්මවංස හිමියන් පරිවර්තනය කල සිංහල විසුද්ධි මාර්ගය ග්‍රන්ථයෙන් උපුටා සංස්කරණය කරන ලදී.)

බුදු ගුණ නම් අපමණය. අපට නොවැටහේමය. එබැවින් බුදු ගුණ මෙතෙකැයි නොගත යුතුය. මේ ගුණ ස්වල්පය නම් හිමාලය පර්වතයෙන් වැලි කැටයක් තරම් වත් නොවන්නේය. සතරමහා සාගරයෙන් දිය දෝතක් තරම්වත් නොවන්නේය. එතරම් බුදු ගුණ ඇත්තේය.

තවද මෙසේ ගුණ වැනිය හැකි අන් ශාස්තෘවරයකු තුන් ලොව කිසිලෙසකත් නොමැති බැවින් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සුගත තථාගත දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ අසමසම වන සේක.

එබඳු වූ අනන්ත බුදු ගුණයන්ගෙන් බිඳක් ගෙන හැර දැක්වූ මේ කුසලය නිවනින් සැනසීම පිණිසම හේතු වේවා...!!!

Thursday, February 23, 2017

රට ජාතිය ආගමද? ආගම රට ජාතියද?




 

සිංහල රට සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය අනතුරේය. සතර දෙසින් අනතුරේය. නැත කියන්නෝ හිස් පුඟුලෝය. උප්පත්ති දොෂකයෝය. අන්ධ භූත පෘතජ්ජනයෝය. ඇත්ත ඇති සැටියෙන් නොපෙනෙන බැවිනි.

අනතුරෙහි බව දැකීම නොදැකීමට වඩා උතුම්ය. එසේම අනතුරු දුරු කිරීමට කටයුතු කිරීම දැක නිහඬ වීමට වඩා උතුම්ය.

අනතුර දුරු කරනු වස් කරන්නන් වාලේ කරනවාට වඩා සිතා මතා සොයා බලා අර්ථය සපිරෙන සේ නිවැරදි ප්‍රතිපල ලැබෙන සේ කටයුතු කිරීම ඒ සැමටම වඩා උතුම්ය.
ඉදින් අප කෙසේ රට ජාතිය ආගම රකිමුද?

රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කරන්නේ නම් පළමුව තම ජීවිතය කැපකළ යුතුය. ජීවිතය රැකගැනීම සහ රට ජාතිය ආගම රැකීම යනු දෙකකි. එබැවින් දිවි තොර වුවද ඒ ගැන නොසිතා කටයුතු කල හැකි විය යුතුය. එනමුත් විහිං නැහීම යනු ගොන් කමක් පමණකි. ජීවිතය පිදුවේද එය පිදිය යුත්තේ බොහෝ අර්ථ සිදුවන අයුරිනි.

එහිදී පළමු වැන්න සහ ප්‍රධානම කරුණ නම් රට ජාතිය ශාසනය රකින ගමනේ ගමන් මගයි. මග නිවැරදි නම් අවසානය නිවැරදිය. අවසානය නිවැරදි වීමට නම් මග නිවැරදි විය යුතුමය.

ඉදින් රට ජාතිය ආගම වෙනුවෙන් කැපකරන ජීවිතයක් අවසාන යහපත් ප්‍රතිපලය ලබාදෙන අයුරින් ගමන් කල යුතු මාර්ගය කවරක්ද?

මෙසේ සිතමු. 

රට ජාතිය ආගම වෙනුවෙන් කැපවන කල මින් එකක් මූලික කරගත යුතුය. මෙකී ත්‍රිත්වයටම සම තැන ලැබෙන්නේ නැත. එකක් මූලික විය යුතුමය. ඒ කවරක්ද?

ඉදින් රට මූලික වන්නේ නම් එහි අර්ථ අනර්ථ කවරේද?

මේ රට නම් සිංහලයි. රැකිය යුත්තේ සිංහල රටයි. සිංහල රට රැකීම නම් සිංහලයාගේ මාතෘ භූමිය රැකීමයි. එය සිංහල ජාතිය වෙනුවෙන් සිදු කල යුතුමය. සිංහලයාට මේ රට හැර අන් රටක් නැති බැවිනි. 

එනමුත් සිංහල රට මූලික කරගත හොත් ජාතිය පමණක් රැකේ. ශාසනය අර්බුධයකට පත් වේ. ඒ අන් ජාතීන්ද මෙහි සිටින බැවින් හා අන් ආගමිකයින්ද සිටින බැවිනි. රට මූලික වුවහොත් ඔවුන් ද තම අයිතිය ඉල්ලා සිටීම නතර කල නොහැක්කකි. රට රැක අවසානයේ සියලු ජාතීන්ට සියලු ආගමිකයින්ට සමානත්වය දීමට සිදුවේ. එහි අතුරු පල සිංහලයාටම මිසෙක අනෙකෙකුට නොවේ. එබැවින් රට මූලික වීම එතරම් සාර්ථක නැත.

යම් සේ ජාතිය මූලික වූයේ නම් කිම?

ජාතිය මූලික වූයේ නම් සිංහල ජාතිය වෙනුවෙන් පමණක් සිදු කරන සටනක් වන්නේය. එහිදී සිංහලයා යනු ලෝකය තුල ඉතා අඩු ප්‍රමාණයකින් යුතු හා වඳවීගෙන යන ජාතියක් වන බැවින් හා අප ජාතිය හට එරෙහි බොහෝ ප්‍රභල ජාතීන් සිටින බැවින් සටන ඉදිරියට කරගෙන යාම බරපතල අර්බුධ ඇති කරන්නකි.

ජාතියක් වශයෙන් අප අනුන් මත යැපෙන බැවින් අන් ජාතින් සමග සෘජුව නැගී සිටීමේ හැකියාවක් නැත. උදාහරණයකට ඉස්ලාමිකයින් සිංහල ජාතිය වනසන කල ඊට සෘජුව නැගී සිටීමට නොහැකි වී ඇත්තේ ජාතියක් ලෙස අප යැපෙන්නේ මැදපෙරදිග ගෘහ සේවය මතින් බැවිනි. එසේම ආර්ථික බලය අතින් පවා සිංහලයා ඉස්ලාමිකයින්ට වඩා දුබල බැවින් ඔවුන්ට එරෙහිව සෘජුව ක්‍රියා කල නොහැකි වී තිබේ.

යම් ලෙසකින් අප ලොව ප්‍රභල ජාතියක් චීනය, රුසියාව වැනි රටක සිටින ස්වදේශිකයින් නම් බිය සැක නැතිව කටයුතු කල හැකිය. එසේ නොවන බැවින් යම් සේ ජාතිය මූලික කොට සටනට අවතීර්ණ වන්නේ නම් එය අප සියදිවි නසා ගැනීමක් පමණකි. එබැවින් එය ද අරුත් සම්පන්න නොවේ.

සම්බුද්ධ ශාසනය මූලික කරගන්නේ නම් කුමක් සිදු වේද?

සම්බුද්ධ ශාසනය යනු ලොව සියලු සත්වයන්ට සැනසීම උදා කරන ආගමයි. එය මූලික කරගත්තේ නම් කිසිම ආකාරයක අවැඩක් සිදුවිය නොහැක. විමසා බලමු.

සම්බුද්ධ ශාසනය මූලික කරගෙන ශාසනය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය හුදෙක් සිංහල රට සිංහල ජාතිය තුල පමණක් සිදු වන්නක් නොවන්නේය. සම්බුදු සරණ ගියෝ සිංහලයෝ පමණක් නොවන බැවිනි. එසේම සම්බුදු සසුන ඇත්තේ සිංහල රට තුල පමණක් ද නොවන බැවිනි.

සම්බුද්ධ ශාසනය සුරැකීම යන කරුණ දෙස බලන කල පෙනෙන වැදගත් ම කරුණ නම් යම් සේ සම්බුදු සසුන රකියි ද ඒ උදෙසා සිංහල රට රැකියා යුතුම වේ යන්නයි. කෙසේද යත්;

සොලොස්මස්ථාන ප්‍රධාන බොහෝ වෙහෙර විහාර ලක්දිව තුල පවතී. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී සෑ රදුන් වැඩ සිටින්නේ සිංහල භූමිය තුලයි. විජය ශ්‍රී ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩ සිටින බිම මේ සිංහල පින් බිමයි. දළදා වහන්සේ වැඩ සිටින බිම මේ සිංහල පින් බිමයි. ථූපාරාමය, සෝමාවතිය, මහියංගනය, මුතියංගනය, තිස්සමහාරාම..... ආදී සිද්ධස්ථාන වැඩ සිටින බිම සිංහල බිමයි. 

එබැවින් සම්බුදු සසුන රකින්නේ නම් සිංහල බිම රැකිය යුතුම වේ. ඒ නිසාවෙන් සම්බුදු සසුන මූලික කරගෙන කටයුතු කරයි නම් සිංහල රට සවභාවයෙන්ම රැකෙන්නේ වේ.
එපමණක් නොව සිංහල රට රකින්නේ නම් සිංහල ජාතිය රැකිය යුතුම වේ. කිමද යත් සිංහල රට කඩා නොබිඳ පන සේ රකින එකම ජාතිය නම් සිංහල ජාතියයි. එබැවින් සිංහල රට රකින්නේ නම් සිංහල ජාතිය ස්වභාවයෙන්ම රැකෙන්නේ වේ.

එසේ ගත්කල සම්බුදු සසුන මූලික කරගන්නේ නම් සිංහල රට සිංහල ජාතිය රැකගත යුතුම වන බැවින් සිංහල රට, සිංහල ජාතිය සුරකින ගමනේදී සම්බුදු සසුන මුල් කරගැනීම ඉතා අර්ථදායි වේ.

