Tuesday, December 20, 2016

බුදු දහම හා ඉස්ලාමය.






අද වනවිට ලංකාව තුල බුදු දහමට ඇතිව තිබෙන්නා වූ අන්තරායන් බොහෝ සේ ඉහල ගොස් තිබේ. විශේෂයෙන් ඉස්ලාම් බලපෑම ප්‍රභලව තිබේ. කතෝලික බලපෑමද එසේම තිබේ. එහිදී ඉස්ලාම් අන්තවාදය මගින් බුදු දහම විනාශ කිරීමට විවිධ උපායන් ක්‍රියාත්මක කරනු පෙනේ. විශේෂයෙන් බුදු දහම තුල දැක්වෙන යම් යම් කාරණා පිළිබඳව ධර්මයට විරුද්ධ අදහස් දක්වමින් බුදු දහම සාවද්‍ය බව පෙන්වීමට උත්සහ කරනු පෙනේ. එහිදී ඔවුන් නියත වශයෙන්ම ගනු ලබන්නේ මූලික පදනම නොව අවශේෂ කරුණුය. උදාහරණයක් ලෙස මස් මාංශ අනුභවය වැනි කාරණාවක් බුදු දහම තුල මූලිකත්වය ගනු නොලබන්නකි. එනමුත් අවනී කාරණාවක් ඉස්මතු කරමින් මිත්‍යා මත ගෙතීමට දුර්වල වූ උත්සාහයන් ගනු ලබන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් ඒ ඔවුනට බුදු දහමේ මූලික පදනම සම්බන්ධව සිතීමටවත් නොහැකි බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන කාරණාවයි.

එහිදී බුදු දහමේ පදනම වූ මූලික කාරණා වන්නේ සත් තිස් බෝධිපාක්ෂික ධර්ම වේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංචඉන්ද්‍රිය, පංචබල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන මේ කාරණා පිළිබඳව මතවාද දෙකක් හෝ කිහිපයක් ගොඩනැගීමට හෝ ඇත්තාවූ ධර්මය විකෘති කිරීමට හෝ හැකියාවක් ලොව කිසිවකුට නොමැත. ඉස්ලාමිකයනට ද මෙකී කාරණා පිළිබඳව ස්වල්ප මාත්‍ර හෝ වැටහීමක් නොමැති නිසා මේ පිලිබඳ කිසිවක් කරකියාගත නොහැකි තැන මාංශ අනුභවය වැනි සරල කරණා ඉස්මතු කිරීම සිදු කරයි.

කෙසේ නමුත් බුදු දහමේ පදනම හා ඉස්ලාම් දහමේ පදනම විමසා බලන කල සාවද්‍ය වන්නේ කුමක් ද යන්න මොනවට පැහැදිලි වේ. ඒ උදෙසා මෙසේ විමසා බැලීම වටී.


බුදු දහමේ පදනම.

අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වේ. සළායතන ප්‍රත්‍යයෙන් ඵස්සය වේ. ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනා වේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. භව ප්‍රත්‍යයෙන් ජාති වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වේ. මෙසේ සම්පූර්ණ දුක්කස්ඛන්ධයාගේ හටගැනීම වේ.

අවිද්‍යාවෙහිම ශේෂ නොවූ විරාග වූ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. නාම රූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්සය නිරෝධය වේ. ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරෝධය වේ.

මෙයින් දක්වා තිබෙන්නේ සසර පැවැත්මයි. පංචුපාධානක්ඛන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයෝ අවිද්‍යා තෘෂ්ණාදී ප්‍රත්‍යයෙන් කාම රූප අරූප භවයන්හි ප්‍රතිසන්ධි ගැනීම් වශයෙන් සසර නිර්මාණය වේ. එක් භවයක ප්‍රතිසන්ධිය සමග ජරා මරණාදී දුක්ඛස්කන්ධය උරුම වීම වශයෙන් පීඩාවට පත්වේ. එහිලා පීඩාවක් විඳීමක් මිසෙක විඳින්නෙකු නොමැත. සංස්ඛාර රැස් කිරීමක් මිසෙක රැස් කරන්නකු නොමැත. ඇත්තේ හේතුව හා ඵලය පමණකි.

