Friday, June 17, 2016

ඉස්ලාමය මැඩලීම.




ඉස්ලාමය යනු ත්‍රස්තවාදයකි. දහමක් නොවේමය. එනමුත් එය ඇදහීමේ අයිතිය ඔවුන් සතුය. එසේම අපගේ දර්ශනය පිළිපැදීමේ පරම අයිතිය ද අප සතුය. අපි ඔවුනට බලපෑම් නොකරන්නෝ වෙමු. එසේම  අපට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමේ අයිතියක් ද ඔවුන් සතු නැත. එනමුත් ඉස්ලාමය විසින් බුද්ධ ශාසනය මඩිමින් විවිධ කටයුතු කරන පෙනේ. එයට සාධාරණ ඉඩක් ඔවුන් සතු නැත.
ඔවුන් පවසන්නේ අල්ලාහ් එකම දෙවියාය. අන් දෙවියකු නැත. ලොව පැවතිය යුත්තේ අල්ලාහ් ගේ දහම හෙවත් ඉස්ලාමය පමණය. එබැවින් ඉස්ලාම් නොවන සියල්ලන්වම ඝාතනය කිරීමට අල්ලාහ් පවසා ඇත්තේය. එබැවින් අන්‍යාගමිකයින් ඝාතනය කිරීමට ඔවුනට අයිතියක් ඇතිබවය. එය අල්ලාහ් ගේ වචනයක් බැවින් එක කල යුත්තක් බව ඔවුන්ගේ දැක්මය.
වේවා...!!!
එයට පිළිතුරක් දීමට පෙරාතුව අල්ලාහ් යනු එකම දෙවියා ද? අල්ලාහ් සියල්ල දත්තේ ද? ඉස්ලාමය නිවැරදිද? යන සරල පැනයන්ට පිළිතුරක් සොයා ගත යුතුය. ඉදින් අල්ලාහු එසේ නම් අපද ඉස්ලාමය පිළිගනිමු. නොඑසේ නම් ඔබලා ඉස්ලාමය අත්හල යුතුය.
එබැවින් එහිලා පළමුව මෙසේ විමසා සිටින්නෙමු.
1.      ඉස්ලාමයේ දක්වන්නේ එකම නිෂ්ඨාවක් ද? නැතහොත් බොහෝ නිෂ්ඨාවන් තිබේද?
ඉදින් එක් නිෂ්ඨාවක් තිබේනම් යහපති. බොහෝ නිෂ්ඨා තිබේ නම් ඉස්ලාමය යනු ලත් තැනම ලොප් ආගමෙකි. කිමද යත් නිෂ්ඨා කිහිපයක් නම් එකක් අනෙකට විරුද්ධය. විරුද්ධ නොවන්නේ නම් නිෂ්ඨා කිහිපයක් අවැසි නැත.
එක් නිෂ්ඨාවක් පමණක් තිබේ නම්,
2.      ඒ නිෂ්ඨාව රාග සහිතයාටද? රාග රහිතයාටද?
රාග සහිතයාට නම් එකී නිෂ්ඨාවෙන් පලක් නොමැත. කිමද යත් රාගය හේතුවෙන් ස්වකීය අනර්ථයද අන්යානර්ථයද ස්වකීය අන්‍ය උභය අනර්ථයද සිදු කරයි. එකිනෙකා කා කොටා ගැනීම්, ඝාතනය කිරීම්, සොරකම් කිරීම් ආදී අනර්ථකාරී ක්‍රියා සිදුකරන්නේ වෙයි. එබැවින් ඉස්ලාමයේ නිෂ්ඨාව රාග සහිතයා ට නම් එකී නිෂ්ඨාව නිසාවෙන් සැනසීමක් නොමැත. ඇත්තේ අනර්ථයක් පමණි. එබැවින් රාග සහිත නිෂ්ඨාවක් තිබේ නම් ඉස්ලාමය පලක් නොමැත.
ඉදින් නිෂ්ඨාව රාග රහිතයාට නම්,
3.      ඒ නිෂ්ඨාව ද්වේශ සහිතයාටද? ද්වේශ රහිතයාටද?
ඉදින් ද්වේශ සහිතයාට නම් ඊ නිශ්තාවෙන් පල නොමැත. ද්වේශය නිසාවෙන් ප්‍රාණඝාත, අදත්තාදාන,මුසාව, කේලම යනාදී අකුසල් සිදුවන බැවිනි. එබැවින් ඉස්ලාමයේ නිෂ්ඨාව ද්වේශ සහිතයාට නම් එකී නිෂ්ඨාවෙන් පලක් නොමැත. එබැවින් එසේ නම් ඉස්ලාමයෙන් ද පලක් නැත.