එපමණක් ද නොව සම්බුදු සසුන රකින්නේ නම් එතුලින් බොහෝ සත්වයින් සැනසීමක් ලබන්නේද වේ. ශාසනය චිරස්ථායි කර මිත්‍යා දුරලා අන් ජාතීන්ටද බුදු දහම තුලින් සැනසීම ළඟාකර දිය හැකිය. කිසිවකුට ජාතිවාදය ගැන කතා කිරීමට හෝ ඉඩක් නැත. ආගම් වාදය ගැන කතා කිරීමට තතනන අයවලුන්ට ධර්මයෙන්ම කරුණු දක්වා දමනය කල හැකිය. ඒ මතු නොව ශාසන චිරස්ථිතිය තුලින් සිදුවන අප්‍රමාණ පුණ්‍ය මහිමය තුලින් සැනසීම අන් කවරක් තුලින් ලැබිය හැකිද?

එබැවින් සුජාත පුතුනි ඔබ දිවි පුදා කරනු ලබන සේවයට අර්ථය එක් කරනු මැන. අනර්ථය වෙනුවෙන් නොවෙහෙසී අර්ථය වෙනුවෙන් වෙහෙසෙන්න. සම්බුදු සසුන වෙනුවෙන් කටයුතු කර බුදු දහම රට ජාතිය යන සියල්ල එක සේ රැකගන්න.
එය ඔබ පමණක් කරන කටයුත්තක් නොව ඔබට පෙරාතුව සිටි රජ දරුවන්ද අනුගමනය කල මාර්ගයයි.

“මාගේ මේ ව්‍යායාමය කිසිසේත් රජ සැප පිණිස නොව. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසමය”

ඔවුන් අනුගමනය කල මාර්ගය ඔබද අනුගමනය කරන්න.

සම්බුදු සසුන මූලික කරගනිමින් ඒ අනුව රට ජාතිය සුරකින්න. අර්ථය සිදු කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!

Monday, January 16, 2017

දුස්සීලයා හමුවේ ජාතික සටනේ අනාගතය.




සිංහල ජාතිය සටනකය. එයද හුදු ලෞකික සටනක් නොව ධර්මයේත් ධර්මය ආරක්ශා කරන රටෙත් රට ආරක්ෂා කරන ජාතියේත් අනාගතය තීරණය වන සටනක්ය. එසේම සැබෑ බෞද්ධයකුට මග නොහැරිය හැකි උතුම් සේවයක එක කොටසක්ය.

එනමුත් එකී සටන නිවැරදි මග යනවාද යන්න ගැටලුවක් වෙමින් පවතී. කුමක් හෙයින් යත් විවිධාකාරයේ සටන් පැවතියේද ජයග්‍රහණ පෙනෙන්නට නොතිබීමයි. එබැවින් ජය ලැබූ සටන් පිළිබඳව විමසා බැලීම වටියි.

සිංහලයා ජයගත් සටන් අතර ප්‍රසිද්ධම සටන නම් දුටුගැමුණු මහරජු එළාර හා සටන් වැදීමයි. ඉන් පසුකාලීනව විදේශ ආක්‍රමණයන් පවා සිදුවූ නමුදු එබඳු විශේෂ චරිතයක් හමුවන්නේ නැත. එය පරමාදර්ශී චරිතය සේම පරමාදර්ශී සටනද වේ.

ඒ සටන දෙස බලන කල පෙනෙන කරුණ නම් එය හුදෙක් රජවරුන් දෙදෙනෙකු අතර රාජ්‍යත්වයේ උරුමය සඳහා සිදුවූවක් නොවන බවයි. එය තුල ඉන් එහාට ගිය සුවිශේෂත්වයක් ගැබ්ව තිබෙන බව මොනවට පැහැදිලි වේ.

එම සටන සිදුවන්නේ ආක්‍රමණිකයකුට විරුද්ධවයි. එයද ආක්‍රමණිකයාට එරෙහිව සිදුවන අමානුෂික ප්‍රහාරයක් නොව ආක්‍රමණිකයා දමනය කරගැනීමක් පමණක් වෙයි. එසේම එතුලින් බලාපොරොත්තු වන්නේ ස්වකීය රටතුල සියලු ජනයාට සුවසේ වාසය කල හැකි වාතාවරණයක් ඇති කිරීම සේම එකී ජනතාවට ධාර්මික ජිවිත ගතකරමින් දෙලොව වැඩ සාදා ගැනීමට මංපෙත් විවර කරවීමයි.

කෙසේ නමුත් සටන මෙහෙයවන්නේ හුදෙක් තම අභිමතාර්ථ මත පමණක් නොව සුවිශේෂ උපදේශක මණ්ඩලයක අධීක්ෂණය යටතේය. ඒ අධීක්ෂණ මණ්ඩලය නිසාවෙන්ම එකී සටන හුදු සංග්‍රාමයක් නොවී පාපයෙන් අල්ප අර්ථයෙන් සපිරුණු සටනක් විය. එබැවින්ම මාර පරාජයක් මිසෙක රාජ්‍ය සුඛ විහරණ අභිලාශයක් ඉන් සිදු නොවිය.
නොඑසේ නම් රහත් ඵලයට පත් වූ උතුමන් වහන්සේලාගේ උපදෙස් මත මනුශ්‍යඝාතන අවම කරගනිමින් සතුරා පරාජය කරමින් රට එක්සේසත් කොට ධර්මය ස්ථාපිත කර රට සුඛිත මුදිත කරවීමක් පමණක් එතුලින් සිදුවිය.

