සම්බුද්ධ
ශාසන චිරස්ථිතිය පිණිස වැදගත් සාධකයක් වන්නේ පවතින්නාවූ රජයේ ස්වභාවයයි. එය බුදු
දහමට පමණක් නොව සෙසු දර්ශනවලටද අදාළ වූ
කාරණාවකි. එනම් ඕනෑම දර්ශනයක පැවැත්ම උදෙසා පාලකයින්ගේ සහය අත්‍යාවශ්‍ය සාධකයක්
වන්නේමය.
බුද්ධ කාලයේ
පටන් බැලූ කල බිම්බිසාර රජු, කොසොල් රජු, අජාසත් රජු යනාදී රජවරුන් බුදු සරණ ගොස්
සිටි නිසාම සම්බුදු සසුන මිසදුටුවන්ගෙන් රක්ෂා විය. එසේම ධර්මාශෝක මහරජුගේ කාලයෙහි
ඇතිවුනාවූ අර්බුධ විසඳීමට එතුමාගේ සරණාගමනය යහපත් විය.එබැවින්ම හෙළ දිවයිනටද බුදු
දහම දායාද විය. ඉන් අනතුරුව දුටුගැමුණු රජ දවස හා පරාක්‍රමබාහු රජ දවස ශාසන
චිරස්ථිතියට රාජ්‍ය පාලකයා සෘජුවම හේතු විය.එසේම රාජ්‍ය පාලකයාගේ අධර්මිෂ්ඨ භාවය
හේතුවෙන්ම ශාසනය පිරිහුණු අවස්ථාද පැහැදිලිවම දක්නට ලැබේ.එබැවින් බුද්ධ ශාසනය හා
රාජ්‍ය පාලකයා යන කාරණාවන් එකිනෙක හා බද්ධව පවතී.
වර්ථමානය
ගත්කල ශාසනය තුල හා භාහිරව විවිධ වූ අර්බුධ පවතී. ඒ අර්බුධ විසඳා ශාසනය චිරස්ථායි
කිරීමේදී රාජ්‍ය පාලනය ධාර්මික කල යුතුම වේ. ඒ ධර්මානුකූල සඟ පරපුරකට සහය ලැබෙන්නේ
ධර්මානුකූල රාජ්‍ය පාලනයක් තුලින් පමණක් වීමයි. එබැවින් එය කල යුත්තේ කෙසේදැයි
සලකා බැලීම වටී.
ධාර්මික
රාජ්‍යයක් යනු දසරාජධර්මයෙන් යුක්තව දස සක්විති වතින් පාලනය ගෙනයන්නා වූ පාලන
තන්ත්‍රයකි.එහිදී පරිහානිය වලකන සප්ත අපරිහානි ධර්ම නියතවම සුරැකේ. එබැවින් එබඳු
පාලනයක් ඇති විය යුතුය. ඒ හරහා ශාසනය සුරැකිය යුතුය.
