Tuesday, April 23, 2019

ඉස්ලාමික නැගිටීම හමුවේ ආරක්ෂා වන අයුරු.

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං - ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ - න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී

ධර්මය ධර්මය තුල හැසිරෙන පුද්ගලයාව ආරක්ෂා කරයි. මනාව පුරුදු කල ධර්මය සැප ගෙනදෙයි. මනාව පුරුදු කල ධර්මයෙහි ඒ ආනිසංස ඇත. ධර්මය තුල හැසිරෙන පුද්ගලයා දුගතියට නොයයි.

ලොව ඇති කිසිදු අනතුරකින් මිදීමට ධර්මය හැර අන් පිළිසරණක් නැත. එකම පිහිට ධර්මයම පමණි.

වත්මන් අනතුර රට ජාතිය හමුවේ ඇති බව අපද ඇතුලුව බොහෝ දෙනා පෙන්වා දෙන ලදි. ඒ සියල්ලෝම ජාතිවාදීන් ලෙස හංවඩු ගැසූ අයවලුන්ට එහි සත්‍යතාව ඇස් පනාපිට දැකිය හැකියි.

එය එසේ තිබේවා. අසරණ ජනයා දුකින් මුදවාගැනීමට කල යුතු දේ පෙන්වාදෙනු වස් මෙසේ ලියා තබමු. මෙය ද ඉතා වගකීමෙන් පෙන්වා දෙන අතර කැමති අයට පිළිපැද සුවපත් විය හැකිය. අකමැති අයට දුකට පත්විය හැකිය. තීරණය ඔබ සතුය. පෙන්වාදීම පමණක් අප සතුය.

සත්වයාට ඇති එකම පිහිට නම් ධර්මයයි. එබැවින් ධර්මය තුලින් ශක්තිමත් වන්නේ නම් ආරක්ෂා වීමට අවශ්‍ය වටපිටාව සැකසෙන්නේ. ඒ වටපිටාව මනාව කළමනාකරණය කරගැනීම ද කල යුතුමය.

හැසිරීම කලයුතු ධර්මය නම් කුසල ධර්මය වේ.

පළමුවම පංච සීලය රැකගත යුතුය.

අනතුරුව බුද්ධානුස්සතිය වැඩිය යුතුය.

මේ මූලික ක්රියා දෙක තුලින් පමණක් ම ද ආරක්ෂාව සලසා ගත හැකිය.

ලෝකයේ සීලයම උතුම් වේ. සීලවන්තයාටම සියලු සැනසීම ලැබේ. එබැවින් ආරක්ෂාව උදෙසා පළමුව තමා සිල්වතකු විය යුතුය. එනම් සිල් සමාදන් වීම නොව සීලය ආරක්ෂා කිරීමයි. කායික වාචසික අනාචාරයෙන් වෙන් වීමයි.

අනතුරුව ලෝකයේ අග්‍ර පුද්ගල වූ තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කල යුතුය. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේම දේශනා කල පරිදි "ඉතිපිසො භගවා..." යන ගාථාව මෙනෙහි කිරීමම පමණ වේ. (ධජග්ග සූත්‍රය) තම හැකියාව පරිදි වැඩි කල හැකිය.

උදෑසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රී නින්දට යන තුරු ලැබෙන ලැබෙන සෑම අවස්ථාවකම මෙය කල යුතුය.

යන එන, රැකියා කරන, විවේකීව සිටින සෑම විටම මෙය කල හැකිය.

ආරක්ෂා වනු කැමති නම් එය කල යුතුමය.

මේ සරල කටයුතු දෙක කිරීම තුලින් ස්වකීය ආරක්ෂාව තමන්ට සලසා ගත හැකිය.

ත්රස්ථවාදියාට දෝශාරෝපණය කර පලක් නැත. සර්පයා සර්පයාම බැවිනි.

පාලකයා අදූරදර්ශි බව දැන අනාගතය යහපත් කරගනු වස් බුද්ධිය ද භාවිතා කල යුතුය.

එසේ තම ආරක්ෂාව සලසා ගනිමින්, මතු කල යුතු දේ ද නිවැරදිව සිදු කරමින් අවසානයේ නිවනින් සැනසීම ලගා කරගත යුතුය.

ඒ උදෙසා සැමට තෙරුවන් සරණ වේවා කියා ආශිර්වාද එක් කරනෙමු.

මෙයට

ථේරවාදී ආර්ය එකමුතුව.