එහිදී ඇතැමෙකුට මෙසේ සිත්විය හැකිය. “රහතන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වන සේක. අනුබලද නොදෙන සේක. එසේ නම් කෙසේ යුද්ධයට ආශීර්වාද කල සේක් ද?” යනුවෙනි. ඒ මෙසේය.
කෙසේද යත්;

“වජ්ජීන් හා යුධ වදිනු කැමැති වූ අජාසත් රජු යුද්ධය ජය කවරෙකුට හිමිදැයි දැනගනු වස් වස්සකාර මහාමාත්‍යවරයා බුදුරජාණන්වහන්සේ හමුවට යවන ලදි. එහිදී වජ්ජීන් හා යුධ කැමති බව දන්වන ලද කල වජ්ජීන්ට තමන් වහන්සේ දෙසූ සප්ත පරිහානි ධර්ම පිළිපදින තාක් ඔවුන්ගේ පරිහානියක් නොවන බව දේශනා කල සේක.

එයින් අවස්තාවාදී වූ වස්සකාර අමාත්‍යවරයා යුධ ජය නම් පෙළඹවීම මගින් හෝ මිත්‍ර බේධයකින් හෝ සිදුකල යුතු බව සිතා ගත්තේය.
එනමුත් බුදුරජාණන්වහන්සේ වජ්ජීන් පිළිපදින සප්තාපරිහනි ධර්ම පිලිබඳ දේශනා කලේ වජ්ජීන් පිලිබඳ අවැඩ සිතකින් හෝ නොවේය. අජාසත් රජු හා හිතෛෂී බවකින්ද නොවේය. තථාගතයාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කලේ ධර්මතාවයයි. එම ධර්මතාවය එක් එක් පුද්ගලයාට එක් එක් අයුරින් භාවිතා කල හැකිය. එයින් බුදුරජාණන්වහන්සේට කිසි බලපෑමක් සිදු නොවේ. එය යහපත් ලෙස භාවිතා කරන්නාට යහපතක් සේම අයහපත් ලෙස භාවිතා කරන්නාට අයහපතක් සිදුවන බව ඒකාන්ත සත්‍ය වේ. එය කිසිවකුට වෙනස් කල නොහැකි වේ.

යම් ලෙසකින් වස්සකාර අමාත්‍යවරයාගේ උපක්‍රමයකින් වජ්ජීන් බිඳෙන්නේ හෝ පරාජය වන්නේ නම් එය බුදුරජාණන්වහන්සේගේ වරදක් නොව වජ්ජීන්ගේම වරදකි. කිමද යත් සප්ත අපරිහානි ධර්මයෙන් බැහැර වූ කල්හිම ඔවුහු පිරිහෙන බැවිනි.

එසේ වරදකාරී නොවී මධ්‍යස්ථභාවය තුල පිහිටා සිටිමින් කටයුතු කිරීමේ හැකියාවක් බුදු පසේබුදු මහරහත් උතුමන් සතුව පවතී. ඒ හැකියාව උපයෝගී කරගනිමින් එදා මහරහතන් වහන්සේලා දුටුගැමුණු මහරජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා විනා මනුෂ්‍ය ඝාතනයට කිසි ලෙසකින්වත් සහය නොදුන් සේක. එබැවින්ම දුටුගැමුණු මහරජ විශිෂ්ඨ ජයක් ලැබීය.

එකී අවවාද අනුශාසනා මැද කටයුතු කල දුටුගැමුණු මහරජුගේ දසරාජ ධර්මයෙන් හෙබි මහරජකු බැවින් දානය, සීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, කෙලෙස් තැවීම, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධ බව යන එකී ගුණාංග මනාව පිහිටියේ විය. එබැවින් ඔහු කියන දේ කරන කරන දේ කියන මහරජකු විය. සිල්වත් ගුණවත් විය. රාජ්‍ය උණුසුමින් හිස උදුම්මවාගත් කුමාරයකු නොවී ගමේ පැලකට වී ගොවිතැනක් බතක් කරගැනීමට තරම් නිහතමානී විය. එසේම ගැමි තරුණියක් විවාහ කරගෙන ඇයට පමණක් පෙම් බදින්නට තරම් අවංක විය. සල්ලාලායකු නොවීය. ජනයා පෙලා තම සුඛ විහරණය සාදා ගත්තකු නොවී ජනයා වෙනුවෙන් සැබෑවට දුක් උහුලන්නකු විය.
රටට ලෝකයාට පෙනීසිටීම වෙනුවෙන් පිරිකරයක් ඔසවාගෙන අලජ්ජියකුට පුදා පිරිත් කඹයක් ගැටගසා ගත්තා නොව අවංකවම හදවතින්ම ධර්මය පිලිපැද්දකු විය. ධර්මයට සත්කාර කල ධර්මයට ගරු කල ධර්මයට මානනය පූජනය කල ධර්මය ධජයක් සේ දරාගත් කේතුවක් සේ ධරාගත් ධාර්මිෂ්ටයකුම වුවා විනා මායා සාඨෙය්‍ය පිරී හිස් මිනිසකු නොවීය. එබැවින්ම ධර්මය ඔහු සමග විය. එතුලින්ම එකී සියලු ජයග්‍රහණ ලැබීය.

