Thursday, March 4, 2021

බුද්ධගයාව කෝවිලක් ද?

ජම්බුවාදීන් නිතරම කියන දෙයක් තමයි බුද්ධගයාව කෝවිලක් මිස බෞද්ධ විහාරයක් නොවේ කියන කාරණය. ඒ වගේම අතීතයෙ එහි බෝධීන් වහන්සේ වැඩ සිටියේ නැහැ, අද දකින්න තියෙන බෝධින් වහන්සේ ඒ කෝවිල බෞද්ධ සිද්ධස්ථානයක් බවට පෙන්වීමට සුද්දො පස්සෙ කාලෙකදි හිටවපු බෝධියක් කියන කාරණය.





ඒව දැකල අනගාරික ධර්මපාලතුමා කෝවිලකට බුද්ධගයාව කියල රැවටුනා කියන එකයි ඒ අයගේ මතය. නමුත් කනින්හෑම් මහතාගේ මූලිකත්වයෙන් බුද්ධගයාව ප්රතිසංස්කරණ කිරීමට පෙර ලබාගත් චායාරූප අතර මහාබෝධීන් වහන්සේ දැකගන්න පුළුවන්. ඒ වගේම ඒ බෝධීන් වහන්සේ කඩා වැටී තිබෙන බවත් දැකගන්න පුළුවන්.


ජම්බුදීප මතවාදීන් පවසන ආකාරයට බුද්ධගයාවෙහි සුද්දො එන්න කලින් බෝධීන් වහන්සේ නමක් තිබුනෙ නැතිනම් මේ පින්තූරවල තිබෙන බෝධීන් වහන්සේ එතනට වැඩියේ කොහොමද? බුද්ධගයා විහාරය හා බෝධීන් වහන්සේ ගැන විස්තරයක් හියුන්සාන් කියන චීන භික්ෂුන් වහන්සේගේ වාර්තා වලත් තිබෙනවා. ඒ වගේම ඒ මිත්‍යාදෘෂ්ටික පිරිසම පවසන කියන තවත් විකාර කතාවක් තමයි බුද්ධගයා විහාරයේ අද දකින්න තිබෙන පිළිම වහන්සේට සිව්රක් පෙරවල තිබෙන්නේ එය නිරැවත් ජෛනමහාවීරගේ පිලිමයක් නිසාය කියන කාරණය.

ඒ බුපිළිම වහන්සේගේම අතීතයේ ගත් චායාරූපයක් ද මෙහි දැක්වෙනවා. එහිදි සිව්රක් පොරවා නොමැතිව තිබෙන ඒ පිළිම වහන්සේ ශාන්ත වූ බුද්ධ ප්‍රතිමාවක් මිසක නිඝන්ට පිළිමයක් නොවන බව ඇස් ඇති ඕනෑම අයකුට පැහැදිලිව වටහාගත හැකි කාරණාවක්.




මේ විදිහට නිසි ගවේෂණයකින් තොරව ඉතිහාසය වැරදියි කියල මත ප්‍රකාශ කිරීම තුලින් ප්‍රකට වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ අඥාන කම පමණයි. ඉන්දියාවේ රජයේ ප්‍රකාශය “The Mahabodhi Temple (literally: "Great Awakening Temple"), a UNESCO World Heritage Site, is an ancient, Buddhist temple in Bodh Gaya, marking the location where the Buddha is said to have attained enlightenment. The temple stands in the east to the Mahabodhi Tree. Its architectural effect is superb. Its basement is 48 square feet and it rises in the form of a cylindrical pyramid till it reaches” (පැරණි ඡායාරූප අයිතිය සහ ගෞරවය මුහුණු පොතේ ලිපි පල කල සත්පුරුෂයනට හිමි විය යුතුය) සිරි බුද්ධ ගයා විහාරේ ගීතය.. ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ පද රචනය - සී. වීරසේකර යන්ගේ යැයි විශ්වාස කෙරේ. තනුව - කමල් දාස්ගුප්ත නව ඡායාරූප, වීඩියෝ අයිතිය සහ ගෞරවය
https://tourism.bihar.gov.in අඩවියට.

බුද්ධගයාව පිලිබඳ වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment