අද ලෝකය අධර්මයෙන් වැහිලා පවතින අතරේ තමයි බුද්ධ ශාසනය මේ විදිහට හෝ පවතින්නේ. ඒ අධර්මය වටෙන්ම වටවෙලා ධර්මයට පහර දෙන අතරේ පුලු පුලුවන් අය ලෝකයෙන් මුදවන මෙහෙයුමක් තමයි අද සිද්ධ වෙන්නෙ.
ඉතිං මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි කර දෙන්නම්. නැගල ලෝකයෙන් පැනල යන්න.
ඒ ලෝකයෙන් පැනල යන්න තියෙන මාර්ගයට බාධා කරන කටු අකුල් වගා කීරීම, මාර්ගය වැසීම, මාර්ගයේ යන අය පැටලවීම වගේ අකටයුතු කම් තමයි ඔය මීවනපලානෙ, වරහක, වලස්මුල්ලේ අභය, හඳපාන්ගොඩ නිවාතාප, රතුපස්කැටියේ විමුක්තිරතන කියන නිරුක්තිකාර නඩ වලින් සහ පිටිදූවේ සිරිධම්ම, තිත්තගල්ලේ ආනන්දසිරි වගේ අය විසින් සිදු කරන්නේ.
ඕක එන්න පටන් ගද්දිම කියුවට ඇහුවෙ නැහැනෙ. දැන් උඩු දුවල තියෙද්දි වත් වටහාගෙන ඒ අමාර්ගයන්ගෙන් මිදෙන්න ඕනි. ඔබ පමණක් නොවෙයි මාර්ගය වහන හැමෝමත් නිවන් දකින්න ඕනි.
"සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" කියද්දි මීවනයි වහරකයි පිටිදූවෙයි... විතරක් අතහැරෙන්නේ නැහැ. එයාලත් නිවන් දකින්න ඕනි.
පිටිදූවේ අසරණයා හැබෑවටම නිවන් දැක්කා නම් බඩ වෙනුවෙන් මෙච්චර නාඩගං නටන්න ඕන වෙන්නෙ නැහැනෙ. දුකින් නිදහස්නෙ.
ඒ මිනිහා දුකින් මිදිල නැති නිසානෙ වවාගෙන කන්න යන්නෙ 🫣🫣🫣
මීවනයි වහරකයි පාලි ඉගෙනගෙන තිබුණා නම් අනේ ඒ මිනිස්සු දෙන්නත් අද සුවෙන්නෙ.
ඒ නිසා සිලබස් එකට පාලි හා ත්‍රිපිටකය අනිවාර්ය කරන්නත් මං යෝජනා කරනවා.
ඒ මොක නමුත් ඔය වැදි බණ අහපු අයට කියන්න තියෙන්නෙ ඔය නිවන් මග නොවෙයි. මේකයි නිවන් මග. සීල සමාධි ප්‍රඥා තමයි නිවන් මග.
නෑ කියන එකෙක් හරි ඉන්නවා නම්
"එව බලව."