වත්මන් ජාතික සටන ඒ හා සසඳා බලන කල දැකිය හැකි ප්‍රධාන අඩුපාඩු කිහිපයකි. අරමුණ ඉන් ප්‍රධාන තැනක් ගනී.

අද ජාතික සටනේ නිරත වන්නන් සටන් කරන්නේ ධාර්මික ජීවනයක් උදෙසා නොවන බව ඉඳුරාම පැහැදිලිය. එකී සටන සිදුවන්නේ ආක්‍රමණිකයාගෙන් රට ජාතිය ආරක්ෂා කර ගැනීමටය.
එයද යහපත් අරමුණකි. එනමුත් ධර්මය සුරක්ෂිත කිරීම යන අරමුණ ප්‍රමුඛස්ථානය ගෙන නොමැති වීම දුටුගැමුණු සටන හා ඇති වෙනස්කමයි. එසේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල යුතු අධීක්ෂණ මඩුල්ල සටනට අවතීර්ණ වීම ඉතාමත් දුර්වල ලක්ෂණයකි.
සටනකදී සටන මෙහෙයවන්නන් රහසිගත විය යුතුය. ඔවුන් සටනට බැසිය යුත්තේ කල හැකි අන් දෙයක් නැත්තේනම් එනම් යටත් නොවී අවසානය දක්වා කරන සටනකදීය. එසේ නොමැති අවස්තාවක සටන මෙහෙයවන්නන් සටනට බැසීම යනු දුර්වල සටන් න්‍යායකි. එය මේ ජාතික සටනේ සිදු වේ.

එසේම සටනෙහි නිරත ගිහි පැවිදි උභය පාර්ශවය ආත්මාරක්ෂාව සකසාගෙන නොතිබීමද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. එය නම් අන් කිසිවක් නොව ධර්මයෙහි ආරක්ෂාවයි

මේ සටන සිදු කරන්නේ අධර්මයට එදිරිවය. අධර්මයට එදිරිව ධර්මය විසින් සිදුකරන සටනකදී අධර්ම බලය දුරු කිරීමට ප්‍රමාණවත් ධර්ම බලයක් තිබිය යුතුය. එනමුත් එය පිරිස් බලය මත රඳාපවතින්නක් නොවේය.

ධර්මය ස්වභාවයෙන්ම අධර්මයට වඩා බලවත්ය. එබැවින් බහුතර අධර්ම පිරිස් බලයක් වුවද සුළුතර ධාර්මික පිරිස් බලයකින් යටපත් කල හැකිය. එහිදී වැදගත් වන්නේ ධාර්මික පාර්ශවයේ ගුණාත්මකභාවය වේ.
යම් ලෙසකින් සිංහල ජනයා ජාතිය වෙනුවෙන් කරන සටනකදී පරිහානියට හේතුවන ධර්මතා අනුගමනය කරයි නම් කෙතරම් සටන් කලද පලක් නොවන්නේය. දුස්සීල භාවය එක් ප්‍රධාන කරුණකි.
දුස්සීල භාවය නිසා සිදුවන්නේ පරිහානියම පමණි. ඒ මෙසේය.

“පඤ්චිමේ ගහපතයෝ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමේ පඤ්ච.
ඉධ ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ පමාදාධිකරණං මහතිං භෝගජානිං නිගච්ඡති. අයං පඨමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකාකිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ යක්ඤදේව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමණ පරිසං, අවිසාරදෝ උපසඞ්කමති මඞ්කුභූතෝ. අයං තතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ සම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. අයං පඤ්චමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.”
(දීඝ නිකාය, මහා වර්ගය, මහා පරිනිර්වාණ සුත්‍රය)

ගෘහපතියනි දුස්සීලයාගේ සීල විපත්තියේ ආදීනව පසෙකි. කවර පසක්ද?
ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා ප්‍රමාදවීම හේතුවෙන් මහත් බෝග හානියට පැමිණෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ පළමු ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීල සිල් බිඳුණු තැනැත්තාට ළාමක අකීර්තියක් (නින්දාවක්) ගොඩනැගෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ දෙවන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා යම් ක්ෂත්‍රිය පිරිසක් හෝ බ්‍රාහ්මණ පිරිසක් හෝ ගෘහපති පිරිසක් හෝ ශ්‍රමණ පිරිසක් හෝ වෙත එළැඹෙයි ද බියෙන් සැකෙන් එළැඹෙන්නේ වෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ තෙවන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා සිහි මුළාවී කලුරිය කරයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ සිව්වන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා කා බුන් මරණින් මතු වහා වැටෙන සුළු වූ දුක් ඇත්තා වූ සුව පහවුනාවූ නිරයෙහි උප්පත්තිය ලබයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ පස්වන ආදීනවය වෙයි.
ගෘහපතියනි මේ දුස්සීලාගේ සීල විපත්තියේ ආදීනව පස වෙයි.

ඉහත ලක්ෂණ වලින් හෙබි යම් සිංහල ජනතාවක් සිටියිද එකී ජනතාව නිසාවෙන්ම ජාතික සටන පිරිහෙන්නේ වෙයි.