ඒ හේතු නැවතීම මගින් ඵලය නැවතීම නිසියාකාරව දක්වන්නේ බුදු දහම තුල පමණකි. බුද්ධ දේශනාව ඒ හේතුව හා ඵලය දැක්වීමටත් ඵලය නැති කිරීම දක්වා එයට මග පෙන්වීම උදෙසාත් මිසෙක අන් කිසිවක් උදෙසා නොවේමය. එය වටහා ගැනීමට නම් අසම සම ප්‍රඥාවක් අත්‍යාවශ්‍ය වන අතර ඉස්ලාමිකයන්ට එය ගෑවී හෝ නොමැත. එහිලා ඉස්ලාමිකයන් යනු උප්පත්ති මුසල්මානුවන් නොව ඉස්ලාමය වැළඳ ගන්නා අයවලුන්ද වේ. අන්‍යාගමික දැඩි ලබ්ධිකයන් ද එසේම වේ. ඇතැම් බෞද්ධ නාමිකයන් ද මේ ඝනයෙහි වැටේ.

බුදු දහම මෙසේ කරුණු දක්වන අතරෙහි ඉස්ලාම ආගම තම සදාකාලික සැනසීම නම් වූ ස්වර්ගස්ථ වීම උදෙසා දක්වන මාර්ගය පහත පරිදි වේ.



මුස්ලිම්වරුන් තම ජීවිතය කරුණු 5 ක් මත ගොඩ නගයි.

1. ඇදහිල්ලේ සාක්ෂිය: වෙනත් කිසිම සත්‍ය දෙවි කෙනෙකු නැත අල්ලා පමණයි, මොහොමඩ් අල්ලාගේ පණිවිඩකරුයි (දිවැසිවරයාය).

2. යාච්ඤාව: දිනකට 5 වරක් යාච්ඤා කළ යුතුය.

3. දීම: සෑම කෙනෙකුම අවශ්‍යවූවන්ට දිය යුතුයි. සියල්ල පැමිණෙන්නේ අල්ලාගෙන්ය.

4. උපවාසය: සාමාන්‍ය උපවාසයන්ට වඩා වැඩියෙන් කළ යුතුය. සෑමකෙනෙකුම රාමසාන් උත්සවයට උපවාස කළ යුතුවේ (ඉස්ලාම් දින දර්ශනයේ 9 වැනි මස).

5. හජ්: සෑම කෙනෙකුම තම ජීවිතයේ එක්වරක් හෝ මැකා වලට වන්දනා කිරීමට යායුතුය (ඉස්ලාම් දින දර්ශනයේ 12 වැනි මස).

මෙම කරුණු 5 එක් කීකරු ඉස්ලාමියයෙකුගේ සැලැස්මවේ. වින්‍යානුකුලවූ වචනයෙන්ද පිළිගත් දෙයකි. එක් මුස්ලිම්වරයෙකු පාරාදීසයට ඇතුල්වන්නට මෙම කරුණු 5 ට කීකරුවිය යුතුය.

මෙසේ මේ මාර්ගය අනුගමනය කරමින් අල්ලාහු සමග එක්ව සදාකාලිකවම සැනසීමට පත්විය හැකිය යන උච්චේදවාදය ඉස්ලාමය තුල දක්වයි. එය එසේ වන්නේද කියා විමසා සිටීම වටී.


1. ඇදහිල්ලේ සාක්ෂිය: වෙනත් කිසිම සත්‍ය දෙවි කෙනෙකු නැත අල්ලා පමණයි, මොහොමඩ් අල්ලාගේ පණිවිඩකරුයි (දිවැසිවරයාය).

ක්‍රිස්තියානිය හා ඉස්ලාමය අදහන්නේ එකම සර්වබලධාරී දෙවියන් වේ. දෙකෙහිම ප්‍රභවය යුදෙව් ආගමයි. ඉදින් සිටින්නේ එකම සර්වබලධාරියකු නම් ආගම් දෙකක් අවැසි නැත. ඒ ආගම් දෙකෙන් එකක් එකලාවම සාවද්‍ය විය යුතුය.

එසේම අන්‍ය ආගම් වලද දෙවි වරු සිටිති. එනමුත් ඔවුන් එකම ප්‍රභවයකින් හටගත්තෝ නොවෙති. ඒ ආගම් සත්‍ය නම් ඉස්ලාමය අසත්‍ය වේ. ඉසලාමය සත්‍ය නම් ඒවා අසත්‍ය වේ.

