සිංහල රට සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය අනතුරේය. සතර දෙසින් අනතුරේය. නැත කියන්නෝ හිස් පුඟුලෝය. උප්පත්ති දොෂකයෝය. අන්ධ භූත පෘතජ්ජනයෝය. ඇත්ත ඇති සැටියෙන් නොපෙනෙන බැවිනි.
අනතුරෙහි බව දැකීම නොදැකීමට වඩා උතුම්ය. එසේම අනතුරු
දුරු කිරීමට කටයුතු කිරීම දැක නිහඬ වීමට වඩා උතුම්ය.
අනතුර දුරු කරනු වස් කරන්නන් වාලේ කරනවාට වඩා සිතා මතා
සොයා බලා අර්ථය සපිරෙන සේ නිවැරදි ප්‍රතිපල ලැබෙන සේ කටයුතු කිරීම ඒ සැමටම වඩා
උතුම්ය.
ඉදින් අප කෙසේ රට ජාතිය ආගම රකිමුද?
රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කරන්නේ නම් පළමුව තම
ජීවිතය කැපකළ යුතුය. ජීවිතය රැකගැනීම සහ රට ජාතිය ආගම රැකීම යනු දෙකකි. එබැවින්
දිවි තොර වුවද ඒ ගැන නොසිතා කටයුතු කල හැකි විය යුතුය. එනමුත් විහිං නැහීම යනු
ගොන් කමක් පමණකි. ජීවිතය පිදුවේද එය පිදිය යුත්තේ බොහෝ අර්ථ සිදුවන අයුරිනි.
එහිදී පළමු වැන්න සහ ප්‍රධානම කරුණ නම් රට ජාතිය ශාසනය
රකින ගමනේ ගමන් මගයි. මග නිවැරදි නම් අවසානය නිවැරදිය. අවසානය නිවැරදි වීමට නම් මග
නිවැරදි විය යුතුමය.
ඉදින් රට ජාතිය ආගම වෙනුවෙන් කැපකරන ජීවිතයක් අවසාන
යහපත් ප්‍රතිපලය ලබාදෙන අයුරින් ගමන් කල යුතු මාර්ගය කවරක්ද?
මෙසේ සිතමු.
රට ජාතිය ආගම වෙනුවෙන් කැපවන කල මින් එකක් මූලික කරගත
යුතුය. මෙකී ත්‍රිත්වයටම සම තැන ලැබෙන්නේ නැත. එකක් මූලික විය යුතුමය. ඒ කවරක්ද?
ඉදින් රට මූලික වන්නේ නම් එහි අර්ථ අනර්ථ කවරේද?
මේ රට නම් සිංහලයි. රැකිය යුත්තේ සිංහල රටයි. සිංහල රට
රැකීම නම් සිංහලයාගේ මාතෘ භූමිය රැකීමයි. එය සිංහල ජාතිය වෙනුවෙන් සිදු කල යුතුමය.
සිංහලයාට මේ රට හැර අන් රටක් නැති බැවිනි.
එනමුත් සිංහල රට මූලික කරගත හොත් ජාතිය පමණක් රැකේ.
ශාසනය අර්බුධයකට පත් වේ. ඒ අන් ජාතීන්ද මෙහි සිටින බැවින් හා අන් ආගමිකයින්ද සිටින
බැවිනි. රට මූලික වුවහොත් ඔවුන් ද තම අයිතිය ඉල්ලා සිටීම නතර කල නොහැක්කකි. රට රැක
අවසානයේ සියලු ජාතීන්ට සියලු ආගමිකයින්ට සමානත්වය දීමට සිදුවේ. එහි අතුරු පල
සිංහලයාටම මිසෙක අනෙකෙකුට නොවේ. එබැවින් රට මූලික වීම එතරම් සාර්ථක නැත.
යම් සේ ජාතිය මූලික වූයේ නම් කිම?
ජාතිය මූලික වූයේ නම් සිංහල ජාතිය වෙනුවෙන් පමණක් සිදු
කරන සටනක් වන්නේය. එහිදී සිංහලයා යනු ලෝකය තුල ඉතා අඩු ප්‍රමාණයකින් යුතු හා
වඳවීගෙන යන ජාතියක් වන බැවින් හා අප ජාතිය හට එරෙහි බොහෝ ප්‍රභල ජාතීන් සිටින
බැවින් සටන ඉදිරියට කරගෙන යාම බරපතල අර්බුධ ඇති කරන්නකි.
ජාතියක් වශයෙන් අප අනුන් මත යැපෙන බැවින් අන් ජාතින් සමග
සෘජුව නැගී සිටීමේ හැකියාවක් නැත. උදාහරණයකට ඉස්ලාමිකයින් සිංහල ජාතිය වනසන කල ඊට
සෘජුව නැගී සිටීමට නොහැකි වී ඇත්තේ ජාතියක් ලෙස අප යැපෙන්නේ මැදපෙරදිග ගෘහ සේවය
මතින් බැවිනි. එසේම ආර්ථික බලය අතින් පවා සිංහලයා ඉස්ලාමිකයින්ට වඩා දුබල බැවින්
ඔවුන්ට එරෙහිව සෘජුව ක්‍රියා කල නොහැකි වී තිබේ.