සිංහල ජාතිය ප්‍රමාදයට පත්වීම නිසාවෙන් මහත් බෝග හානියක් ලඟා කරගන්නා බව ප්‍රත්‍යක්ෂයකි. කෙසේද යත්,

ලාංකිකයෝ ඉවත ලෑ දඬු කැබලිද පැලකරවීමට සමත් භූමියක ඉපද සිටියද සියල්ලම ගෙනෙන්නේ පිට රටිනි. ස්වල්පයක් මෙරටෙහි වවා බහුතරය රටින් ගෙන්වීමට එක ප්‍රධාන හේතුවක් නම් දුස්සීල භාවයේ ආදීනවයි.

සුරා පානය වැනි අධම ක්‍රියා නිසාවෙන් අපතේ යන ධනයම කෙතරම්ද?
එසේම සොරකම කාම මිත්‍යාචාරය මුසාව යනාදී අකුසල ධර්ම නිසා ධන හානි බවභෝග හානි සේම සෙසු දුසිල්බවෙහි ආදීනවද ලඟාකරගන්නා සිංහලයා තමා විසින්ම ජාතිය වනසමින් සිටින්නේ වෙයි. එසේ කටයුතු කරන ඔහුට විරුද්ධාම අධර්මයට අමුතුවෙන් කල යුත්තක් නැත.

යකඩයෙහිම හටගන්නා මල යකඩය වනසන්නා සේ සිංහලයා තුලම ඇති දුස්සීල භාවය සිංහලයා වනසන්නේ වෙයි.

යම් ලෙසකින් සිංහලයා සිල්වත් නම් ඔහුට පහත ආනිසංස ළඟාකරගත හැකිය.

”පඤ්චිමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීලසම්පදාය. කතමේ පඤ්ච?
ඉධ ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවතෝ සීලසම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ යක්ඤදේව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමණ පරිසං, විසාරදෝ උපසඞ්කමති අමඞ්කුභූතෝ. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අසම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති. අයං පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආනිසංසා සීලවතෝ සීලසම්පදාය.”

ගෘහපතියනි සිල්වතාගේ සීල සම්පත්තියෙහි ආනිසංස පසෙකි. කවර පසක්ද?

ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා අප්‍රමාදවීම හේතුවෙන් මහත් භෝගස්කන්ධයක් ලබයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පළමු ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වත් සීල සම්පන්න තැනැත්තාට කල්‍යාණ කීර්තියක් ගොඩනැගෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ දෙවන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා යම් ක්ෂත්‍රිය පිරිසක් හෝ බ්‍රාහ්මණ පිරිසක් හෝ ගෘහපති පිරිසක් හෝ ශ්‍රමණ පිරිසක් හෝ වෙත එළැඹෙයි ද නොබියෙන් එඩිතරව එළැඹෙන්නේ වෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ තෙවන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා සිහි මුළානොවී සිහි ඇතිව කලුරිය කරයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ සිව්වන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා කා බුන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ දෙවුලොව උපත ලබයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පස්වන ආනිසංසය වෙයි.

ගෘහපතියනි මේ සිල්වතාගේ සීල සම්පත්තියෙහි ආනිසංස පස වෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පළමු ආනිසංසය වෙයි.

මෙකී ආනිසංස තුලින් යහපත් සමාජයක් ගොඩ නැගෙන කල භාහිර සතුරකුව පරාජය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන්නේය.

එබැවින් නොපමාව ධර්මය තුල හැසිරීම සිංහලයාගේ වගකීමක්ව පවතී.

Tuesday, January 10, 2017

ජාතික ගැටලුව විසඳීමට පෙර.

 
ශාසනික ජාතික ගැටලුව විසඳීමට පෙර ගැටලුව හඳුනා ගත යුතුය. එබැවින් වත්මන් ගැටලුව ගැන විමසා බලමු.

වත්මනෙහි පවතින ජාතික ගැටලුව ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ.
1. අභ්‍යන්තර.
2. භාහිර.

1. අභ්‍යන්තර ගැටළු.
මිත්‍යා දෘෂ්ඨිකයින් පර්යාප්තිය විකෘති කිරීම, අලජ්ජීන් ප්‍රතිපත්තිය විකෘති කිරීම.

(ප්‍රතිවේධය පිලිබඳ මිත්‍යා වැපිරවීම පර්යාප්තිය විකෘති කරන අයවලුන් විසින්
සිදුකලද ප්‍රතිවේධය විනාශ කල නොහැක.)

2. භාහිර ගැටළු.
ඉස්ලාම් අන්තවාදය, ද්‍රවිඩ දේශපාලනය හා නාමික සිංහල දේශපාලනය විසින් ශාසනයට බලපෑම් එල්ල කිරීම.

ගැටලුව මේ ප්‍රධාන කොටස් දෙකට බෙදා ඒ  ඒ කොටස් යටතේ වර්ගීකරණය කරගත් විට ගැටලුව විසඳිය යුතු ආකාරය මැනවින් පෙනෙයි. එබැවින් ඒ ඒ කොටස් යටතේ තව දුරටත් බෙදා බලමු.

1. අභ්‍යන්තර ගැටළු.

I. පර්යාප්ති විකෘතිය.

මේ ක්‍රියාව සිදු කරන ප්‍රධාන පාර්ශව කිහිපයකි. මහමෙව්නාව, සං දේශනා පිරිස ඒ අතරින් ප්‍රධාන වෙයි. එසේම නව නිවන්  දක්නා  ක්‍රම හඳුන්වාදෙන පර්ෂාවද මෙය සිදුකරන්නේ වෙයි.

එහිදී මහමෙව්නාව පාලිය අතහැර සිංහල පමණක් භාවිතා කිරීම හේතුවෙන් පාලි අවශ්‍ය නැත යන මතය සමාජගත වීම සිදුවේ. එවිට පාලිය අතහැරී සිංහල පමණක් භාවිතා කිරීම සිදුවේ.

එවිට සිංහල යනු වෙනස් වන භාෂාවක් බැවින් ඒ වෙනස්වන භාෂාවෙන් බුද්ධ දේශනාව භාවිතා කලහොත් යුගයෙන් යුගයට වදන් වල තේරුම වෙනස් වන විට බුද්ධ දේශනාවේ අර්ථ විනාශ වේ.  මහමෙව්නාවෙන් සිදුකරන සියුම් විනාශය එය වේ. එසේම පින්වත් ලොකු හමුදුරුවෝ යනු පල්ලියේ අයෙකු බැවින් ශාසනය රැකගැනීමේ පිරිසිදු චේතනාවක් ඔහු තුල පැවතිය නොහැක.

එසේම සං දේශනා පිරිස පාලියේ අටුවා අර්ථ අතහැර අලුත් අර්ථ දැක්වීම තුලින්  අටුවා මගහැරී බුද්ධ දේශනාවේ අර්ථ වටහාගැනීමේ මාර්ගය විනාශ වී යයි.


II. ප්‍රතිපත්තිය විනාශ කිරීම.

පර්යාප්තිය පමණක් තිබූ පමණින්  ශාසනය සුරක්ෂිත වෙන්නේ නැත. ප්‍රතිපත්තිය එනම් ප්‍රයෝගිකව පිළිපැදීම අනිවාර්යයෙන් තිබිය යුතුමය. එය නැති කල්හි ශාසනය නැත්තේ වෙයි. එබැවින් පර්යාප්තිය සේම ප්‍රතිපත්තියත් අනිවාර්යයෙන් රැකිය යුතු වේ.

එයට තියෙන ප්‍රධාන ගැටළු වන්නේ භික්ෂුන් වහන්සේලා ශික්ෂාකාමී නොවීමයි.

කෙසේ නමුත් මේ ගැටලුව ගිහියන්ට සෘජුව විසඳිය නොහැකි වේ. එනමුත් වක්‍රාකාරව භික්ෂුන් වහන්සේ සිල්වත් විය යුතුයි යන සමාජ මතය ගොඩනගා ගත හැකි නම් මෙය යම් තරමකට විසඳාගත හැකිය. ඒ බලපෑම පැවිදි සමාජයට ලැබෙන්නේ නම් එයට නැඹුරුව වැඩිවේ. එහිදී අධාර්මික ක්‍රියා සඳහා ගිහියන්ගේ සහයෝගය නොලැබේ නම් මෙය පාලනය කරගැනීම පහසු වේ.

එනමුත් මළගෙදරට බණ ගෙදරට හාමුදුරුවෝ වැඩමවා ගත යුතුයැයි කියා කුමන වරදක් කලේද නොදුටුවා සේ සිටින මිනිසුන් නිසා වරදට අනුබලය වැඩිවීම සිදුවේ. කෙසේ නමුත් වැරදි කරන භික්‍ෂුව ප්‍රතික්‍ෂේප කිරීමේ අයිතියක් ගිහියාට තිබෙන බව දත යුතුය. එනමුත් එසේ සිදුකිරීම නිසා කිසිදු අකුසලයක් සිදුවන්නේ නැත. කෙසේ වුයේද වැරදි කරන්නේ යැයි කියමින් සිවුර ගලවා පහර දීමට දඟලන අයවලුන්ට නම් අපායේ දොර ඇරී ඇති බව සිහි තබා ගැනීම වටී.

එසේම භික්ෂුන් වහන්සේලා ද විශේෂයෙන් තම සීලය ගැන සැලකිලිමත් විය යුතුය. මහණ වුයේ නම් අකමැත්තෙන් නමුත් සීලය රැකිය යුතු වෙයි. කැමති අය පිලිබඳ කිව යුත්තක් නැත. කෙසේ නමුත් සිල් රැකීමට නොහැකි නම් අකුසල් රැස් කරගැනීම පසෙක තබා ගිහි වීම වටියි. නොමැතිනම් සිදුවන දේ අග්ගික්ඛන්ධෝපම සුත්‍රයෙන් දැනගත හැකිවේ.

එසේම ගිහි උදවියද සිල්වත් විය යුතුය. කුමක් හෙයින්ද යත් සිව්වනක් පිරිසෙන් දෙපිරිසක්ම ගිහි අයවලුන් වන බැවිනි. 