දස රාජ
ධර්මය නම් දාන, සීල, පරිත්‍යාග, සෘජු බව,
මෘදු බව, කෙලෙස් තැවීම, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධී බව යන මේ
දසයයි. එනම් රටක ප්‍රධානියා දන් දෙන ස්වභාවයෙන් යුතුවිය යුතුය. සිල්වත් ගුණවත්
උතුමන් උදෙසා ද දුගී මගී යාචකාදීන් උදෙසාද දන් දෙන මසුරු මල දුරුකළ අයකු රට පාලනය
කරන කල රට වැසියා සුවසේ වාසය කරයි.එසේම ප්‍රධානියා සිල්වත් විය යුතුය. දුස්සීලයකු
රජවුයේ නම් පලක් නැත. එවිට ජනයා පීඩාවට පත්වේ. ප්‍රාණඝාතය නොකරන, සොරකම් නොකරන,
කාමයෙහි වරදවා නොහැසිරෙන, මුසා නොකියන, සුරා පානය නොකරන අයකුම රටේ ප්‍රධානියා විය
යුතුය.එකල්හිම රට සමෘද්ධ වේ.තවද ඔහු පරිත්‍යාග හැකියාවෙන් යුක්ත වියයුතුය. රජය සතු
ධනය අවශ්‍ය කල රටවැසියාටද සෙසු රාජ්‍යයන්ටද
දීමේ හැකියාව තිබිය යුතුය.ඔහු සෘජු විය යුතුය. භාහිර බලපෑම් ඉදිරියේ
නොසැලෙන සතර අගතියෙන් අගතියට නොයන්නෙකු විය යුතුය. එසේම මෘදු විය යුතුය. යම් යම්
අවස්ථාවන්හිදී වැදගත් නිලධාරියකු අතින් වරදක් වූ විට හෝ එබඳු කවර හෝ අවස්ථාවකදී
මෘදු විය යුතුය. වරදට සමාවදී නිවැරදි වීමට ඉඩ දී නිවැරදි නොවේනම් දඬුවම් දීම කරන
තුරු මෘදු විය යුතුය. තවද ඔහු කෙලෙස් බරිත වූවකු නොවිය යුතුය. කෙලෙස් තවන ගති ඇති
දැහැමි දිවි ඇත්තකු විය යුතුය. ක්‍රෝධ නොකරන්නෙකු විය යුතුය. නිතර නිතර කිපෙන
බැඳගත් වෛර ඇත්තකු නොවිය යුතුය. අවිහිංසාවාදී විය යුතුය. සතුරාටවත් හිංසා නොකරන
සියලු සතුන් කෙරෙහි දයාව කරුණාව ඇත්තකු විය යුතුය. ඉවසීම ඇත්තකු විය යුතුය. කරදර
බාධක විපත් ආදියේදී කම්පා නොවන ඉවසීම ඇත්තෙකු විය යුතුය. අවිරෝධී විය යුතුය.
විරුද්ධවාදීන් හා ගැටීමට නොයන මැදහත් අයකු විය යුතුය. එබන්දෙකුම රටක ප්‍රධානියා විය යුතුය. අනෙකෙකු නොවිය
යුතුය. මෙලෙසට අධ්‍යාත්මික ගුණවගාවක් සහිත වූ ද ශ්‍රැතවත් වූද ධාර්මික ප්‍රතිපදාවක්
සහිත භාවයම රාජ්‍ය පාලකයකුට සුදුසු වේ.
මේ දස
රාජධර්මයෙන් යුක්ත වූ ප්‍රධානියා දස සක්විති වත් වූ, “දසකුසල කර්මපථ ධර්මයම
ඇසුරුකොට,ධර්මයටම සත්කාර කරමින්, ගරුකරමින්, බුහුමන් කරමින්, පුදමින්, යටහත් පැවැත්ම සහිතව ධර්මය ධජයක් කොට
කුන්තයක් කොට අධිපති කොට ගෙන පුත්‍රදාරාදී ඇතුළු ජනයා කෙරෙහිද බලකාය කෙරෙහිද, ක්‍ෂත්‍රිය
මහාමාත්‍යාදීන් කෙරෙහිද, බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නිගම් ජනපද වැසියන්
කෙරෙහිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද, මෘගපක්ෂීන් කෙරෙහිද ධාර්මික රැකවරණය
පැවැත්විය යුතුය. රටෙහි අධාර්මික ක්‍රියා නැතිකළ යුතුය. රටෙහි දිළින්දන්ට ධනය දිය
යුතුය. යන ආර්ය සක්විති වත් පිරිය යුතුය.