යම් ලෙසකින් ඉස්ලාමය සත්‍ය නම් කතෝලික ආගමද අසත්‍ය වේ. කතෝලික ආගම ද අසත්‍ය නම් යුදෙව් ආගම ද අසත්‍ය වේ. යුදෙව් ආගම ද අසත්‍ය නම් ඉස්ලාමය එකලාවම අසත්‍ය වේ.



2. යාච්ඤාව: දිනකට 5 වරක් යාච්ඤා කළ යුතුය.

කුරණ වාක්‍ය මගින් සිදු කරනු ලබන යාඥාව දෙවියන් වෙත මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගිලක සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් සිදු කරයි. එනමුත් මෙය හුදෙක් මිත්‍යා දෘෂ්ටියේ පිහිටා සිට කරනු ලබන යාඥාවක් බැවින් අර්ථයක් සිදු නොවන අතර අකුසල මූලයක් බැවින් අයහපත් වේ.


3. දීම: සෑම කෙනෙකුම අවශ්‍යවූවන්ට දිය යුතුයි. සියල්ල පැමිණෙන්නේ අල්ලාගෙන්ය.

දීම පිනෙකි. දීම නිසා ලැබෙන්නේය. එනමුත් මේ දීම මිත්‍යාවක් මත පදනම් ව දෙන නිසා පින දුබලය. මිත්‍යාව නම් සියල්ල පැමිණෙන්නේ අල්ලාගෙන්ය යන මතයයි.
සියල්ල පැමිණෙන්නේ අල්ලගෙන් නම් ගොවිතැන් ආදිය කරමින් වෙහෙසිය යුතු නැත. පිගාන මතට බත්ම ලැබිය යුතුය. ඉදින් අල්ලාහු එසේ නොදෙන්නේ නම් ඔහුගේ සර්වබලධාරීත්වය කෑම මේසයට වලංගු නැත.

4. උපවාසය: සාමාන්‍ය උපවාසයන්ට වඩා වැඩියෙන් කළ යුතුය. සෑමකෙනෙකුම රාමසාන් උත්සවයට උපවාස කළ යුතුවේ (ඉස්ලාම් දින දර්ශනයේ 9 වැනි මස).

උපවාසය යනු දවල්ට නොකා රෑට ඇති පදම් දෙසා බෑමය. එනම් රැවටීමය. එය ද අකුසලයකි.


5. හජ්: සෑම කෙනෙකුම තම ජීවිතයේ එක්වරක් හෝ මැකා වලට වන්දනා කිරීමට යායුතුය (ඉස්ලාම් දින දර්ශනයේ 12 වැනි මස).

මක්කම වන්දනාව ඉස්ලාමිකයන්ගේ සිහිනයකි. එනමුත් එය පිනක අහලකවත් නැත්තකි.

අල්ලාහු යනු නිකෙලෙස් අයකු නොවේ. යමෙකු උසස් වන්නේ හෝ පහත් වන්නේ ඔහු තුල ඇති ගුණ ධර්ම නිසාවෙනි. අල්ලාහු තුල එබඳු කරුණා මෛත්‍රී ආදී ගුණ නොමැති නිසා ඔහුට වන්දනා කිරීම අර්ථවත් නොවේ.

මෙහි කිසිවක් නියතවම සිදුවේ යැයි නියමයක් නොමැත. යමෙකු මෙසේ අදහන ලද්දේද ඔවුන්ට සුගතිය දුගතිය තීරණය පිණිස විනිශ්චය දිනය එනතෙක් සිටීමට සිදුවේ. එනම් මෙතෙක් කිසිවෙක් අල්ලාහුගේ මාර්ගය අනුගමනය කිරීම නිසා සදාකාලික නසසීමට පත් වී නොමැත. එනම් එහි ප්‍රතිඵල තවමත් ප්‍රශ්නාර්ථයක් පමණි.

නමුත් බුදුදහමෙහි මාර්ගය අනුගමනය කරන තැනැත්තා මෙලොවදීම එහි ප්‍රතිඵල ලබන්නේය. මාර්ගයෙන් අනතුරුවම ඵල ලබන්නේය. එබවි අකාලික වූ බුදු දහම පරයා යාමට ඵල ලැබෙන තුරු බලාසිටීමට සිදුවන ඉස්ලාමයට කිසිසේත්ම නොහැකි වන්නේමය.

ඉදින් යමෙකු බුදු දහම සාවද්‍යය ඉස්ලාමය නිරවද්‍යය කියා කියන්නේ නම් එය ඔහුගේ අනුවණකමේ ප්‍රතිඵලයක් පමණකි.