තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේදී විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අසම සම පාරමිතා සපුරා බුද්ධත්වයට පත්වුයේ සකල ලෝ වැසි සියලු සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙනි. ඒ කරුණාවේ උපරිමයෙන් යුතුව ධර්මය දේශනා කරන සේක. එසේ ධර්මය දේශනා කරනු ලබන්නේ සත්වයා සසර දුකින් එතෙරවේවා යන අධ්‍යාශයෙන් යුතුවය. එසේ වූ ධර්මය අමිල වූ නිර්වාණය ශාක්ෂාත් කරන බැවින් අමිල වේ.
ඒ අමිල වූ ධර්මය අවභාවිතයේ යෙදවීම හෙවත් නිර්වාණය උදෙසා දේශනා කල ධර්මය ලෞකිකත්වය උදෙසා භාවිතා කිරීම පිලිබඳ උපමාවක් බුදුරජාණන්වහන්සේම සපයා ඇත. එය නම් මහා සුපින ජාතකයෙහි දැක්වෙන දහසක් වටිනා සඳුන් අරටුව කුණුමෝරු වලට විකිණීමයි.
සඳුන් ඉතා අගනේය. ඉතා සුවඳවත්ය. දුර්ලභය. බොහෝ රෝගයන්ට ගුණ දෙන දිව
ඔසුවකි. එබැවින්ම මහෝෂධ පණ්ඩිතයන් උපදින කල්හි සක්දෙවි රජු අතෙහි සඳුන්
ගැටයක් තැබීමෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් එබඳු උතුම් වස්තුවක් කුණුමෝරු
(පිළුණු වූ දියකරගත් මිදුණු කිරි) විකිණීම මහත් අලාභයකි. මුග්ධ
ක්‍රියාවකි.එනමුත් එබන්දක් වත්මනෙහි සිදුවෙමින් පවතී.
බුද්ධ දේශනාව ඇත්තේ සසර දුකින් එතෙරවීමටය. මලගිය උන් සැනසීමට නොවේය. එනමුත් අද ව්‍යාපාරික මාධ්‍ය ආයතන (රේඩියෝ ටීවී කඩකාරයන්) ධර්මය අමු අමුවේ විකුණාගෙන කමින් සිටියි. අහවලාගේ මලගිය උන්ට පින් තකා ධර්ම දේශනාව ප්‍රචාරය කරවනවාය, අහවලාගේ අපල දුරුවීමට බණ කියවනවාය, අහවලාගේ අහවල් කටයුත්ත සාර්ථක වීමට බණ කියවනවාය ..... යනාදී ලෙස විවිධ විවිධ අරමුණු ඔස්සේ බණ කියවන්නේය.
ධර්ම ප්‍රචාරය උතුම්ය. නමුත් අරමුණ සලකා බැලිය යුතුය.
අද බොහෝ ධර්ම දේශනා පවත්වන්නේ ඉහත අරමුණ ඔස්සේය. එසේම එකී ධර්ම දේශනා පවත්වන දේශකයාණන් වහන්සේලා ද බණ කියන්නේ ගිහියා සැනසීමටය. ඛේදවාචකය එයම වේ. එකී ඉල්ලුම අනුව සැපයුම ක්‍රියාවලිය ඔස්සේ යමින් ලෞකිකත්වය උදෙසා බණ කියනවා මිසෙක ධර්ම ස්වාමි වූ බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාශය මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසීමක් නැත. ධර්ම චක්‍රය අනුපැවත්වීමක් නැත.
නිර්වාණය නම් උතුම් අරමුණ ඉවත දමා ලෞකිකත්වය නම් වූ හීන ග්‍රාමය පෘතජ්ජනික අනාර්ය කටයුතු උදෙසා දහසක් වටිනා සඳුන් අරටු කුණුමෝරු වලට විකුණාගෙන කන රටකට කෙසේනම් යහපතක් වන්නේද?

No comments:
Post a Comment