නිෂ්ඨාව ද්වේශ රහිතයා ට නම්,
4.      එකී නිෂ්ඨාව මෝහ සහිතයාටද මෝහ රහිතයාටද?
මෝහ සහිතයා ට නම් ඉන් පලක් නොමැත. මෝහය නිසා සියලුම අකුසල් හි හැසිරෙන බැවිනි.
නිෂ්ඨාව මෝහ රහිතයාට නම්,
5.      ඉස්ලාමයේ නිෂ්ඨාව තණ්හා සහිතයාටද? තණ්හා රහිතයාටද?
ඉදින් තණ්හා සහිතයාට නම් ඉස්ලාමයේ නිෂ්ඨාවෙන් පලක් නොමැත. තන්හාව නිසාවෙන් සැපය සොයමින් අධාර්මික ක්‍රියා කොට පීඩාවට පත්වන බැවිනි. 
ඉදින් තෘෂ්ණා රහිතයාට නම්,
6.      උපාදාන සහිතයාටද? උපාදාන රහිතයාටද?
උපාදාන සහිතයාට නම් එකී නිෂ්ඨාව නිෂ්ඵලය. උපාදාන නිසාවෙන් සත්වයා නැවත නැවත සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට මුහුණ දෙයි. එබැවින් යම් නිෂ්ඨාවක් උපාදාන සහිතයාට නම් එකී නිෂ්ඨාව පලක් නොමැත.
උපාදාන රහිතයාට නම්,
7.      එකී නිෂ්ඨාව නුවණින් නොවිමසන්නහුට ද? නුවණින් විමසන්නහුටද? 
නුවණින් නොවිමසන්නහුට නම් එකී නිෂ්ඨාව මුග්ධයන්ටය. එයින් කවර ඵලක් ද? නුවණින් විමසා බැලීමකින් තොරව පිළිගන්නා හෝ පිළිගත යුතු යමක් වේද එය ගරිහා කල යුත්තකි.
එකී නිෂ්ඨාව නුවණින් විමසන්නහුට නම්, 
8.      අනුරුද්ධපටිවිරුද්ධයාටද? අනනුරුද්ධඅප්පටිවිරුද්ධයාටද? (රාග වශයෙන් ඇලෙන ද්වේශ වශයෙන් ගැටෙන තැනැත්තාටද? එසේ නොවන්නාටද?)
අනුරුද්ධපටිවිරුද්ධයාට නම් එකී නිෂ්ඨාව පරම නිෂ්ඨාවක් නොවන්නේය. නිෂ්ඨාවක් නම් ඇලීම් ගැටීම් තිබිය හැක්කක් නොවේමය. එබැවින් ඇලෙන ගැටෙන නිෂ්ඨාවක් නම් එය අභූතයකි.
අනනුරුද්ධඅප්පටිවිරුද්ධයාට නම්,
9.      ප්‍රපඤ්චයෙහි ඇලීම් ඇත්තහුටද? ප්‍රපඤ්චයෙහි ඇලීම් නැත්තහුටද?
තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච රුචි එහි ඇලුන තැනැත්තා සැනසීමක් නොවිදියි. ඔහු මොහොතක් පාසා තෘෂ්ණාදී විතර්ක ගොඩනගා ගනිමින් මානසික ව්‍යාකූලව වෙසෙන්නෙකි. එබැවින් ප්‍රපඤ්චයෙහි ඇලීම් ඇත්තහුට වන්නා වූ නිෂ්ඨාවකින් පලයක් නොමැත.

යම් සේ ඉස්ලාමිකයින් ඉස්ලාමය යනු පරම සත්‍ය යැයි කියන්නේ නම් මෙකී පැනයන්ට පිළිතුරු දීම හරහා එහි නිරවද්‍යතාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකිය. එසේම යමෙකු ඉස්ලාමය පැතිරවීමට කටයුතු කරයි නම් එයට පෙරාතුව මෙකී පැනයන්ට පිළිතුරු දී සිටින මෙන් දන්වා සිටිමු.
ඉස්ලාමය නිවැරදි නම් පිළිතුරු දෙන්න. නොහැකි නම් ඉස්ලාමය අතහරින්න.

No comments:

Post a Comment