එනම් රට තුල
සිටින සියලුම ජනයාට බේදයකින් තොරව සැලකීමේ හැකියාවක් තිබිය යුතුය. සරලවම පවසනවා
නම් පක්ෂ, පාට, දුප්පත් පොසොසත්, නාගරික ග්‍රාමීය
යනාදී බෙදීම් ක්‍රමවේදයන්ගෙන් තොරව
සැමට තමාගේ යන හැඟීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතිකර ගැනීමයි. එයම නිවැරදි රාජ්‍ය
පාලන ප්‍රතිපත්තියයි. තවද නොකළයුතු වෙළඳාම් නොකර සිටිය යුතුය.මස් මාංශ වෙළඳාම, අවි
ආයුධ වෙළඳාම, වස විස වෙළඳාම, සත්ව වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම යන වෙළඳාම් තුලින්
ආදායම් ඉපදවීම යනු පරිහානිය පිණිසම මිසෙක අනෙකක් උදෙසා නොපවතින ක්‍රියා වේ.
එබැවින් එම වෙළඳාම තුලින් ආදායම් ඉපදවීම නොකළ යුතුමය.
ඒ ප්‍රධානියා
ප්‍රමුඛ පාලකයෝ, නිතර රැස්වීම, සමගිව රැස්ව සමගිව විසිරයාම හා සියලු කටයුතු සමගිව
කිරීම, නොපැනවූ දේ නොපැනවීම පැනවූ දේ කඩ නොකිරීම පනවන ලද ධර්මයෙහිම පිහිටා කටයුතු
කිරීම, වැඩිමහල්ලන්ට ගරුකිරීම හා ඔවුන්ට ඇහුන්කම් දීම, කුල ස්ත්‍රීන් කෙරෙහි
අධාර්මික ක්‍රියා නොකිරීම, පූජනීය ස්ථානයන් ආරක්ෂා කිරීම, පැවිද්දන් කෙරෙහි දැහැමි
රැකවරණය පැවැත්වීම යන සප්ත අපරිහානි ධර්ම පිළිපැදිය යුතුය.
එනම්
පලිගැනීම්, කුලල් කා ගැනීම් ආදී ප්‍රාථමික ක්‍රියාවන් හි නිරත නොවී පක්ෂ විපක්ෂ
බේදයකින් තොරව සමගිව රැස් විය යුතුය. අනෙකාට මඩ ගැසීම්, පරාජය කිරීම් ආදියෙන් තොරව
රටේ අභිවෘද්ධිය උදෙසා සෘජුව කටයුතු කල
යුතුය. එසේම වෘද්ධ වූ අත්දැකීම් සහිත පාලකයන්ට ඇහුම්කම් දෙමින් වරද නිවරද වටහා
ගනිමින් නිවැරදි විය යුතුය. ස්ත්‍රී වර්ගයා යනු පාලනයකින් යුතුව හැසිරවිය යුතු
පිරිසක් බව වටහා ගනිමින් ඔවුන්ව ධර්මය තුල හසුරුවමින්, ධර්මානුකූල රැකවරණය සලසමින්
කටයුතු කල යුතුය. සියලුම ආගමික සිද්ධස්ථාන සුරැකිය යුතුය. කිසිම හේතුවක් නිසාවෙන්
හෝ අගතිගාමී නොවීය යුතුය. එසේම සියලු ආගමික පූජකයන්ට ධාර්මික ආරක්ෂාව සැලසිය
යුතුය. කිසිවකුට වැඩියෙන් කිසිවකුට අඩුවෙන් යනාදී ලෙස නොකළ යුතුය. කිසිවකුට කිසිදු
අමතර බලයක් නොලැබිය යුතුය. මෙලෙසට වූ අපරිහානි ධර්ම රක්ෂා කිරීම හරහා ඒ රට ධාර්මික
රාජ්‍යයක් වනු නියතය.
මෙලෙසට රාජ්‍ය
පාලනය දැහැමි කරගත හැකි නම් ශාසනාභිවෘද්ධිය නියත වේ. ඒ මෙබදු ක්‍රියාපිලිවෙතක්
අනුගමනය කිරීමටනම් හෙතෙම නිවැරදි බෞද්ධයකු විය යුතු බැවිනි. බුද්ධ ශාසන නොපවතින
කල්හි ද මෙබඳු රජවරුන් බිහිවන්නේ ධර්මනුකූලවම පිළිපැදීම තුලින්මය. ඉදින් බුද්ධ
ශාසනයක් පවතින කාලයක ධර්මානුකූල වීම යනු තෙරුවන් සරණ යාමම බැවින් ඉහත පරිදි කටයුතු
කරන තැනැත්තා සැබෑ බෞද්ධයෙකි. එලෙස සැබෑ බෞද්ධයකු රාජ්‍ය පාලනය කරයි නම් කිසිදු
අකාරයකින් වත් ආගමික ගැටුම් හටනොගැනීම ස්ථිර වන්නකි. හටගත්තේද නිවැරදිවම විසඳීමටද
හැකිය. එබැවින් වර්තමානයේ බුද්ධ ශාසනය හමුවේ පවතින්නාවූ ගැටළු විසඳාගැනීම උදෙසා කල
යුතු කටයුතු අතර රාජ්‍ය පාලකයා ධාර්මික කරගැනීමද කල යුතු කරුණකි.
ඉදින් අප
මෙසේ සම්බුද්ධ ශාසනය සුරැකීම සඳහා කල යුත්තේ කුමක්ද යන්න පිළිබඳව න්‍යායාත්මක මග
පෙන්වීමක් ලබා දුනිමු. එය නම්
·
පැවිද්දා බුද්ධ වචනය අනුව කටයුතු කල යුතුයි.
·
ගිහියා ප්‍රතිපත්ති ගරුක කල යුතුයි.
·
අධ්‍යාපන ක්‍රමය දේශීය චින්තනයට අනුකූල කල යුතුයි.
·
පාලකයා දසරාජධර්මයෙන් රාජ්‍ය පාලනය කල යුතුයි.
යන
පිළිවෙතයි.
එහිදී
පැවිදි පාර්ශවය නිවැරදි නොමැතිනම් කිසිවක් කල නොහැකි බැවින් පළමුකොටම එය නිවැරදි
කල යුතුය. පැවිද්දා ගිහියා උපනිශ්‍රය කොට දිවිපවත්නා බැවින් ගිහියාද ධාර්මික කල
යුතුය. අධ්‍යාපන ක්‍රමය නිවැරදි කල යුත්තේ ආකල්ප නිවැරදිව තබා ගැනිමටයි. සියල්ල
මනා පාලනයක පවත්වා ගැනීම උදෙසා රාජ්‍ය පාලනය ධර්මානුකූල කල යුතුය. මේ මූලික
පිළිවෙත ඔස්සේ පුළුල්ව හා සංකීර්ණව ක්‍රියාත්මක විය යුතුය. මෙසේ මේ ප්‍රතිපත්තිය
තුල කැපවීමෙන් කටයුතු කරයි නම් ශාසනාර්බුධ විසඳීම බැරෑරුම් නොවේය. එබැවින් ශාසන
මාමක කවරෙකු හෝ සිටියි නම් මේ පිළිවෙත තුල පිහිටා සිට කටයුතු කිරීම සාර්ථක බව අපගේ
හැඟීමයි. එසේ කිරීමට සියල්ලෝ උත්සාහවත් වෙත්වා...!!!
අපගේ
පිළිවෙත පිළිබඳව ඔබගේ අදහස් අගය කරමු. පහත ලිපිනය හරහා ඔබගේ අදහස් උදහස් යෝජනා
චෝදනා යොමුකරන මෙන් ඉල්ලා සිටිමු.
කරුණාකර මෙහි සදහන් තොරතුරු යාවත්කාලීන කරන්න. මහින්ද මහ රහතන්වහන්සේට ප්‍රථම ලක්දිව බුදුදහම තිබූ බවට ඕනෑතරම් සාක්ශි සාදක මේ වන විට ලැබී අවසන්. යල්පැන ගිය අදහස් තව තවත් ඉදිරියට යාමෙන් සමාජය එකතැනම පල් වීමක් වෙයි.
ReplyDelete