මෙසේ මෙම ප්‍රතිපත්ති ගැටලුව අපහසුවෙන් නමුත් සීලය සමාධිය ආරක්ෂා කිරීම, දියුණු කිරීම තුලින්ම රැකගත යුතු වෙයි.


2. භාහිර ගැටළු.

I. ඉස්ලාම් අන්තවාදය.

ඉස්ලාම අන්තවාදය ගැන අමුතුවෙන් කිව යුතු නැත. අල්ලා නම් සර්වබලධාරියකු විසින් කියන ලදැයි සඳහන් වන කුරාණය නමැති අන්තවාදී ආගම විසින් ලෝකයේ ඉස්ලාමය පමණක් තිබිය යුතුය යන මතය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයකි ඉස්ලාමය. එහි අල්ලා විසින් නියම කර ඇති පරිදි අන් ආගම් වනසා ඉස්ලාම ආගම පමණක් ලෝකයෙහි ඉතිරි කල යුතුය. ඉස්ලාමය වැළඳ නොගන්නා සියල්ලන්වම ඝාතනය කල යුතුය.

මෙකී බලපෑම අද ලංකාව තුල දැඩිව ක්‍රියාත්මක වන්නකි. එනමුත් දේශපාලන ආර්ථික බලය මගින් එය පෝෂණය කිරීම නිසා සිංහල බෞද්ධ ජනයා අසරණව සිටීම අර්බුධයයි.
එකී ඉස්ලාමය මර්ධනය කිරීම හුදෙක් එන පනත් වලින් පමණක් කල හැක්කක් නොවේය. එය ඊට වඩා පුළුල් ක්‍රියාමාර්ගයක් විය යුතුය.

එහිදී මූලික කාර්යය විය යුත්තේ ඉස්ලාමයේ පදනම විනාශ කිරීමයි. එනම් කුරාණය පිලිබඳ මුල්බැසගත් අන්ධ භක්තිය විනාශ කල යුතුය. එය කල හැකිය.

බුද්ධ දේශනාවේ දැක්වෙන දෙසැටක් මිත්‍යා දෘෂ්ඨිවලින් එකක් ඉස්ලාමය තුල වේ. එය මතවාදීව බිඳ හෙළීම පළමුව කල යුතුය. අනතුරුව නීති මගින් ඔවුන්ගේ ක්‍රියාවන් නවතා දැමිය යුතුය.

එහිදී පළමුවම මතවාදය බිඳ දමන්නේ එය වටා සියල්ල ගොනුව ඇති බැවිනි. 

“මුල හොඳට ඇති කල කැපූ ගස යලි ලියලන සේ” ඉස්ලාමයේ ද මුල වූ අල්ලා දෙසන ලද කුරාණය නමැති මිත්‍යාව ශක්තිමත්ව තිබෙන තාක් ඉස්ලාම අන්තවාදයට බැට දිය නොහැක. ඉස්ලාමයේ මුල සිඳ පසුව අන්තවාදයට පැහැර දීම වඩාත් නිවැරදි මෙන්ම සාර්ථකම ක්‍රියාව වේ.


II. ද්‍රවිඩ දේශපාලනය.

උතුරට වෙනම රටක් ඉල්ලා කරනු ලබන බල පොරය ලක්දිව පවතින තවද ගැටලුවකි. එනමුත් එය ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවක් නොව, බලලෝභී දේශපාලකයන්ගේ හා ඉන්දියානු බලපෑම් මත සිදුවන්නකි. එය දේශපාලනිකව පහසුවෙන් විසඳිය හැක්කකි. කල යුත්තේ අන්තවාදී දේශපාලකයන් ඉවත් කර ද්‍රවිඩ ජනතාව නිසි කළමනාකරණයකට ලක් කිරීමයි.


III. සිංහල දේශපාලනය මගින් බලපෑම් කිරීම.

ඉංග්‍රීසින්ගෙන් රට නිදහස් වූ දා පටන් අද දක්වා බලයට එන සිංහල දේශපාලකයින් කටයුතු කරන්නේ තම පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් වේ. ඒ ඔවුන් බල ලෝභය නිසාවෙන් සුළු ජාතික චන්ද දෙස බලමින් රට ජාතිය පාවා දෙමින් කටයුතු කිරීම නිසා බෞද්ධ ජනයා පීඩාවට ලක්වේ. එහිදී කල යුත්තේ සිංහලයා පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව බුදු දහම අනුව යන බෞද්ධ නායකයකු තෝරා ගැනීමයි. එය ද එකවර කල නොහැකිය. පියවරෙන් පියවර ඒ සනහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙසේ භාහිර ගැටලුවලටද විසඳුම් ලබා දීම තුලින් ගැටළුවේ වැඩි වාසිය බෞද්ධයා අතට ගත හැකිය. ඉන් අනතුරුව ධාර්මික දේශපාලන බලයක් මගින් ශාසන ශෝධනයක් සිදු කොට අන්තවාදය දුරු කොට චිර කාලයක් ශාසනය සුරක්ෂිත කල හැකිය. ඒ හැමටම මුල් වන්නේ ධර්මය මේ. එබැවින් සියල්ලෝම නොපමාව ධර්මය තුල හැසිරිය යුතුය.