යම් ලෙසකින් අප ලොව ප්‍රභල ජාතියක් චීනය, රුසියාව වැනි
රටක සිටින ස්වදේශිකයින් නම් බිය සැක නැතිව කටයුතු කල හැකිය. එසේ නොවන බැවින් යම්
සේ ජාතිය මූලික කොට සටනට අවතීර්ණ වන්නේ නම් එය අප සියදිවි නසා ගැනීමක් පමණකි.
එබැවින් එය ද අරුත් සම්පන්න නොවේ.
සම්බුද්ධ ශාසනය මූලික කරගන්නේ නම් කුමක් සිදු වේද?
සම්බුද්ධ ශාසනය යනු ලොව සියලු සත්වයන්ට සැනසීම උදා කරන
ආගමයි. එය මූලික කරගත්තේ නම් කිසිම ආකාරයක අවැඩක් සිදුවිය නොහැක. විමසා බලමු.
සම්බුද්ධ ශාසනය මූලික කරගෙන ශාසනය රැක ගැනීම වෙනුවෙන්
කටයුතු කරන්නේ නම් එය හුදෙක් සිංහල රට සිංහල ජාතිය තුල පමණක් සිදු වන්නක්
නොවන්නේය. සම්බුදු සරණ ගියෝ සිංහලයෝ පමණක් නොවන බැවිනි. එසේම සම්බුදු සසුන ඇත්තේ
සිංහල රට තුල පමණක් ද නොවන බැවිනි.
සම්බුද්ධ ශාසනය සුරැකීම යන කරුණ දෙස බලන කල පෙනෙන වැදගත්
ම කරුණ නම් යම් සේ සම්බුදු සසුන රකියි ද ඒ උදෙසා සිංහල රට රැකියා යුතුම වේ යන්නයි.
කෙසේද යත්;
සොලොස්මස්ථාන ප්‍රධාන බොහෝ වෙහෙර විහාර ලක්දිව තුල පවතී.
ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී සෑ රදුන් වැඩ සිටින්නේ
සිංහල භූමිය තුලයි. විජය ශ්‍රී ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩ සිටින
බිම මේ සිංහල පින් බිමයි. දළදා වහන්සේ වැඩ සිටින බිම මේ සිංහල පින් බිමයි.
ථූපාරාමය, සෝමාවතිය, මහියංගනය, මුතියංගනය, තිස්සමහාරාම..... ආදී සිද්ධස්ථාන වැඩ
සිටින බිම සිංහල බිමයි.
එබැවින් සම්බුදු සසුන රකින්නේ නම් සිංහල බිම රැකිය යුතුම
වේ. ඒ නිසාවෙන් සම්බුදු සසුන මූලික කරගෙන කටයුතු කරයි නම් සිංහල රට සවභාවයෙන්ම
රැකෙන්නේ වේ.
එපමණක් නොව සිංහල රට රකින්නේ නම් සිංහල ජාතිය රැකිය
යුතුම වේ. කිමද යත් සිංහල රට කඩා නොබිඳ පන සේ රකින එකම ජාතිය නම් සිංහල ජාතියයි.
එබැවින් සිංහල රට රකින්නේ නම් සිංහල ජාතිය ස්වභාවයෙන්ම රැකෙන්නේ වේ.
එසේ ගත්කල සම්බුදු සසුන මූලික කරගන්නේ නම් සිංහල රට
සිංහල ජාතිය රැකගත යුතුම වන බැවින් සිංහල රට, සිංහල ජාතිය සුරකින ගමනේදී සම්බුදු
සසුන මුල් කරගැනීම ඉතා අර්ථදායි වේ.
එපමණක් ද නොව සම්බුදු සසුන රකින්නේ නම් එතුලින් බොහෝ
සත්වයින් සැනසීමක් ලබන්නේද වේ. ශාසනය චිරස්ථායි කර මිත්‍යා දුරලා අන් ජාතීන්ටද
බුදු දහම තුලින් සැනසීම ළඟාකර දිය හැකිය. කිසිවකුට ජාතිවාදය ගැන කතා කිරීමට හෝ ඉඩක්
නැත. ආගම් වාදය ගැන කතා කිරීමට තතනන අයවලුන්ට ධර්මයෙන්ම කරුණු දක්වා දමනය කල
හැකිය. ඒ මතු නොව ශාසන චිරස්ථිතිය තුලින් සිදුවන අප්‍රමාණ පුණ්‍ය මහිමය තුලින්
සැනසීම අන් කවරක් තුලින් ලැබිය හැකිද?
එබැවින් සුජාත පුතුනි ඔබ දිවි පුදා කරනු ලබන සේවයට අර්ථය
එක් කරනු මැන. අනර්ථය වෙනුවෙන් නොවෙහෙසී අර්ථය වෙනුවෙන් වෙහෙසෙන්න. සම්බුදු සසුන
වෙනුවෙන් කටයුතු කර බුදු දහම රට ජාතිය යන සියල්ල එක සේ රැකගන්න.
එය ඔබ පමණක් කරන කටයුත්තක් නොව ඔබට පෙරාතුව සිටි රජ
දරුවන්ද අනුගමනය කල මාර්ගයයි.
“මාගේ මේ ව්‍යායාමය කිසිසේත් රජ සැප පිණිස නොව. සම්බුද්ධ
ශාසනයේ චිරස්ථිතිය පිණිසමය”
ඔවුන් අනුගමනය කල මාර්ගය ඔබද අනුගමනය කරන්න.
සම්බුදු සසුන මූලික කරගනිමින් ඒ අනුව රට ජාතිය සුරකින්න.
අර්ථය සිදු කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!
No comments:
Post a Comment